අනුර-සුරසේන- Born again කල්ලිය අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු බලෙන් විශ්‍රාම ගැන්වු හැටි! මේ පාදඩකරණයට තවත් ඉඩ දෙමුද?
පසුගියදා විශ්‍රාම ගැන්වු අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හිටපු අගවිනිසුරුවරිය වන ගරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය, විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට උසස් කිරීම සඳහා නිර්දේශ කර සිටි බවත් එම නිර්දේශය තවමත් අතිගරු ජනාධිපති කාර්යාලයේ විභාග වෙමින් පවතින බවත් අනාවරණය වි තිබේ.ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුර හතරක් හිස්ව තිබියදීත් ඔහු පත් නොකර සිටිම හරහා වත්මන් විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග-විනි-සොරු ෆාදර් සුරසේනගේ අධිකරණය පාදඩ කිරිමේ කුමන්ත්‍රණය මැනවින් පැහැදිලි වේ.
ගුරුසිංහ මහතා සිය අධිකරණ ජීවිතය 1996 මාර්තු 5 වන දින ආරම්භ කරන ලද අතර, කොළඹ, නාවලපිටිය, ගම්පොල, අවිස්සාවේල්ල, හලාවත, මාතර, මාතලේ සහ මහනුවර යන නගරවල මහේස්ත්‍රාත් / දිස්ත්‍රික් විනිසුරුවරයෙකු ලෙස සේවය කර ඇත.
ඔහු අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා සහ එක් වරක් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිවරයා ලෙස, වෘත්තීය විනිසුරුවරයෙකු ලෙසද ගුරුසිංහ මහතා කටයුතු කර තිබේ.
අධිකරණ ක්ෂේත්‍රයේ වසර 30 ක සේවා කාලයකින් පසු මේ සතියේ විශ්‍රාම ගිය අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතාට සමුදීම සදහා නීතිඥ සංගමයේ සභාපති රාජිව් අමරසුරිය මහතා නිකුත් කල සමුදිමේ කතාවේ ඒ සම්බන්ධයෙන් සටහනක් තබා තිබේ.
We are aware that the former Chief Justice, Her Ladyship Justice Murdu Fernando, PC, recommended Your Lordship Justice Gurusinghe, for elevation to the Supreme Court. As far as we are aware, that recommendation is still pending at H.E. the President’s Office.
අදාළ පත්කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවස්ථා දෙකකදී ජනාධිපතිතුමාට මතක් කර දී ඇත, නමුත් කිසිදු ප්‍රතිඵලයක් නොවු බවද එහි සදහන් වේ.
ඔබ දැන් විනිසුරු මඩුල්ලෙන් ඉවත් විය හැකි වුවද, වසර ගණනාවක ගෞරවනීය සේවය තුළින් උපයාගත් ගෞරවය සහ සෙනෙහස නිසැකවම පවතිනු ඇති අතර, ඔබගේ ස්වාමිත්වය අපට මග හැරෙනු ඇත. යුක්තිය පසිඳලීම සඳහා ඔබ දැක්වූ දායකත්වය වෙනුවෙන් අපි ඔබගේ මැදිහත් විම ඉතාමත් අවංකවම ස්තූතිවන්ත වන අතර අනාගතය සඳහා ඔබගේ ස්වාමිත්වයට සුභ පතන බවද නීතිඥ සංගමය එම නිවේදනයේ දක්වා තිබේ.
දීර්ඝ, කීර්තිමත් සහ ඉතා ගෞරවනීය අධිකරණ වෘත්තියක් අවසන් කිරීමෙන් පසු, ඔබේ ස්වාමිත්වයේ විනිසුරු ගුරුසිංහ මහතාට සමුදීමට නීතිඥවරුන් වන අපි අද මෙහි රැස්වන්නේ ගැඹුරු ආඩම්බරයකින් සහ දුකකින් බවද එම නිවේදනයේ සදහන් කර තිබේ.
අනුර-සුරසේන- Born again කල්ලියේ අධිකරණය පාදඩකරණය!
අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ, 2026 සැප්තැම්බර් 1 වැනිදා වයස අවුරුදු 63 සම්පූර්ණ වීම නිසා අභියාචනාධිකරණ විනිසුරු ධුරයෙන් විශ්‍රාම ලැබු අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට උසස්කිරීම සඳහා නම් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. එහෙත්, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා, ගුරුසිංහ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් සඳහා නම් කළේ නැත.ඒ තමන්ට සහ තමන් සමග හොරකමේ යෙදෙන සුරසේනට ඇති පක්ෂපාතීත්වය නිසා බව දැන් තහවුරුය.
22 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන් එමේ ක්‍රියාවලිය ආරම්භයේ සිට අද (02) කඩිනමින් කතානායකවරයාට සිය රහසිගත තීන්දුව යැවිම දක්වා වු සමස්ත ක්‍රියාවලිය පුරාම රාජ්‍ය පාලකයා සහ වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අතර ඇති ලබැදියාව දකින්නට තිබු අතර 22 එරෙහිව පෙත්සම් විභාග කිරිම සදහා විනිසුරු මඩුල්ල පත් කිරිම, දින 14ක කාලය අවසන් විමට පෙර පෙත්සම් සලකා බැලිම,එපමණක් නොව පෙත්සම් සලකා බැලිමේ ක්‍රියාවලිය තුල සමස්ත හැසිරිම තුල මෙම ලබැදියාව දක්නට තිබු බව නොරහසකි.
ඒ සියල්ලම් පසුපස තිබුනේ 2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියනයක වන්දි මුදලට සුරසේන සහ අනුර හරස් විමත් ඒ හරහා කප්පම් ලබාගැනිමත් බව දැන් තහවුරු වෙමින් තිබේ.ඊට අතරව ඉදිරියේදි සිය අභිමතය පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගනිමින් බලයේ සිටිමට අනුර ගන්නා උත්සහයට අධිකරණය පාදඩ කරණය කිරිම මේ හරහා ආරම්භ කර තිබෙන බව් පැහැදිලිය.
දැන් සටන ඇත්තේ ජනතාව සහ මේ පාදඩ කරණයට එරෙහිවය ඒ සදහා ජනතාව එකරාශී විය යුතුය. සටන් කලයුතුය, නැතහොත් අනුරගේ පාදඩකරණය ඔබගේ දොරටද තට්ටු කරනතුරු නිහඩව සිටිය යුතුය.තොරා ගැනිම ඔබගේ කැමැත්තය.
