September 19, 2026

Gen Z පරපුර මෙවැනි ක්‍රියා දෙස බලන්නේ දැඩි හිරිකිතියකින්! නාමල් වෙනුවෙන් UNPය සටනට!

0
UNP_RW_NAML

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම උදුරා ගැනීම නූතන ශිෂ්ඨ සම්පන්න සමාජය කිසිලෙසකින්වත් අනුමත නොකරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකිමින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ නූතන Gen Z පරපුර මෙවැනි ක්‍රියා දෙස බලන්නේ දැඩි හිරිකිතියකින් බවයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකී.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අන්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ප්‍රධානත්වයෙන් මේ මස 12 වැනි දින අනුරාධපුර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනතා රැලිය කඩාකප්පල් කිරීමට බව ඉතාම පැහැදිලිය.

ජාතික ජන බලවේගය (මාලිමාව) නායක අනුර කුමාර දිසානායක මහතාට රට වටා ගොස් රැස්වීම් පැවැත්වීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිනිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ද තිබෙන බව පිළිගත යුතුය. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම උදුරා ගැනීම නූතන ශිෂ්ඨ සම්පන්න සමාජය කිසිලෙසකින්වත් අනුමතනොකරයි. විශේෂයෙන්ම නූතන Gen Z පරපුර මෙවැනි ක්‍රියා දෙස බලන්නේ දැඩි හිරිකිතියකිනි.

මාලිමා ආණ්ඩුවේ මෙවැනි ක්‍රියා මගින් දිනෙන් දින පිරිහෙන ජනතා සහාය හමුවේ රජය වඩාත් අසරණ වීමද පෙන්නුම් කරයි. අත්අඩංගුවට ගැනීම් තුළින් ජනතා නායකයින්ට තිබෙන ප්‍රසාදය නැති කළ නොහැකි බව රජයට දැඩිව අවධාරණය කර සිටිමු.

මාධ්‍ය අංශය

එක්සත් ජාතික පක්ෂය

2026 සැප්තැම්බර් 04

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed