ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මල්කාන්තිගේ කොලම් මඩුවක් වෙයි! පලි ගැනිම් ඉවරයක් නෑ! විජිත උබ බුදිද බං!
Sri Lanka Tourism Development Authority (ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ) (SLTDA) අධ්‍යක්ෂ ජනරාල් Malkanthi Rajapaksha (මල්කාන්ති රාජපක්ෂ)ගේ පෞද්ගලික පලිගැනීම් හා බලපෑම් සම්බන්ධ චෝදනා දැඩි අයුරින් මතුව ඇති අතර, එයට විරුද්ධව කතා කළ නිළධාරීන්ට හදිසි සේවා මාරුවීම් සිදුකර ඇති බව අධිකාරියේ අභ්‍යන්තර මූලාශ්‍ර පවසයි.
දක්ෂ නිළධාරීන්ට පීඩනය – හදිසි සේවා මාරුවීම්
පසුගිය වසර දෙකක කාලය තුළ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අධික පීඩනයට ලක්වූ, අසාධාරණයට විරුද්ධව විනයානුකූලව කතා කළ හා වෘත්තීය වගකීම් ඉටුකිරීම අවහිර කිරීම්වලට එරෙහිව සිටි නිළධාරීන් කිහිපදෙනෙකු ඊයේ දිනයේ හදිසි සේවා මාරුවීම් ලිපි ලබාදි තිබේ.
මෙම ලිපිවලට අත්සන් තබා ඇත්තේ පත්කිරීමෙන් දින 10ක් පමණ ගතවූ නව සභාපති Suranjith Wevita (සුරංජිත් වෑවිට)ය. ඔහු අධිකාරියේ අංශවල වත්මන් කාර්යභාර, නිළධාරීන්ගේ වගකීම් හෝ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳ කිසිදු දැනුමක් නොමැති අතර, පත්වීමෙන් පසු කාර්ය මණ්ඩලය සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවා නොපවත්ව ඇති බවද මූලාශ්‍ර කියයි.
පලිගැනීම් චෝදනා – අධ්‍යක්ෂ මණ්ඩලයේ බලපෑම්
මෙම සේවා මාරුවීම් සිදුකර ඇත්තේ මල්කාන්ති රාජපක්ෂගේ පෞද්ගලික පලිගැනීමක් ලෙස බව අධිකාරියේ අභ්‍යන්තර පිරිස පවසයි. ඇය සමඟ සම්බන්ධ අධ්‍යක්ෂ ඇන්ටන් දිලේෂ්, සින්නරාසන් දදීපන් සහ සාන්තකුමාර් සුභනේෂ් යන සංවර්ධන අධ්‍යක්ෂවරුන්ගේ බලපෑම්ද මෙයට සම්බන්ධ බවත්, මානව සම්පත් අංශයේ නිළධාරීන් කිහිපදෙනෙකුගේ සහයද තිබූ බවත් සඳහන් වේ.
හිටපු සභාපති බුද්ධික හේවාවසම් ඉවත් කිරීම – දේශපාලන බලපෑම්?
මෙම පලිගැනීම් ක්‍රියාවලිය පෙර සිටම සිදුකිරීමට උත්සාහ කළද, හිටපු සභාපති බුද්ධික හේවාවසම්ගේ වෘත්තීය දැක්ම නිසා එය සම්පූර්ණ කළ නොහැකි වූ බව මූලාශ්‍ර කියයි.
මල්කාන්තිගේ දේශපාලන සම්බන්ධතා භාවිතා කරමින්, ඇමති විජිත හේරත්ගේ බලපෑමෙන් බුද්ධික හේවාවසම් ඉවත් කර, සංචාරක මගපෙන්න්නෙකු හා කිරි ගොවියෙකු ලෙස හැඳින්වෙන සුරංජිත් වෑවිට සභාපති ලෙස පත්කිරීම, මෙම පලිගැනීම් ක්‍රියාවලිය ඉටුකිරීමට වූ උත්සාහයක් ලෙස දැන් පැහැදිලි වී ඇත.
අධිකාරියේ ස්වාධීනත්වය හා වෘත්තීය පරිසරය පිළිබඳ ගැටළු
අධිකාරියේ නිළධාරීන් පවසන්නේ, මෙම පීඩන ක්‍රියාවලිය SLTDA තුළ වෘත්තීය ස්වාධීනත්වය හා සුරක්ෂිත සේවා පරිසරය බරපතල ලෙස අභියෝගයට ලක්කර ඇති බවයි. අධිකාරියේ අභ්‍යන්තර පාලනය, දේශපාලන බලපෑම්, සහ පෞද්ගලික පලිගැනීම් සම්බන්ධ චෝදනා පිළිබඳව වහාම නිල පරීක්ෂණයක් අවශ්‍ය බවද ඔවුන් අවධාරණය කරති.
එසේ පලිගැනීමට ලක්වූ පිරිස පහත පරිදි වේ.
- අභ්‍යන්තර විඝනක, කාර්ති නහීම් මිය
- නියෝජ්‍ය අධ්‍යක්ෂ- අයෝජක සබදතා ඒකකය, භාග්‍යා මහවිතානගේ,
- නියෝජ්‍ය අධ්‍යක්ෂ- ප්‍රමිති හා තත්ව ආරක්ෂණ, වරලත් සැලසුමි ශිල්පී අනුප රණවීර
- සහකාර අධ්‍යක්ෂ සැලසුම්, අසේල මෙන්ඩිස්
- සහකාර අධ්‍යක්ෂ බෙන්තොට නිකේතන පාලන චූලා ද සිල්වා
- කණිෂ්ඨ කළමනාකාර/ සභාපතිතුමාගේ ලේකම්- සුභාෂිනී මාපා
- කණිෂ්ඨ කළමනාකාර-ප්‍රසම්පාදන රූපිකා ඹ්ව්ට්පාන
- සැලසුම් හා සංවර්ධන කණිෂ්ඨ කළමණාකාර, – චම්පා වෛද්‍යතිලක,
ඉහත මාරුවීම් වලට අමතරව සංචර්ධන හා සැලසුම් අංශය යටතේ තිබූ ආයෝජක සබදතා ඒකකය එයින් ඉවත්කර ප්‍රමිති හා තත්ත්ව ආරක්ෂන අංශය යටතට පත් කර එහි සිටින නියෝජ්‍ය අධ්‍යක්ෂ සුරංග ලියනපතිරන ආයෝජක සබදතා අංශයේ වැඩ බැලීමට පත්කර ඇත.
ඔහු දැනට ප්‍රම්ති අංශයේ හෝටල් වලට තරු ලබාදීමේ කම්ටුවේ ලේකම් වශයෙන් විශේෂ දීමනා ලබමින් කටයුතු කරන බැවින් එම වරප්‍රසාදද තමා වෙත තබාගනිමින් නව අංශයේද වැඩබලන බව සැලයි.
ඔහුගේ බිරිද අධිකාරියේ මානව සම්පත් අංශයේ සහකාර අධ්‍යක්ෂිකාව වනවා මෙන්ම මල්කාන්ති විසින් ‘පූර්ණි’ යන සුරතල් නාමයෙන් හදුන්වනු ලබන ඇයට අවනත සහායිකාවක් වීම මගින් තම ස්වාමිපුරුෂයාට උපරිම වරප්‍රසාද ලබාගැනීමට අවස්තාව මලිකාන්ති මගින් සලස්වා ගනු ලබයි.
ඉහත මාරුවීම් ජවනිකාව මෙතෙකින් අවසන් නොවන අතර මෙහි අවසාන අරමුණ වී ඇත්තේ සාක්ෂි සහිතව මූල්‍ය අල්ලස් ලබාගෙන අයෝජන අංශයෙන් ඉවත්කර සැලසුම් අංශයේ සේවයේ යොදවා ඇති සාන්තකුමාර් සුභනේෂ්, මේ වන විට මල්කාන්තිට ඉතාසමීප ඇගෑලුම්කම් දක්වන ඇගේ හිත දිනාගත් අයකු බැවින් ඔහු නැවත එම ආයෝජන අංශයේ පිහිටුවීමත් ඇගේ අනෙකුත් සුරතල් නිළධාරීන් වන ඇන්ටන් දිලේෂ් හා සින්නරාසන් දදීපන් වෙත වඩාත් වරප්‍රසාද ඇති අංශ වල අධ්‍යක්ෂවරුන් කිරීමත්ය.ඉදිරියේදි මෙම මාරුවීම් සහ උසස් වීම් ලබා දීම මනාව සූක්ෂමව සැලසුම්කර ඇත
