CPC ඉන්ධන සහනාධාරය අවසන්! විදුලි ගාස්තු යළි ඉහළට!
විදුලි ගාස්තු යළි ඉහළ යාමේ අවදානම තවත් තීව්‍ර වෙමින් තිබේ.ඊට ආසනතම හේතුව වි ඇත්තේ CPC ඉන්ධන සහනාධාරය නතර කිරිමය.ඒ අනුව විදුලි උත්පාදනය සඳහා ලබාදුන් ඉන්ධන සහනාධාරය අවසන් කිරීමත්, Naphtha සහ Heavy Fuel Oil (HFO) මිල වැඩි කිරීමත් හේතුවෙන් ඉදිරියේදී විදුලි ගාස්තු යළි ඉහළ යාමේ දැඩි අවදානමක් මතුව තිබේ.
ඉන්ධන මිල වැඩිවීම
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින්
HFO ලීටරයක මිල රු. 210 → 248
Naphtha ලීටරයක මිල රු. 174 → 210 ලෙස වැඩි කර ඇත.
CPC පවසන්නේ, විදුලි ගාස්තු ස්ථාවරව තබා ගැනීම සඳහා පෙර මාස 3ක කාලයක් ඉන්ධන අඩු මිලට විදුලි බලශක්ති අංශයට ලබාදුන් බවත්, එම කාලය අවසන් වූ නිසා සැබෑ වෙළඳපොළ මිලට යළි සමාන කළ බවත්ය.
තාප බලාගාරවල පිරිවැය ඉහළ යයි
මෙම මිල වැඩිවීමෙන් Kelanitissa, Sapugaskanda, Yugadanavi වැනි තාප විදුලි බලාගාරවල නිෂ්පාදන පිරිවැය සෘජුවම ඉහළ යන බව විදුලි පද්ධති මෙහෙයුම්කරු (NSO) පවසයි. Kelanitissa බලාගාරය Naphtha මත, Sapugaskanda සහ Yugadanavi HFO මත වැඩි වශයෙන් රඳා පවතින බැවින් පිරිවැය ඉහළ යාම අත්‍යවශ්‍යය.
ගාස්තු සංශෝධනය සැප්තැම්බර් 04 දා
ඔක්තෝබර්–දෙසැම්බර් කාර්තුව සඳහා ගාස්තු සංශෝධන යෝජනාව සැප්තැම්බර් 04 දා මහජන උපයෝගිතා කොමිසම (PUCSL) වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. NSO සභාපති ප්‍රදීප් පෙරේරා පවසන්නේ, ඉන්ධන මිල ඉහළ යාම නිසා ගාස්තු සංශෝධනයේදී මෙම පිරිවැය වැඩිවීම සලකා බැලිය යුතු බවයි.
CPC සහනාධාරය අවසන් වීමත්, ඉන්ධන මිල 20% පමණ ඉහළ යාමත් නිසා විදුලි ගාස්තු යළි ඉහළ යාම කොපමණ ප්‍රමාණයක් වේවිද?
