කෙලවරක් නැතුව කෙලවෙන ශ්‍රි ලංකා ක්‍රිකට්! “Born Again” ආගමික කල්ලියට තවත් ඉඩ දෙමුද?
අපි ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය දෙස ඉතා විමසිල්ලෙන් බලාසිටිනවා. පසුගිය මාස 4 වුරාම “පරිවර්තනය” කමිටුව නමින් පත්කල අතුරු කමිටුවට සිය දක්ෂතා පෙන්නන්න යම් කාලයක් දිය යුතු බව අප විශ්වාස කලා
මාස 4ක් කියන්නෙ වසරකින් තුනෙන් එකක්. සියල්ල කනපිට ගැසිය නොහැකි උනත් එම කමිටුව ගැන සමාජයට පෙන්වූ චිත්‍රය මත මාස 4ක් යනු ලොකු කාලයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති අගාධයෙන් ගොඩගෙන, විනිවිදභාවයෙන් යුතු පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමේ උතුම් අරමුණින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද්දේ ‘ක්‍රිකට් පරිවර්තන කමිටුවයි’. එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව දෙස බහුතරයක් ක්‍රීඩා ලෝලීන් බලා සිටියේ මහත් බලාපොරොත්තු සහිතවය. නමුත් අද වන විට පැහැදිලි වන්නේ ඒ සියලු බලාපොරොත්තු හුදු හිස් පුස්සක් බවට පත්වෙමින් තිබෙන බවයි.
අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සහ සංයුතිය සහ ඔවුන් නිරතවන ක්‍රීඩා රටාව දෙස බැලූවිට ඇත්තේ කණගාටුව මුසු කලකිරීමක්.
තේරීම් කමිටුව යලි යලිත් ප්ලේයර්ස් මැනේජර්ලාගෙ සුරතලුන් බවට පත්ව තිබෙනවා. එන් එස් එල් සහ ප්‍රිමියර් තරගාවලි වල මුල් හත්දෙනා අතරවත් නොසිටි නිරෝෂන් දික්වැල්ල එකොලොස් දෙනා අතරට එන්නෙ එහෙමයි.
පරිවර්තන කමිටුවක් ක්‍රිකට් වෙනුවෙන් පත් කරන ලද්දේ ක්‍රීඩා ඇමතිවරයාට අවශ්‍ය නිසා නොව කෙළින්ම ජනාධිපතිවරයා ඒ සඳහා මැදිහත් වීම නිසා බව ප්‍රසිද්ධ රහසක්. එසේ නොමැති නම් පරිවර්තන කමිටුවේ සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න වැනි අයකු කිසිවිටෙක පත් නොවන බව කිව යුතුයි.
ක්‍රීඩා ඇමතිවරයාගේ බෙබේ සගයන් පරිවර්තන කමිටුවට ඔබා ගන්නට ක්‍රීඩා ඇමති පතෝල කුමාර ගමගේට නොහැකි වූයේද ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම නිසයි.
එහෙත් ජනාධිපතිවරයා විසින් බලාපොරොත්තු වූ සැබෑ පරිවර්තනයක් මෙතෙක් ඉටු කරන්නට ඉරාන් වික්‍රමරත්න හා ඔහුගේ කමිටුව මෙතෙක් සමත්ව නැති බව සැබෑ ක්‍රිකට් ප්‍රේමීන්ගේ මතය වී තිබෙනවා.
මෙය මැනවින් ඔප්පු වන්නේ අනිල් මොහාන්ගේ ලංකා ප්‍රිමියර් ලීගය තුළ ඉරාන් ප්‍රමුඛ පරිවර්තන කමිටුවත් ක්‍රීඩා ඇමතිවරයාත් කටයුතු කළ ආකාරය නිසයි.
මෙම ලීගය ලංකාවේ ප්‍රසිද්ධ වී ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීගය ලෙස නොව ලංකා බෙටින්ග් ලීගය ලෙසයි. LPL “Lanka Betting League”
සෑම තරගාවලියකදීම පාහේ කණ්ඩායම් හිමිකරුවකු තරග පාවා දීමේ සිද්ධියකට හසුවන ලෝකයේ එකම ප්‍රිමියර් ලීගය වන මෙහි අනිල් මොහාන් හා ක්‍රිකට් ආයතනය අතර වන මුදල් ගනුදෙනුව අනිවාර්යයෙන් විගණනයට භාජනය විය යුත්තක්.
පරිවර්තන කමිටුව විසින් කළ යුතුව තිබුණේ අනිල් මොහාන්ගේ ගනුදෙනු ගැන සොයා බැලීමට වහා වෝහාරික විගණනයක් පැවැත්වීම වුවත් ඉරාන්ලා කළේ ෂම්මිලාටත් එහා ගොස් මෙම ලීගයේදී අනිල් මොහාන්ගේ කරේ අත දමා ගැනීමයි.
අවසන් තරගයේ හැර අනික් තරග සියල්ල පැවැත්වුණේ හිස් ප්‍රේක්ෂකාගාර වල වන අතර සුපිරි විදෙස් ක්‍රීඩකයන් නොමැති කමින් කිසිම තරගකාරී හෝ උසස් බවක් නොවූ මෙම තරගාවලියේ සමාරම්භක හා අවසන් කිරීමේ අවස්ථාවලට ඉරාන් හා සිදත් සහභාගි වුණේ අනිල් මොහාන්ගේ ගජ මිතුරන් ලෙසයි.
අවසන් තරගයේ ප්‍රේක්ෂකාගාර වල වැඩි හරියක් සිටියේ නොමිලේ බෙදා දුන් ටිකට් වලින් පැමිණි අයයි.
ෂම්මිලා විසින් පත් කරන ලද තරගාවලි අධ්‍යක්ෂ වරයා වූ සමන්ත දොඩන්වෙලගේ පත්වීම ඉරාන්ලාද අනුමත කිරීම පිටුපස ඇත්තේද වෙනත් කතන්දරයක් බව කියවෙනවා.ඒ සමන්ත දොඩන්වෙල පාලනය කරන්නේ ඉරාන්ගේ තේ සමාගමක් බවට ඇති පුවතයි.
මේ අතර ක්‍රීඩා ඇමතිවරයාද මේ ලීගය ගැන ප්‍රකාශයක් කරමින් කීවේ ක්‍රිකට් යනු බැටින්ග් ක්‍රීඩාවක් බවයි.
ඔහුගේ මේ කතාව කට බොරු කීවාට දිව බොරු කියන්නේ නොමැති බවට උදාහරණයක් වන්නේ මෙම ලීගයේ අනුග්‍රාහකයන්ගෙන් 80% ක්ම බෙටින්ග් හෙවත් බැටින්ග් කාරයන් වීම නිසයි.
මෙම බෙටින්ග් සමාගම් සියල්ල පෙනී සිටින්නේ බෙට් යනුවෙන් නොව බැට් යනුවෙන් බව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්.
ක්‍රිකට් ආයතනයට සහ පරිවර්තන කමිටුවට එරෙහිව ප්‍රමෝද්‍ය නඩු මගට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනිමට කටයුතු කරන බව හිටපු ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ තම සභාපතිත්වයෙන් යුත් තේරිම් කමිටුව ඉවත් කළ ක්‍රමවේදය තුලින් තමන්ගේ කීර්ති නාමයට අපහාසයක් සහ අගතියටක් සිදුවූ බව පවසමින්.
තම කොන්ත්‍රාත්තුව අත්තනෝමතික ලෙස අවසන් කිරීම සම්බන්ධයෙන් පරිවර්තන කමිටුව වෙත යැවූ ලිපියට කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කියා සිටියා.
ක්‍රිකට් ක්‍රීඩාවේ පරිවර්තන යුගයක් බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කළත් ක්‍රිකට් ආයතනය තුළ ක්‍රියාත්මක වූ පරිපාලන මාෆියාව තවමත් එලෙසම ක්‍රියාත්මක වන බව වාර්තාවේ.
මෙහි ප්‍රධානියා වන්නේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වායි.
මොහු තම නිලය භාවිතා කරමින් වසර ගණනක් මුළුල්ලේ සිදු කර ඇති අකටයුතුකම් දූෂණ කිසිවක් මෙතෙක් හෙළිදරව් කරගෙන ඔහුට විරුද්ධව විනයානුකූල පියවරක් ගැනීමට මෙතෙක් ඉරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුත් පරිවර්තන කමිටුව අසමත්ව ඇත.
ශ්‍රි ලාංකිකයන්ගේ ආගමක් බඳු ක්‍රිකට් ආගමික කල්ලියකට නතුකර ගැනිමේ උත්සහය!
ක්‍රිකට් ආයතනය තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන ආගමික නිකායක කල්ලිය “Born Again” (බෝන් අගේන්)මේ වන විටත් ආයතනය තුළ තම නිකාය ප්‍රවර්ධන කටයුතුද සිදු කරමින් අකටයුතු කම් රැසක් සිදු කරන බව ක්‍රිකට් ආයතනයේ සේවකයෝ පවසති.
මෙම කල්ලියේ සාමාජිකයන් ලෙස ඈෂ්ලි ද සිල්වා, ජෙරොම් ජයරත්න, රුවන් කල්පගේ, චින්තක එදිරිමාන්න, හේෂාන් ද මෙල් යන අය ඉදිරියෙන්ම සිටින බව පැවසේ.
අතීතයේදී ක්‍රිකට් විනාශ කළ බවට චෝදනා ලැබූ පාලකයින් වෙනුවට, පරිවර්තන කමිටුවේ ආශිර්වාදයෙන් සිදුවෙමින් පවතින්නේ තවත් එක් දූෂිත ව්‍යුහයක් නැවත බිහිකිරීමද යන සාධාරණ සැකය දැන් සමාජය හමුවේ මතු වී තිබේ.
නීතිය නවා තේරීම් කමිටුවට රිංගූ ‘ඇකඩමි හිමිකාරිත්වය’
අද වන විට මාධ්‍ය විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලින් මෙම අශුද්ධ ක්‍රියාවලිය තවදුරටත් තහවුරු වෙයි. මෙම කමිටුවේ නිර්දේශ මත පත්කළ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු සතුව ලියාපදිංචි පවා නොකළ පෞද්ගලික ක්‍රිකට් ඇකඩමි දෙකක් පවතින බව හෙළි වී තිබේ. මෙය බරපතල සදාචාරාත්මක මෙන්ම නීතිමය ගැටලුවකි.
ප්‍රභූ ක්‍රීඩා සමාජයක හිතවතුන්ට වරප්‍රසාද බෙදන තිප්පොළක්!
තොරතුරු වාර්තා වන අන්දමට සමස්ත ක්‍රිකට් පරිවර්තන ක්‍රියාවලියම කොළඹ පිහිටි එක්තරා ප්‍රභූ ක්‍රීඩා සමාජයක් කේන්ද්‍ර කරගනිමින්, ඔවුනොවුන්ගේ හිතවතුන්ට වරදාන සහ වරප්‍රසාද බෙදාදෙන තිප්පොළක් බවට පත්ව ඇත.
නීතිය හිතුවක්කාර ලෙස නමමින්, ක්‍රීඩා පනතේ රෙගුලාසි උල්ලංඝනය කරමින් තම හිතවතුන් පත්කර ගැනීමට කටයුතු කිරීම හරහා අද වන විට ශ්‍රීලංකා ක්‍රිකට් බරපතල ළබැඳියාවන්ගේ ගැටුම් සහ අක්‍රමිකතා රැසක් නිර්මාණය වී ඇත.
ජනාධිපතිතුමනි, වහා මැදිහත් වන්න!
රටේ ක්‍රිකට් ක්‍රීඩාව පිරිසිදු කිරීමට පැමිණි “ක්‍රිකට් පරිවර්තන කමිටුව” අද වන විට ක්‍රීඩා පනතේ රෙගුලාසි පවා තඹ සතයකට මායිම් නොකරන තත්ත්වයකට පත්ව ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වහාම මැදිහත් වී මෙම දූෂිත ජාලය සහ අක්‍රමිකතා නතර කිරීමට පියවර නොගතහොත්, සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යහපත් පරිවර්තනයක් සිදුවීම නොව, ක්‍රිකට් ක්‍රීඩාව සදාකාලිකවම තවත් අගාධයකට පරිවර්තනය වීම පමණි!
අද වන විට ක්‍රිකට් පරිවර්තනය කමිටුවට ක්‍රිකට් සම්මාන රාත්‍රිය පවා නිසි ලෙස පවක්වාගැනීමට නොහැකිව තිබෙනවා.
පසුගියදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් 2025 සම්මාන රාත්‍රිය සඳහා ආරාධිතයන්ගේ ලැයිස්තුව සකස් කළ ආකාරය මතබේදයට තුඩු දී ඇතැයි වාර්තා වෙනවා.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රීඩකයන්ට ආරාධනා කිරීමේදී ඇතැම් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ට ආරාධනා නොකිරීමත් ක්‍රිකට් තෝරා ගත් පිරිසකට පමණක් ආරාධනා කිරීමත් මෙහිදී කැපී පෙනුණු බව ක්‍රිකට් ආයතනය තුළම කතා බහට ලක්ව තිබෙනවා.
විහිළු සහගතම සිද්ධිය වී ඇත්තේ මෙවර සම්මාන සඳහා සුදුස්සන් තෝරා ගැනීම සිදු කළ ජූරිය වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ හිටපු තේරීම් කමිටුවට හෝ මේ සඳහා ආරාධනා කර නොතිබීමයි.
එක් එක් අංශ සඳහා පිරිමි හා කාන්තා සම්මාන රැසක් පිරි නැමුණු අතර ඒවා තෝරා ගැනීම සඳහා හිටපු තේරීම් කමිටු නිලධාරීන් දින පහකටත් වැඩි කාලයක් ගත කර විශේෂ මහන්සියක් දරා තිබියදී ඔවුන්ට ආරාධනා නොකර කපිල විජේගුණවර්ධන ප්‍රමුඛ වත්මන් තේරීම් කමිටුවේ සාමාජිකයන් සම්මාන පිරිනැමීම සඳහා වේදිකාවට කැඳවා තිබීම විහිළුවක් බවට පත්ව තිබුණා.
ව්නෝදන් ජෝන් හිටපු තේරීම් කමිටු නිලධාරියාටත් සම්මානයක් දීමට නම් කර තිබුණත් ඔහුට ආරාධනා පත්‍රයක් හෝ යවා නැතැයි වාර්තා වෙනවා.
ක්‍රිකට් යාන්ත්‍රණයේ අත්‍යවශ්‍ය පුද්ගලයන් නොසළකා හැර ක්‍රිකට් ආයතනයේම ඇතැම් සේවකයන්ට ආරාධනා කිරීමත් ක්‍රිකට් ආයතනයේ මුදල් කෝටි ගණනින් උපයන කොන්ත්‍රාත් කරුවන්ට පවා ආරාධනා කර තිබීමත් විශේෂ සිද්ධියක්.
ක්‍රිකට් ආයතනයට අලුතින් පුහුණුකරුවන් බඳවා ගැනීමේ පටිපාටිය ගැන දැඩි ලෙස විවේචන එල්ල වෙමින් පවතිනවා.
දැනටමත් මෙහි පුහුණුකරුවන් 90 ක් පමණ සිටින අතර එය 60 ක් දක්වා අඩු කිරීමට තීරණයක් ගෙන ඇති බැවින් අලුතින් සම්මුඛ පරීක්ෂණ කැඳවීම සිදු කර තිබෙනවා.
නව තනතුරු සඳහා දැනටමත් සේවයේ යෙදී සිටින දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන් මෙන්ම අලුත් අයදුම්කරුවන් රැසක් ඉල්ලුම් කර තිබුණත් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමේ ක්‍රම වේදය අවුල් සහගත බව පුහුණුකරුවන් රැසක් අප වෙත දැන්වුවා.
ඔවුන් පවසන්නේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර්හි රුවන් කල්පගේ ඔහුට අවශ්‍ය තෝරා ගත් අයට පමණක් සම්මුඛ පරීක්ෂණ වලට කැඳවීම් සිදු කරන බවයි.
මෙම සම්මුඛ පරීක්ෂණ මිනිත්තු පහකට සීමා වන බවත් ඕස්ට්‍රේලියාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඈෂ්ලි රොස් නම් අයකු එයට එක්වී ප්‍රශ්නයක් දෙක ක් අසා ඉක්මනින් එය අවසන් කෙරෙන බවත් වාර්තා වෙනවා. මේ හේතුවෙන් හැඟී යන්නේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට කලින්ම ඔවුන්ට අවශ්‍ය අය තෝරාගෙන අවසන් බව යනුවෙන් බොහෝ පුහුණුකරුවන් පවසනවා.
