September 21, 2026

උතුරු/නැගෙනහිරින් අනුරට කණේ පහරක්! ITAK ජනමත විචාරණයක් ඉල්ලයි!

0
ITAK-Positions-Itself-as-Key-Opposition-Voice-on-Judicial-Reforms

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ඉරිදා විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීමට අදහස් කරන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ජාතික ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව දන්වා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ ITAK හි දේශපාලන කමිටුවේ සාකච්ඡාවලින් පසුව, යෝජිත සංශෝධනය ජනතාවගේ ස්වෛරීභාවය ගැන සැලකිලිමත් වන අතර එබැවින් ජනමත විචාරණයක් හරහා මහජනතාව ඉදිරියේ ඉදිරිපත් කළ යුතු බවයි.

ඉන්දියාව 22වන සංශෝධනය සම්බන්ධයෙන් සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් එම නිළ දැනුම් දිම ලබන සතියේ ලංකාවේ සංචාරයක නිරත වන Rajnath Singh, Minister of Defence of India (ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා) හරහා ජනාධිපතිවරයාට දැනුම් දිමට සුදානම් බවද අප අනාවරණය කළා.

මේ අතර අප උතුරේ දේශපාලන වාර්තාකරු සදහන් කළේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලහොත් ආණ්ඩුව ඒම මැතිවරණයට මුහුන දිමේදි දමිළ සහ මුස්ලිම් ජනතාව කෙරෙහි වැඩි අවධාණයක් යොමුකර තිබු බවයි. ජනාධිපතිවරයා සිය පලමු ජන රැළිය ලබන 5 වැනිදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිමට සුදානම් අතර එයින් අනතුරුව ඔහුගේ ප්‍රධාන ඉලක්කය වි තිබුනේ උතුරු සහ නැගෙනහිර පළාත් මෙන්ම දමිළ.මුස්ලිම් ජනයා ජිවත් වන ප්‍රදේශ වේ.

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 සිට 67 දක්වා සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කෙරේ.

මහාධිකරණ, දිස්ත්‍රික් අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 62 දක්වා වැඩි කිරීමට ද එය යෝජනා කරයි. විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන වගන්තිය සංශෝධනය කෙරේ.

මෙම සංශෝධනය අගෝස්තු 18 සිට පාර්ලිමේන්තුවේ න්‍යාය පොතේ තබා ඇත. එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරන පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු දැනගත් පසු එය දෙවන වර කියවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *