September 22, 2026

කාදිනල් විශ්‍රාම දිවියට! සිරිල්, ජූඩ් නිහඬ වෙයි!

0
2019-Easter-Sunday-attacks

අති උත්තම මැල්කම් කාදිනල් රංජිත් , මේ වසරේ නොවැම්බර් 15 වනදාට පෙර විශ්‍රාම යෑමට නියමිත බවට, කතෝලික පල්ලියේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරමින් අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

1947, නොවම්බර් 15 වන්දා පොල්ගහවෙලදි උපත ලැබු, හිමිපානෝ, මේ වසරේ 79 වන උපන්දිනය සමරන අතර, ඒ සමගම විශ්‍රාම දිවියට යෑමට නියමිතව ඇත. අගරදගුරු වරයෙකු සාමාන්‍යයෙන් අවුරුදු 75 සපුරන විට විශ්‍රාම ‍යායුතු වුවත්, කාඩිනල් රංජිත්, වතිකානුවෙන් දිගින් දිගටම කාලය ඉල්ලා සිටියේ, පාස්කු ප්‍රහාරයට යුක්තිය ලබාගන්නා සටන කිරීමටය.

මුතුවැල්ලේ, ද ලාසාල් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබු එතුමන්, බොරැල්ල, ශාන්ත ඇලෝසියස් හා අම්පිටිය ජාතික පුජක විදුහලෙන්, පුජක අධ්‍යාපනය ලබා,1974 දි රෝමයේ අර්බන් විශ්ව විද්‍යාලයෙන් පලුමු උපාධිය ලබා ගත්තේය.

ඉන් පසුව 1975 දි එතුමානෝ , රොමයේ බැසිලිකාවෙදි ජෝන් පාවුළු VI ශුද්ධාත්ම පියාන්ගෙන් පුජාත්වරය ලැබු අතර, පසුව, ජෙරුසලමේ හීබෘ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් ඩිප්ලෝමාවක් ලබා ගත්තේය.

1991 දී, එවකට ශුද්ධාත්ම පියානන් වන, ජෝන් පාවුළු II විසින්, හිමිපානන්ව, කොළඹ සහයක අගරදගුරු ලෙස පත් කලේය.

1995, දි රත්නපුර අගරදගුරු ලෙස පත්වු එතුමානෝ, 2009 දි කාඩිනල් ධුරය ලබා ගත්තේ, කොළඹ අගරදගුරු තුමා ලෙසටය.

හිමිපානෝගේ, විශ්‍රාමයට පෙර, පාස්කු නඩුව ඉවර කර, හිම්පානෝ 2019 සිට කල පස්කු ප්‍රහාරයේ යුක්තිය දි, ජයග්‍රහණය දීමට මේ දවස්වල, ලහි ලහියේ වැඩ වෙමින් පවතින බව කාටත් නොරහසකි. එය, ජනාධිපතිතු අනුර කුමාර දිසානයක මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කලේ නීතිඥ සංගමය තිබු කතිකාවේදිය.

හිමිපානෝගේ, විශ්‍රාමය ආරංචි විමත් සමගම, පාස්කු ප්‍රහාර සටනේ ඔහු සමග දෙපැත්තේ සිටි, සිරිල් ගාමිණි හා ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් දෙදෙනාම ඉතා නිහඬ ප්‍රතිපතියක් අනුගමනය කරන අතර, කතෝලික පල්ලියේ, බොහෝ පියතුමන්ලා හා ගිහියන්ගෙන් ඔවුන්ට දැඩි විරෝධයක් ආවේ, පාස්කු ප්‍රහාරය, ඔවුන් දෙදෙනා දේශපාලන හා මුදල් ගැරීමේ සටනක් කරගත් බැවිනි.

නව කොලඹ අගරදගුරු ලෙස, කතෝලික බිශොප් සම්මේලනයේ, වත්මන් සභාපති හා කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපානන් පත්වනු බවට, කතෝලික පල්ලියේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් හෙලිවුනි. ඉතාමත්, බැහපත් රදගුරු තුමෙක් වන, එම හිමිපාණෝ මීට පෙර රත්නපුර හා ගාලු, රදගුරු වරයා ලෙස අමිල සේවයක් කල අතර, කතෝලික සභාවේ, සෑබෑ එඬේරා ලෙස ආදරයට පාත්‍රවු රදගුරු හිමිපාණන් කෙනෙකි. එසේම, බෞද්ධයන්, ඉස්ලාම් හා හින්දු ආගමික නායකයන් සමග ඉතමත් කුලුපගුව වැඩ කල අයෙක් හැටියට, හිමිපාණෝ ප්‍රසිද්ධය. හිමිපාණෝ කවදාවත්, කතෝලික ආගම දේශපාලනය වෙනුවෙන් යොදා ගත්තේ නැත. 2004 සුනාමිය වෙලාවේදි, රදගුරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා, පීඩිත මිනිසුන් වෙනුවෙන් අමිල හා නිහඩ සේවයක් කල බව මතක් කල යුතුය.

වතිකානුව තීරණය දී ඇත. මේ ප්‍රවෘත්තිය ගැන නිවේදනයක් කල හැක්කේ, ශ්‍රී ලංකා කතෝලික බිශෝප් සම්මේලනය හරහා වතිකානුව පමණක් බව කරුණාවෙන් සලකන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *