August 17, 2026

කටේනායකගේ අවභාවිතාවන් සාක්ෂි සහිත ඔප්පු වෙයි! රංගේ දැන් ඔයා අල්ලනවාද?

0
CIABOC_jagath

සිය පෞද්ගලික කරුණක් වෙනුවෙන් වත්මන් මාලිමා කථානායක ජගත් වික්‍රමරත්න සිය බලය අයුතු ලෙස යොදාගනිමින් වැඩ තහනමට ලක්කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ 13 වැනිදා ප්‍රකාශයක් ලබාදි තිබේ.

2025 ජුනි මස 18 දින හෝ ඊට ආසන්න දිනකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායකතුමා දිවා ආහාර ගනු ලබන කාමරයේදී සිදුවූ යම් පෞද්ගලික සිද්ධියක් නිසා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තමා කෙරෙහි ඇති කරගත් ද්වේශ සහගතභාවය හේතුවෙන් චමින්ද කුලරත්නගේ වැඩ තහනමට ලක් කෙරුනා.

ඒ කථානායකවරයා විසින් සිදු කළ බවට පැවසෙන වාහන සහ නිල නිවාස අවභාවිතයක් සම්බන්ධයෙන් චමින්ද කුලරත්න මහතා ඇතුළු පාර්ශ්වයක් විසින් සිදු කර තිබූ පැමිණිල්ලකට අදාළවය.

අදාළ ප්‍රකාශය හරහා වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරිපත් වූ ප්‍රබල සාක්ෂි අනුව නිල අනුමැතියකින් තොරව WP NC 4923 දරන රජයේ වාහනය, පාර්ලිමේන්තු මාධ්‍ය උපකරණ සහ අනෙකුත් වරප්‍රසාද අවභාවිත කිරීමෙන් කතානායකවරයා රජයට සිදු කර ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 3කට (රු. 30,000,000/-) ආසන්න බව සාක්ෂි සහිතවම ඔප්පු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

කොමිසම අර්බුදයක!

අල්ලස් කොමිසම හමුවේ ඇති මෙම අතිශය ප්‍රබල සාක්ෂි පදනම් කරගනිමින් කතානායක ජගත් වික්‍රමරත්න ඕනෑම මොහොතක අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ පූර්ණ නීතිමය ඉඩකඩ මේ වනවිට ඇති අතර ඒ හේතුව නිසාම කොමිසම බරපතල අර්බුදයකට මුහුණ දි සිටින බවයි එම අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

සාමාන්‍යයෙන් විපක්ෂයේ දේශපාලනඥයකු හෝ මාලිමා විරුද්ධවාදියෙකු සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුන සැනින් ක්‍රියාත්මක වන මාලිමාවේ අල්ලස් කුක්කා බවට පත්ව සිට්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක දැන් කුමක් කරනු ඇද්ද? යනුවෙන් රටේ ජනතාව බලාසිටි.

හරිනි පිටුපායිද

අප දේශපාලන වාර්තාකරු මේ සම්බන්ධයෙන් අනාවරණ කරමින් සදහන් කළේ අල්ලස් කොමිසම හමුවේ ඇති සාක්ෂී වලින් ගැලවිම සදහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ලවා backdate කරන ලද ‘කූට’ කැබිනට් පත්‍රයක් අනුමත කිරිම සදහ වත්මන් කථානායකවරයා උත්සහයක් ගෙන ඇති බවයි.නමුත් එම් උත්සහය මේ දක්වාම සාර්ථ්ක කරගැනිමට නොහැකි වි තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ හරිනි තමන්ට ලැබුනු ඉල්ලිම සම්බන්ධයෙන් ඇය සමග ඉතාම සමීප JVP ආණ්ඩුවේ ප්‍රබලම අමාත්‍යවරයෙකුගෙන් උපදෙස් පැතිම වන අතර අදාළ අමාත්‍යවරයා තරයේම එම ඉල්ලිම ප්‍රතික්ෂේප කරන ලෙස හරිනිට පැවසිමය.

මාලිමා කථානායක ජගත් වික්‍රමරත්න ඇති චෝදනා!

2024.12.17 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක ධූරය පත්වූ වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් එතැන් සිට මේ දක්වා සිදුකරනු ලබන හා සිදුකරන ලද 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතට ගැනෙන පහත සඳහන් නීතිවිරෝධී හා දූෂිත ක්‍රියා අතුරින් කිහිපයක් සම්බන්ධයෙන් නීතිඥ චමින්ද කුලරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කල අතර ඒ හරහා කථානායකවරයාගේ වාහන සහ නිවාස අවභාවිතාවන් සම්බන්ධයෙන් අනාවරණය කර තිබුනා.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතට ගැනෙන පහත සඳහන් නීතිවිරෝධී හා දූෂිත ක්‍රියා අතුරින් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව, වෙත භාරදුන් සම්පුණ ලිපිය පහතින් කියවන්න …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *