ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් භූතානයට!
භූතාන නීතිඥ සංගමයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිසක් භූතානය බලාගොස් සිටිනවා.
භූතානය බලාගිය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස වෙනුවෙන් භූතාන නීතිඥ මණ්ඩලය විසින්, එහි සභාපතිනිය වන රාජකීය කුමරිය ආෂි සෝනම් ඩෙචන් වාංචුක් මැතිනියගේ Cottage හිදී උණුසුම් පිළිගැනීමේ උත්සවයක් පවත්වන ලදී.
නියෝජිත පිරිස පිළිගැනීම සඳහා භූතාන නීතිඥ මණ්ඩලයේ උප සභාපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකු සහ හිටපු නීතිපතිවරයෙකු වන දාශෝ රින්සින් පෙන්ජෝර්, භූතාන මහාධිකරණයේ අගවිනිසුරුවරයා,රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ විනිසුරුවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගියදා භූතානයේ සංචාරයක නියැලුන අතර එම ගමන අතර තුර දිල්ලිය බලා පැමිනි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හා ඉන්දියානු අග්රාමාත්ය නරේන්ද්ර මෝඩිගේ ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් Ajit Doval අතර ජූලි 01 වැනිදා නව දිල්ලියේ සිදු වූ රහසිගත හමුවීමක් ද සිදුව තිබුනා.
රනිල්- දෝවාල් රහස් හමුවක! අනුරගෙන් බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක්! – Anura Go Home
