හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හා ඉන්දියානු අග්රාමාත්ය නරේන්ද්ර මෝඩිගේ ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් Ajit Doval අතර ජූලි 01 වැනිදා නව දිල්ලියේ සිදු වූ රහසිගත හමුවීමක් සම්බන්ධයෙන් අනුර ජනාධිපතිවරයා කලබලයට පත්ව ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කරනවා.

මෙම හමුවීම පිළිබඳ නිශ්චිත විස්තර සොයාගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්ය බුද්ධි අංශයට විශේෂ මෙහෙයුමක් බාර දී ඇති බවයි ඔහු අනාවරණය කළේ.

අපගේ විශ්වාසනීය ආරංචි මාර්ග අනුව, ජූලි 01 දා දහවල්, හිටපු ජනාධිපතිවරයා “ලෝක් නිවාස්” හිදී නව දිල්ලියේ උප ආණ්ඩුකාර විනායි කුමාර් සක්සේනා සමඟ සාකච්ඡාවක නිරත වූ අතර, පසුව , “ලෝක් නිවාස්” හි සිට පිටත්ව ගිය රනිල් වික්රමසිංහ, තානාපති කාර්යාලයට ද නොදැනෙන අයුරින් වෙනත් ස්ථානයකට ගොස් ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් සමඟ හමුවී සාකච්ඡා කර ඇති බවටයි වාර්තා වේ.අජිත් දෝවාල්, ඉන්දියාවේ ඉහළම ආරක්ෂක හා කලාපීය භූ දේශපාලනය සම්බන්ධයෙන් තීරණ ගන්නා  ඉන්දීය මධ්යම රජයේ ප්රබලයෙකි.

මෙම හමුවීම පිළිබඳව ශ්රී ලංකා තානාපති කාර්යාලයද කිසිදු දැනුමක් නොතිබූ බව විදේශ අමාත්යාංශයට දැනුම් දී තිබීම, අනුර ජනාධිපතිවරයා තවත් භීතියට පත්කිරිමට සමත්ව තිබේ.

අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළෙ වර්තමාන දේශපාලන අර්බුදය,ආර්ථික ප්රතිසංස්කරණ, ඉන්දියානු ආරක්ෂාව කළාපීය වශයෙන් අවදානමකට ලක්විම සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් සිදුවී ඇති බවයි.

රනිල් – දෝවාල් හමුවීම, ශ්රී ලංකාවේ දේශපාලන පරිසරය තුළ ඉදිරියට මතුවන විශාල වෙනස්කම් සඳහා ඉන්දියාව සූදානම් වෙමින් සිටින බවට ඉඟි දක්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *