නීතිඥ සංගමය සමග සාකච්ඡාව පැලවත්තේ PMD විකෘති කරලා!
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අගෝස්තු 12 වැනිදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ විකෘති කරන ලද කොටසක් ජනාධිපති මාධ්‍ය අංශය හෙවත් පැලවත්තේ PMD හරහා මාධ්‍යයට නිකුත් කර තිබේ.
අප විශේෂ වාර්තාකරු සදහන් කළේ අගෝස්තු 12 වැනිදා සාකච්ඡාවෙන් පසුව දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින ජනාධිපතිවරයා බේරා ගැනිම සදහා අදාළ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝව පැලවත්තට රැගෙන ගොස් ඇති බවයි.පසුව පැලවත්ත තෙවන මහලේ තිබේන මාධ්‍යය එකකයේ අදාළ විඩියෝ සංස්කරණය කිරිමේ ක්‍රියාවලියක් හරහා හඩ විකෘති කර තිබේ.
මේ අතර සම්පූර්ණ, සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අගෝස්තු 14 වැනිදා යොමුකර ඇති ලිපියකින් නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ, එම සාකච්ඡාවට අදාළ වීඩියෝ පටයේ කොටසක් තමන් වෙත ලැබී ඇති නමුත්, එය සම්පූර්ණ පටිගත කිරීම නොවන බවයි.
එම වීඩියෝ පටයෙන් ලබාදී ඇත්තේ, මූලික සාකච්ඡාවේ කොටසක් පමණක් වන අතර, ඇතැම් කොටස්වල ශබ්දයද පැහැදිලි නොවන බව නීතිඥ සංගමය පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, සාකච්ඡාව පුරා සිදු වූ සියලු අදහස් දැක්වීම්, නිරීක්ෂණ, ප්‍රතිචාර සහ නීතිඥ සංගමයේ නියෝජිත පිරිස විසින් අවසානයේ සිදුකළ ප්‍රකාශ ඇතුළත් සම්පූර්ණ සංස්කරණය නොකළ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලීමක් කර ඇත්තේ.
එම වීඩියෝ පටය හැකි ඉහළම ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගුණාත්මක තත්ත්වයෙන් ලබාදෙන ලෙසද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා තිබෙනවා.
මේ අතර ජනපතිවරයා සමග පසුගිය 12 වනදින පවත්වනු ලැබූ රැස්වීමේ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය ලිපියක් යොමු කර තිබේ.
රැස්වීමට සහභාගී වූ අනෙකුත් පාර්ශ්වයන්ගේ අදහස් දැක්වීම් සහ අදහස් දැක්වීම් ඇතුළත් පටිගත කිරීම්, අදාළ නිල ක්‍රියාපටිපාටීන්ට යටත්ව ඉදිරියේදී හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර තිබේ.
