August 14, 2026

පළාත් සභා නෑ! ඉන්දියාවට පා පාහරක්! ජනමත විචාරණයක්!

0
No-Provincial-Councils

ඉන්දීය බලපෑම් හමුවේ වුවද දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී තිබූ පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම පැලවත්ත තීන්දුවක් ගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ශ්‍රී ලංකාව මැතිවරණ පවත්වා බලය බෙදා හැරීම පිළිබඳ ව්‍යවස්ථාමය විධිවිධාන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස ඉන්දියාව නැවත නැවතත් කරන ඉල්ලීම් පිළිබඳව මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ගෙන තිබේ.කෙසේවෙතත් අදාළ සාකච්ඡාව සදහා ජාතික ජන බලවේගය නියෝජනය කරන NPP කණ්ඩයමේ කිසිවෙකුත් සහභාගි වි සිටියේ නෑ.

පසුගියදා පැලවත්ත කැබිනට්ටුව රැස්වි ඇති අතර එහිදි ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි, Shri. Vikram Misri ගෙන ආ ඉන්දිය මධ්‍යම රජයේ පණිවිඩය සම්බ න්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡාකර ඇති අතර අවසානයේ කවර අකාරයේ විදේශීය බලපෑමක් හමුවේ වුවද පළාත් සභා මැතිවරණය පැවැත්විමට කටයුතු නොකරන ලෙසට තීන්දුවක් ගෙන ඇති බවයි දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව සම්බන්ධ ගැටළු විසඳීමේ උත්සාහයේ කොටසක් ලෙස ඉන්දියාව පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා වැදගත්කමක් ලබා දෙන බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි සංචාරය අතරතුර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට පෙන්වා දුන් අතර පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් බවත් ඔහු අවධාරණය කර සිටියා.

ජනාධිපති දිසානායකගේ 2024 නවදිල්ලි සංචාරයේදී සහ අගමැති මෝදිගේ 2025 කොළඹ සංචාරයේදී කරන ලද පොරොන්දු රජයන් දෙකම නැවත තහවුරු කරමින් එම පොරොන්දු වහාම ඉටුකලයුතු බව දැඩිව මිස්රි අවධාරණය කල බවයි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්යාංශය සංචාරය අවසානයේ රාජ්‍යතාන්ත්‍රිකව දැනුම්දිමක්ද කර තිබුනා.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව “පූර්ණ හා ඵලදායී” ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා ඉන්දියාව ඉල්ලා සිටිමි, අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ කළ සාකච්ඡාවලදී නවදිල්ලියේ ස්ථාවරය ප්‍රසිද්ධියේ නැවත අවධාරණය කරන ලදී.

ඉන්දියාව වසර ගණනාවක් තිස්සේ මෙම ස්ථාවරය පවත්වා ගෙන යන අතර 2021 දී ශ්‍රී ලංකාවේ කළ සංචාරයකදී, එවකට විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රින්ග්ලා පළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පැවැත්වීම ඇතුළුව 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ ඉල්ලීම නැවත අවධාරණය කළේය.

ඉන්දියාට එරෙහි පළමු ප්‍රහාරය

කෙසේවෙතත් පැලවත්ත කැබිනෙට්ටුවේ හමුවෙන් පසුව ඉන්දීය ඉල්ලිමට එලිපිටම පහරදිමට JVP තීරණය කර ඇති අතර එහි පලමු වෙඩිමුරය ලෙස ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බවත් අනෙකුත් රාජ්‍යයන්ට තම අදහස් ප්‍රකාශ කළ හැකි නමුත් එහි තීරණ නියම කළ නොහැකි බවත් තර්ක කරමින් කෘෂිකර්ම, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත අගෝස්තු 13 වන දින ගන්නෝරුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබේ.

“පළාත් සභා මැතිවරණ පැවැත්වීමට රජයට බලපෑම් කිරීමට විදේශ රටවලට අයිතියක් නෑ.. මෙය ස්වාධීන රටකි. ඔවුන්ට මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළ හැකි නමුත් ඔවුන්ට බලපෑම් කළ නොහැක,”

මේ අතර යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡා කර ඇති අතර මහානයක හිමියන්ගේ ඇතුලු නීති ප්‍රජාවේ කොටස්වල විරෝධය නොතකා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමඟ රජය ඉදිරියට යැමට කටයුතු කල යුතු බව එහිදි තින්දුකර තිබේ.

ජනමත විචාරණයක්!

පැලවත්තේ කැබිනෙට්ටුවේ සාමාජිකයෙකු සමග අප දේශපාලන වාර්තාකරු කල සංවාදය තුල නිශ්චිත කරුණු දැක්විමක් නොමැති වුවත් JVP අදහස වි ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබෙන තින්දුව දැන් තියාම ඔහුන් බලාපොරොත්තුවෙන් සිටින බවයි.ඒ අනුව පළාත් සභා මැතිවරණය නොව ජනමත විචාරණයක් සම්බන්ධයෙන් JVP බලාපොරොත්තු තබාගෙන ඇති අතර ඒ හරහා තමන්ගේ භුමියේ කාඩර්වරුන් යලි සක්‍රීය මට්ටමකට ගෙන එම ඔහුන්ගේ අරමුණ වි තිබේ.

“මැතිවරණයක් තියලා අපිට පරදින්න බෑ ….එත් ජනතා කැමැත්ත විමසීම සම්බන්ධයෙන් අපිට හොද අදහසක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් මේ වෙනකොට ලෑස්ති වෙමින් ඉන්නේ …අපිට ඒ සදහා සැලැස්මක් තියෙනවා”

ඔහුගේ මතය අනුව තහවුරු වන දෙයක් තිබේ.එනම් වසර 2ක පමණ කාලයක් JVP බිම්මට්ටමේ කාඩරයන්ට කරන්න් දෙයක් තිබුන නැති බවයි.ජනාධිපතිකම සහ පාර්ලිමේන්තුවේ බහුතරය ගැනිමෙන් පසුව මන්ත්‍රීවරුන්,JVP මධ්‍යම කාරක සභාව සහ ඇතැම් දිස්ත්‍රික් සංවිධායකවරුන් රාජ්‍ය පාලනයට එක් කරගත්තද පොළවේ දේශපාලන කල සක්‍රීය කණ්ඩායම් මේ වනවිට පක්ෂ සාමාජිකත්වය පව පවත්වාගෙන නොයන තැනට පත්වෙමින් තිබේ.

ඒ අනුව ජනමත විචාරණයක් වැනි සක්‍රිය ලාම්පු,කලගෙඩි සෙල්ලමක් හරහා නැවත තම කාඩරයේ භුමිගත කණ්ඩායම් අවදිකර ගැනිමේ මෙහෙයුමකට JVP අර අදමින් සිටින බව ඉතාම පැහැදිලිය.

~පණ්ඩුක හේරත් ~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *