හෙට (30) දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්ය මුදල් කාරකසභාව හමුවේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව මුදල් අමාත්යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම කාරක සභාවට දැනුම් දී තිබේ.
මේ බව දන්වමින් ඔහු විසින් එවන ලද ලිපිය මුදල් කාරකසභාවට ලැබුණු බවයි එම කාරකසභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා  සඳහන් කළේ.
විදෙස් ණය වාරිකයක් ගෙවීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහාභාණ්ඩාගාර ලේකම්වරයා වන හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මුදල් අමාත්යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවට කැඳවීමට ඊයේ (28) තීරණය කර තිබූ අතර ඒ සඳහා පැමිණෙන ලෙස ඔවුන්ට දැනුම් දී තිබිණි.
මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ ඩොලර් මිලියන 2.5ක මහජන මුදල් කොල්ලයේ සත්ය සමාජගත විම නතර කර ගැනිම සදහා අනුර ජනාධිපතිවරයා විපක්ෂය නිර්වින්දනය කර හෝ අල්ලස් ලබාදි ඇති බවයි.
මේ අතර මුදල් මණ්ඩලයේදි මුදල් අමාත්යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම බේරා ගැනිමට රවී කරුණනායක මහා බැංකු අධිපති බිල්ලට දිමට සුදානම් ඇති බව Dark Room සමාජ ජාලා පිටුවද සටහනක් තබා තිබුනා.

(function(w,q){w[q]=w[q]||[];w[q].push([“_mgc.load”])})(window,”_mgq”);

Leave a Reply

Your email address will not be published. Required fields are marked *