වැරදි නියෝගයක් නම් ඉහළ අධිකරණයට නොගියේ ඇයි? ගම්පහ මහෙස්ත්‍රාත් මාරුවෙන් මතුවු අනුරගේ පජාත ගතී! අධිකරණ ස්වාධීනත්වයට කුමක් වෙයිද?
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
පොලිස්පතිට එරෙහි අපහාස ක්‍රියාමාර්ග ඉල්ලූ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණ සේවයෙන් පුහුණු ආයතනයට මාරු කිරිමත් සමග අනුර දිසානායකගේ පජාත ගතිය යලි මතුවේමින් තිබේ.
2023 සැප්තැම්බර් මාසයේ මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා ජීවිත තර්ජන සහ මානසික පීඩනය පිළිබඳ සඳහන් කරමින් ඉල්ලා අස්වී රටින් පිටව ගිය සිද්ධිය සම්බන්ධයෙන් එවකට විපක්ෂයේ සිටි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආණ්ඩුවට පක්ෂපාතී නොවන තීන්දුවක් ලබාදුන් නිසා මහෙස්ත්‍රාත්වරයෙකුට මරණ තර්ජනවලට මුහුණදීමට සිදුවන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බව ප්‍රකාශ කල අතර එය හුදෙක් රටේ ජනයා ගොනාට ඇන්දවිමට කල ප්‍රකාශයක් බව දැන් තහවුරුය.
ඒ අනුව වත්මන් සිදුවීම් හමුවේ එදා මතුකළ අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ ප්රශ්නය ඔහුගේම පාලනය සම්බන්ධයෙන්ද මතුවන බව ජධ සහ අමන පැවැත්ම විග්රහ කරනු ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අභියාචනාධිකරණය වෙත කරුණු යොමු කළ ගම්පහ මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා, වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයට මාරු කර යවිමට ඊයේ (06) කටයුතු කර තිබුනා.
වත්මන් ජනතා විරෝධි ෆාදර් සුරසේන අගවිනිසුරුවරයා විසින් කල නියෝගයකට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස්ගේ අත්සනින් නොවැම්බර් 6 වැනිදා නිකුත් කළ ලිපියකින් මෙම ස්ථාන මාරුව දැනුම් දුන් අතර ඒ අනුව ඔහු විනිශ්චයකාරවරුන්ගේ පුහුණු කටයුතු සිදුකරන ආයතනයකට මාරු කර යවන ලදී.පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට කරුණු යොමු කිරීමෙන් සති දෙකකට මඳක් වැඩි කාලයක් ඇතුළත මෙම මාරුව සිදුවවිම පසුපස ජනාධිපතිවරයාද සaජුවම කොස්තාපල් පුඤ්ඤසෝම රැක ගැනිම සදහා මැදිහත් වි ඇති බව තහවුරු වේ.
මහරගම පැවැති මැයි දින රැලියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, විභාග වෙමින් පැවැති දූෂණ නඩුවක තීන්දුව මැයි 25 වැනිදා ලබාදීමට නියමිත බවත්, අත්පොළසන් දීමට සූදානම් වන ලෙසත් ආධාරකරුවන්ට කල ප්‍රකාශයද අමතක නැත.
පොලිස්පතිවරයා විසින් තමන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට ගුණරත්න මහතා පිළිතුරු යැවීමෙන් පසුව මෙම මාරුව සිදුකර ඇති බවට දැනට අනාවරණය වි තිබේ.එම ලිපියද අප සතුව ඇත. එහි සදහන් ව ඇත්තේ …
2026 ඔක්තෝබර් 26 දිනැතිව, පොලිස් මූලස්ථානයේ STAFF/03/ISP/OUT/LEG/3807/2026 යන අංකය යටතේ සකස් කර ඇති මෙම ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා වෙත යොමු කර තිබේ.
GM/MC1/DD/01744/26 සහ GM/MC1/DD/01743/26 යන නඩු දෙක සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝග, එම නියෝග ක්‍රියාත්මක කිරීමේදී පොලිසිය අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා දැක්වූ බව කියන අදහස් මෙම ලිපියෙන් විශේෂ අවධානයට ලක්කර ඇත.

මෙම සිද්ධියට පසුබිම් වී ඇත්තේ පසුගිය මැයි මාසයේ ගම්පහ අධිකරණය හමුවේ විභාගයට ගත් මත්ද්‍රව්‍ය නඩුවකි.
මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැත්තෙකු අස්ගිරිය හන්දියේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණ සන්තකයේ තබාගෙන සිටි බවට ගම්පහ පොලිසිය චෝදනා ගොනුකර තිබිණි. එහෙත් එකම දිනයේ, එකම චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු දෙකක් පවරා තිබූ බව වාර්තාවේ දැක්වේ.
එම නඩු දෙකම බන්දුල ගුණරත්න මහෙස්ත්‍රාත්වරයා හමුවට පැමිණි අවස්ථාවේදී, දෙවැනි නඩුව අතපසුවීමකින් ගොනුකර ඇති බව පැවසූ පොලිසිය එය ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇත.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරයා, දෙවැනි නඩුවේද පොලිස් නිලධාරීන් තිදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම්කර තිබීම පිළිබඳ අවධානය යොමුකර තිබේ. නඩු කටයුතු පිළිබඳ වාර්තා අනුව, එය විත්තිකරු වරදකරු කරවා ගැනීමේ අරමුණකින් නඩුව ගොනුකිරීමක් පෙන්නුම් කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.
ඒ පිළිබඳ පැහැදිලි කිරීමට අදාළ නිලධාරීන් අධිකරණයට කැඳවා තිබුණද, ඔවුන් කිසිවෙකු පෙනී සිට නැති බවත් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාද නොපැමිණි බවත් වාර්තාව සඳහන් කරයි.
රුපියල් ලක්ෂ දෙකක වන්දි සහ රටපුරා චක්‍රලේඛයක්
චෝදනා පදනම් විරහිත බවට නිගමනය කළ මහෙස්ත්‍රාත්වරයා, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 17 වැනි වගන්තිය යටතේ අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් මාරසිංහ මහතාට රුපියල් 200,000ක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කර ඇතැයි වාර්තාවේ දැක්වේ.
අහිංසක පුද්ගලයන්ට එරෙහිව පදනම් විරහිත නඩු නොපවරන ලෙස රටපුරා පොලිස් නිලධාරීන් දැනුවත් කරන චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි පොලිස්පතිවරයාටද නියෝග කර තිබේ.එම නියෝගයේදී මහෙස්ත්‍රාත්වරයා මත්ද්‍රව්‍ය නඩුවල සාක්ෂි සහ පොලිසිය ඉදිරිපත් කරන ප්‍රමාණ පිළිබඳවද විවේචනාත්මක නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.
රජයේ රස පරීක්ෂක වාර්තා අනුව ඇතැම් නඩුවල සැබෑ මත්ද්‍රව්‍ය ප්‍රමාණය පොලිසිය සඳහන් කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු බවත්, සමහර සාම්පලවල මත්ද්‍රව්‍ය කිසිවක් නොතිබූ බවත් ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.මාසික නඩු ඉලක්ක අඛණ්ඩව ඉහළ දැමුවහොත් තවත් වසර පහකදී පොලිසියට නඩු පැවරීමට රටේ පුද්ගලයන් ඉතිරි නොවනු ඇතැයිද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.
විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත යටතේ පනවන දඩ මුදල්වලින් ආදායම් ලබන පොලිස් ත්‍යාග අරමුදල, මෙවැනි නඩුවලට ලක්වන පුද්ගලයන්ට වන්දි ගෙවීම සඳහා භාවිත කළ යුතු බවද ඔහුගේ අදහස වී ඇත.
ප්‍රාදේශීය චක්‍රලේඛය ප්‍රතික්ෂේප කර අභියාචනාධිකරණයට කරුණු යොමු කරයි
ඔක්තෝබර් 21 වැනිදා නඩුව යළි කැඳවූ අවස්ථාවේදී, ඔක්තෝබර් 19 දිනැති චක්‍රලේඛයක් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.එහෙත් එය අදාළ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබූ අතර, ආවරණය කර තිබුණේ ගම්පහ, කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාස පමණක් බව වාර්තාව සඳහන් කරයි.
තම නියෝගය මුළු රටටම අදාළ වූවක් බව පැවසූ මහෙස්ත්‍රාත්වරයා එම චක්‍රලේඛය ප්‍රතික්ෂේප කර, පොලිසිය අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කරන බවට චෝදනා කර ඇත.
අනතුරුව අදාළ නඩු ගොනු අභියාචනාධිකරණයේ සභාපතිවරයා වෙත යොමුකරන ලෙස අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කර තිබේ.
වාර්තාව සඳහන් කරන පරිදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව සහ 2024 අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත මෙහි නීතිමය පසුබිම ලෙස දක්වා ඇත. පහළ අධිකරණවලට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ බලය අභියාචනාධිකරණයට පවතින අතර, අදාළ පනත මඟින් ඒ සඳහා ක්‍රියාපටිපාටිය දක්වා තිබේ.
පොලිස්පතිගේ පැමිණිල්ලේ තොරතුරු ප්‍රසිද්ධ කර නැහැ
2025 අගෝස්තු මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලිස්පති ධුරයට පත්කළ ප්‍රියන්ත වීරසූරිය මහතා, මහෙස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තාව පවසයි. අගවිනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුතු අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරුන්ගේ සහ දිසා විනිසුරුවරුන්ගේ පත්වීම්, ස්ථාන මාරු, උසස්වීම් සහ විනය කටයුතු සම්බන්ධයෙන් බලතල දරයි.
එහෙත් පැමිණිල්ල ඉදිරිපත් කළ දිනය හෝ එහි අන්තර්ගතය ප්‍රසිද්ධ කර නොමැත. එම සම්පූර්ණ පැමිණිල්ල අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.
ගම්පහ මහේස්ත්රාත්වරයාට එරෙහිව පොලිස්පතිවරයා ඉදිරිපත් කර ඇති චෝදනා
2026.10.26 දිනැතිව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් කරුණු අනුව, පොලිස්පතිවරයා විසින් අදාළ මහේස්ත්රාත්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මතුකර ඇති ප්‍රධාන චෝදනා සහ විරෝධතා පහත පරිදි සාරාංශ කළ හැකිය.
1. අධිකරණ බලසීමාව ඉක්මවා කටයුතු කළ බවට චෝදනාව: ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ බලසීමාවට අයත් නොවන, දිවයින පුරා ක්‍රියාත්මක වන පොලිස් වැටලීම් හා පරිපාලන ක්‍රියාපටිපාටි සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට උත්සාහ කළ බව.
2. පොලිස්පතිවරයාගේ පරිපාලන බලතලවලට මැදිහත් වූ බවට චෝදනාව: පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිපාලන කටයුතු සහ පොලිස් චක්‍රලේඛ නිකුත් කිරීමේ ක්‍රියාවලියට අධිකරණය මැදිහත් වූ බව.
3. පොලිස් නිලධාරීන්ට සහ පොලිස් අරමුදලට දඩ නියම කිරීම පිළිබඳ විරෝධතාව: නඩු දෙකකදී වැටලීම් සිදුකළ නිලධාරීන්ට රුපියල් 25,000 බැගින් සහ පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 50,000 බැගින් ගෙවීමට නියම කිරීමේ නීතිමය පදනම පිළිබඳ ප්‍රශ්න මතු කිරීම.
4. නඩු අවසන් වූ පසු නැවත කැඳවා නියෝග නිකුත් කිරීම පිළිබඳ විරෝධතාව: සැකකරු වරද පිළිගෙන දඩ නියම කිරීමෙන් අනතුරුව නඩු නැවත කැඳවා පොලිස් නිලධාරීන්ට අදාළ නියෝග ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම.
5. අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසිය ගත් පියවර ප්‍රමාණවත් නොවන බවට සැලකීම පිළිබඳ විරෝධතාව: නියෝජ්‍ය පොලිස්පතිවරයා නිකුත් කළ අංක 02/2026 දරන උපදෙස් පත්‍රිකාව අධිකරණය විසින් ප්‍රමාණවත් නොවන බවට සැලකීම පිළිබඳව ප්‍රශ්න මතු කිරීම.
6. පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන නිසි ලෙස සැලකිල්ලට නොගත් බවට තර්කය: පොලිස් ආඥා පනතේ 21(3) වගන්තිය යටතේ පොලිස්පති යන අර්ථ දැක්වීමට නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද ඇතුළත් වන බව සැලකිල්ලට නොගත් බවට විරෝධය දැක්වීම.
7. පොලිස්පතිවරයාට නිසි ලෙස දැනුම් නොදුන් නියෝගයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම: අධිකරණ නියෝගයක් තමන් වෙත නිල වශයෙන් නොලැබුණු බව සඳහන් කරමින්, එය ක්‍රියාත්මක නොකළ බවට මතුවූ චෝදනා පිළිබඳ විරෝධය පළ කිරීම.
8. පොලිස්පතිවරයාට එරෙහි අධිකරණ අපහාස ක්‍රියාමාර්ග පිළිබඳ විරෝධතාව: අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුතු ආරම්භ කිරීමට පියවර ගත් බවට පළවූ වාර්තා පිළිබඳ ප්‍රශ්න මතු කිරීම.
9. විවෘත අධිකරණයේදී පොලිසිය දෝෂදර්ශනයට ලක්කළ බවට චෝදනාව: මහේස්ත්‍රාත්වරයා අධිකරණයේදී සිදුකළ බව කියන ප්‍රකාශ මඟින් ශ්‍රී ලංකා පොලිසිය සහ එහි ඉහළ නිලධාරීන් මහජනතාව ඉදිරියේ අපකීර්තියට පත්වූ බව.
10. අධිකරණ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පොලිසියේ කීර්තිනාමයට හානි සිදුවූ බවට චෝදනාව: මහේස්ත්රාත්වරයාගේ ප්‍රකාශ පදනම් කරගනිමින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පොලිසිය දැඩි විවේචනයට ලක්වූ බව.
11. අධිකරණ ක්‍රියාමාර්ග දේශපාලන විවේචන සඳහා පදනමක් වූ බවට චෝදනාව: අදාළ අධිකරණ නියෝග සහ ප්‍රකාශ පදනම් කරගනිමින් ඇතැම් දේශපාලනඥයන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පොලිස්පතිවරයා, පොලිසිය සහ රජය විවේචනය කළ බව.
12. නීතිමය ක්‍රියාපටිපාටියේ අක්‍රමිකතා සිදුවූ බවට චෝදනාව: අදාළ නඩු විභාග කිරීම, නියෝග නිකුත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළ නීතිමය හා ක්‍රියාපටිපාටිමය අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා කිරීම.
නීතිය නවන නැවිල්ල!
ගම්පහ සිද්ධිය සමඟ, පසුගිය මැයි මාසයේ යාපනය මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජා මහතාට ලබාදුන් හදිසි ස්ථාන මාරුවද යළි සිහිපත් කරයි.
අප්‍රේල් 22 වැනිදා යාපනය මහාධිකරණයට පත්කළ ඔහු, දින පහකට පසු පේදුරුතුඩුව නගර සභාවේ තීරණ සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායහන් මහතා නියම කළ විමර්ශනයක් සති දෙකකට අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කර තිබිණි.
පසුව මැයි 18 වැනිදා එම නියෝගය ඉවත් කර පෙත්සම ප්‍රතික්ෂේප කරමින් පළාත් පරිපාලනයට පක්ෂව තීන්දුවක් ලබාදී තිබේ.මැයි 21 වැනිදා, 2020 වසරේ හෙරොයින් ග්‍රෑම් 1.475ක් සමඟ අත්අඩංගුවට ගත් පොම්මාවෙලි ප්‍රදේශයේ කාන්තාවකට වසර හතක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබූ අතර, මැයි 25 වැනිදා රාජ්‍ය සහ පෞද්ගලික බස් සේවා සඳහා ඒකාබද්ධ කාලසටහනක් සකස් කරන ලෙස පළාත් ප්‍රවාහන අධිකාරියට නියෝග කර තිබේ.
මැයි 28 වැනිදා ඔහු කිලෝමීටර් 350ක් පමණ දුරින් පිහිටි බදුල්ල සිවිල් අභියාචනා මහාධිකරණයට මාරුකර ඇති අතර, එය මැයි 31 වැනිදා සිට ක්‍රියාත්මක කර ඇත.
නියෝගයක දෝෂයක් නම් විසඳුම අභියාචනා ක්‍රියාවලිය තුළයි
වාර්තාව සඳහා අදහස් දැක්වූ නීතිඥවරුන් සහ විශ්‍රාමික විනිසුරුවරුන් පෙන්වා දී ඇත්තේ, මහෙස්ත්‍රාත්වරයෙකු සිය අධිකරණ බලය ඉක්මවා කටයුතු කර ඇත්නම් හෝ නීතිමය දෝෂයක් සිදුකර ඇත්නම් එයට පිළියම අධිකරණ ක්‍රියාවලිය තුළ සෙවිය යුතු බවයි.
ඔවුන් සඳහන් කරන පරිදි, අගතියට පත් පාර්ශ්වයකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154P ව්‍යවස්ථාව යටතේ පළාත් මහාධිකරණයට හෝ 138 ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණයට ප්රතිශෝධන සහනයක් ඉල්ලා යා හැකිය.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ විනය බලතල විනිසුරුවරුන්ගේ විෂමාචාර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අතර, තීන්දුවක නීතිමය දෝෂ නිවැරදි කිරීම ඉහළ අධිකරණවල කාර්යයක් බව ඔවුන්ගේ අදහසයි.
එවැනි අධිකරණමය පිළියම් වෙනුවට විනිසුරුවරයෙකු මාරුකිරීම සිදුවන්නේ නම්, එය ස්වාධීනව සහ සාධාරණව නඩු තීරණය කරන විනිසුරුවරුන් අධෛර්යවත් කිරීමටත්, අධිකරණයට මැදිහත්වීමක් හෝ එහි නිලධාරීන් බියගැන්වීමක් ලෙස සැලකීමටත් ඉඩ ඇති බව ඔවුන් අනතුරු අඟවා තිබේ.
