අනුර රටේ මිනිස්සු කන්නෙ බත්! ඩොබියෝ නම් තණකොළ කනවා! ඉන්ධන පිරවුම්හල් 75ක් හදලා ඉන්ධන කරයි ලබ්බක්!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
පෞද්ගලික ඉන්ධන සමාගම්වල බෙදාහැරීම් සීමා කිරීම හමුවේ රජය යළි වෙළෙඳපොළට සෘජුව මැදිහත් වෙයිද? නව පිරවුම්හල් 75 සඳහා වැයවන මුදල කීයද? අවසානයේ ජනතාවට ලැබෙන සහනය කුමක්ද?
ශ්රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්රය තුළ රජය සහ පෞද්ගලික සමාගම් අතර පවතින ප්රතිපත්තිමය මතභේද තවත් පැහැදිලි කරමින්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) හරහා දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කර තිබේ. සමාන්යයෙන් කටට එන ඔනැම බොරුවක් කට හැඩකර කිමට හැකි අනුරට මේ බොරුව එතරම් ලොකු බොරුවක් නොවන බව රටේ ජනතාව දනි.නමුත් එය අනිකුත් බොරු සමග සැසඳීමේදි බයානක බොරුවක් වන්නේ මන්ද යන්න විමසා බැලිම ඉතාම වැදගත් ය.
මන්ද ඉන්ධන ගැටලුව දෙස රටේ ජනතාව ඉතාම විමසිල්ලෙන් බලා සිටින අතර එය දැන් හොමුස් සිට ලංකාවේ ඉන්ධන පිරවුම් හල් දක්වාම පැමිණ තිබේන නිසාය.
ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව – 2026 අමතමින් ජනාධිපතිවරයා මෙම තීරණය අනාවරණය කළ අතර, පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් සිය සැපයුම් සීමා කිරීම සහ ඉහළ ලාභ අපේක්ෂාවන් මත ක්රියා කිරීම මෙම තීරණයට හේතුවූ බව ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්රකාශය ඉන්ධන බෙදාහැරීමේ තරගකාරීත්වය, පෞද්ගලික ආයෝජන, රාජ්ය ව්යාපාරවල ලාභදායීත්වය සහ පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ වැදගත් ප්රශ්න කිහිපයක් මතු කරයි.
පෞද්ගලික සමාගම්වලට එරෙහිව රජය ගන්නා පියවර
දිවයිනේ ඉන්ධන පිරවුම්හල් 1,440ක් අතරින් 887ක් Ceypetco ජාලයට අයත් වේ. ඉතිරි පිරවුම්හල් 553 පෞද්ගලික සමාගම් තුනක් යටතේ ක්රියාත්මක වේ.
| ඉන්ධන බෙදාහැරීමේ ජාලය | පිරවුම්හල් සංඛ්යාව |
|---|---|
| Ceypetco | 887 |
| Lanka IOC | 273 |
| Sinopec | 150 |
| RM Parks | 130 |
| එකතුව | 1,440 |
මෙම දත්ත අනුව රජයේ සැලසුම් කර ඇති නව පිරවුම්හල් 75 ක්රියාත්මක වුවහොත්, දැනට පවතින සංඛ්යාවට සාපේක්ෂව Ceypetco ජාලය පිරවුම්හල් 962ක් දක්වා ඉහළ යනු ඇත. 553ක් වෙනුවට 75ක් දි අර්බුදය විසඳීමට යෑම අතීසාරයට අමුඩ ගහනවාට වඩා දෙවැනි නැත. අනිත් අතට මෙහි වැදගත්ම ප්රශ්නය වන්නේ පිරවුම්හල් සංඛ්යාව ඉහළ දැමීම පමණක් නොව, ඒවාට අඛණ්ඩව ඉන්ධන සැපයීමට අවශ්ය ආනයන, ගබඩා සහ ප්රවාහන ධාරිතාව පවතින්නේද යන්නයි.
බිලියන 28ක ලාභයක් තිබියදීත් ඉන්ධන මිල අඩු නොකරන්නේ ඇයි?
CPC සභාපති ඩී.ජේ. රාජකරුණා ඔක්තෝබර් 2 වැනිදා ප්රකාශ කළ පරිදි, සංස්ථාව 2025 වසරේ රුපියල් බිලියන 36ක ලාභයක් ලබා ඇති අතර 2026 වසරේ මේ දක්වා රුපියල් බිලියන 28ක ලාභයක් වාර්තා කර තිබේ.එම ලාභය යටිතල පහසුකම් සංවර්ධන ව්යාපෘති සඳහාද යොදාගෙන ඇති බව ඔහු සඳහන් කර ඇත.
පෞද්ගලික සමාගම් සමඟ ඇතිව තිබෙන මතභේදයේ මූලික හේතුවක් වන්නේ ජාත්යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව දේශීය සිල්ලර මිල වැඩි නොකිරීමට රජය ගෙන ඇති තීරණයයි.බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත්තේ පෞද්ගලික සමාගම්වලට මාස තුනක් සඳහා ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් ලබාදීමට පියවර ගෙන ඇති බවයි.එහෙත් එම සහනාධාරය ප්රමාණවත් නොවන බව පෙන්වා දෙමින් සමාගම් සැපයුම් සීමා කර තිබෙන බවද අමාත්යවරයා පිළිගෙන ඇත.
අලුත් පිරවුම්හල් 75ට වැයවන මුදල කීයද?
නව ඉන්ධන පිරවුම්හල් 75 සඳහා නිශ්චිත ඇස්තමේන්තුගත වියදමක් මෙතෙක් ප්රසිද්ධ කර නොමැත.
එබැවින් පහත කරුණු පිළිබඳව රජය සහ CPC පැහැදිලි තොරතුරු ඉදිරිපත් කිරීම වැදගත් වේ.
- නව පිරවුම්හල් 75 සඳහා අවශ්ය ඉඩම් රජය සතුද, නැතහොත් මිලදී ගැනීමට හෝ බදු ගැනීමට සිදුවේද?
- එක් පිරවුම්හලක් ඉදිකිරීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය කොපමණද?
- ඉදිකිරීම් සඳහා මුදල් ලබාගන්නේ CPC ලාභයෙන්ද, ණය මගින්ද, නැතහොත් පෞද්ගලික අලෙවි නියෝජිතයන්ගේ ආයෝජන මගින්ද?
- ඉදිකිරීම් සහ මෙහෙයුම් සඳහා තරගකාරී ප්රසම්පාදන ක්රමවේදයක් ක්රියාත්මක වේද?
- පිරවුම්හල් 75 විවෘත කිරීමෙන් පසු ඉන්ධන බෙදාහැරීමේ වියදම සහ පාරිභෝගිකයාට ලැබෙන ප්රතිලාභය කොපමණද?
ආයෝජන සමුළුවකදී පෞද්ගලික සමාගම් විවේචනය කිරීමෙන් ලැබෙන පණිවිඩය
ජනාධිපතිවරයා මෙම ප්රකාශය සිදුකර ඇත්තේ දේශීය හා විදේශීය ආයෝජකයන් සහභාගි වන ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුවේදී වීමද විශේෂත්වයකි.පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ අත්යවශ්ය සේවා සම්බන්ධයෙන් රාජ්ය මැදිහත්වීම ශක්තිමත් කිරීම එකිනෙකට අනිවාර්යයෙන් පටහැනි ප්රතිපත්ති නොවේ.එහෙත් ආයෝජකයන්ට පැහැදිලි, ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි නියාමන රාමුවක් අවශ්ය වේ. ඒ සමඟම රජයට පාරිභෝගික ආරක්ෂාව සහ ජාතික බලශක්ති සුරක්ෂිතතාව සහතික කිරීමේ වගකීමක් පවතී.
ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ සහ ආයෝජන අවස්ථා පිළිබඳ ජාතික සහ ජාත්යන්තර අවධානය යොමු කරමින් කොළඹ ෂැංග්රිලා හෝටලයේ පැවැත්වෙන 2026 ශ්රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව වැනි ජාත්යන්තර අයෝජකයින් හමුවේ පෞද්ගලික සමාගම් විවේචනය කිරීමෙන් රටට ලැබෙන්නේ මොනවාද යන්න හිතන්නට අනුරට බැරිය. සල්ලි ඇති මිනිසුන් හොරුන් ලෙස දකින ඇරියස් කාරයෙක් විදේශ ආයෝජකයන් හමුවේ මේ කල ප්රකාශයට විදවන දිනය ඇතක නොවේ.
