නාමල්ට අදත් ඇප නෑ! Born Again සුරයා සමග ජධාපති අධිකරණය සියතට අරන්!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
2013 වසරේදී ශ්රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන් බල ඇණියක් මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ලබන 27 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අධිකරණය විසින් ප්රතික්ෂේප කරනු ලැබීය.
අල්ලස් කොමිසම විසින් මෙම නඩුව සම්බන්ධයෙන් මහාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කඩිනමින් අධිචෝදනා පත්ර ගොනු කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී තිබීමද ඇප ලබා නොදීමට ප්රධාන හේතුවක් ලෙස දක්වා තිබේ.
උසාවියේ සාමාන්ය ක්රමවේදය නම් මුලික පරීක්ෂණ අවසන් නම් ඇප ලබාදීමයි. නමුත් අසංක එස් බෝදරගම විනිසුරුවරයා ප්රකාශකලේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරීමට සූදානම් බැවින් එය සුවිශේෂී කරුනක් ලෙස සලකා ඇප ලබාදිය නොහැකි බවයි. ඒ අනුව 22 වන Born Again ව්යවස්ථා සංශෝධනය හරහා සමස්ථ අධිකරණ පද්ධතියම ජධාපතිගේ ග්රහණයට ගෙන ඇති බව ඉතාම පැහැදිලිය.
පසුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ මව සහ පියාගේ හදිසි රෝගී තත්ත්වයන් පදනම් කරගනිමින්, ඔවුන්ගේ සත්කාරක කටයුතු හා වෛද්ය අවශ්යතා සලකා බලා සැකකරුට ඇප ලබා දෙන ලෙස විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, එම ඉල්ලීම තරයේ ප්රතික්ෂේප කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේ අදාළ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් නිල වෛද්ය සහතික හෝ නිසි ලියකියවිලි මගින් මෙතෙක් අධිකරණය දැනුවත් කර නොමැති බවයි. “මාධ්යයේ පළ වූ පමණින් අධිකරණයට තීන්දු තීරණ ගත නොහැකි” බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා, නීත්යානුකූල සාක්ෂි සහ ලේඛන මත පමණක් පදනම්ව කටයුතු කරන බව අවධාරණය කර තිබේ.
