October 22, 2026

1989 පෙබරවාරි මස 8 වැනිදා JVP එල්ල කල ප්‍රහාරය! සහ අනුරගේ පස්ස හොදන SJB!

0
Gritty Political Collage_ History and Power

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ආණ්ඩුවේ කසල ශෝධකයන් ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාසගේ SJB ඇම්බැට්ටයින් පිරිසක් අද ශ්‍රි ලාංකික පමණක් නොව ලෝක බෞද්ධයාගේද ගෞරවයවයට පාත්‍ර වු ශ්‍රි දළදා මාලිගාවට ගොස් ජනපතිගේ පස්ස සොදා එය ජනතාවගේ ඔලුව මත හැලු අකාරය දැන් රටම දැක අවසන්. සජිත්ගේ හැසිරිම, සහ එම ගිය SJB කණ්ඩායම බැලු විට ගියේම අනුරගේ පස්ස සේදිමට බව ඉතාම පැහැදිලිය.

අනිත් අතට මල්වතු මහා නා හිමියෝ එනම් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මොනතරම් පහත් තත්ත්වයකට වැටි ඇද්ද යන්න එම අවස්ථාවේ මාධ්‍යයට අනාවරණය වු විඩියෝ අනුව ජනතාව දකින්නට ඇත.

අප රටේ ජනතාවට ඉතාම වැදගත් කොටස් දෙකක් පමණක් උපුටා ගන්නේමි. ඉන් පළමු වැන්න ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බවට තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ කල ප්‍රකාශයි.

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මහා නා හිමියන් හමුවේ අදහස් දක්වමින් ” මේ අය මාලිගාවට බෝම්බ ගැහුවා යනුවෙන් පැවසීය.

මල්වතු මහා නා හිමි:-

මේ අය බෝම්බ ගැහුවා කියලා කොහොමද කියන්නේ.

මද්දුම බණ්ඩාර මහතා:-

එහෙම කියනවනේ හාමුදුරුවනේ.

මල්වතු මහා නා හිමි:-

නෑ නෑ කවුරුවත් කිව්වට අපි දන්නවනේ.තුවක්කු උදුර ගත්තා.මුලට හිටපු පොලිසියේ තුවක් උදුර ගත්තා.එල්.ටී.ටී ඊ කාරයෝ වගේ බෝම්බ ගැහුවේ නෑ.

එහි ඉතාම් වැදගත් වාක්‍ය වන්නේ “එල්.ටී.ටී ඊ කාරයෝ වගේ බෝම්බ ගැහුවේ නෑ.”යන්නයි. එයින් තහවුරු වන්නේ බෝම්බ ගැහුවා එත් LTTE කාරයෝ වගේ නෑ යන්නයි. එය සරලවම කිවහොත් කන්න අවශ්‍ය වු විට කබරගොයා,තලගොයා විම ය.

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ පමණක් නොව ලෝක බෞද්ධ ප්‍රජාවගේද අතිමහත් ගෞරවාදරයට පාත්‍ර වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව අද සිදුවූ බව පැවසෙන දේශපාලන හමුව සහ එහිදී හුවමාරු වූ අදහස් බරපතළ මහජන සංවාදයකට ලක්විය යුතුය.

1989 පෙබරවාරි මස 8 වැනිදා JVP එල්ල කල ප්‍රහාරය!

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ සෙංකඩගල පුරවරයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූයේ 1989 පෙබරවාරි මස 8 වැනිදාය.එදින සවස් වරුවේ ඇලහැර ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් JVP ත්‍රස්තවාදී කල්ලිය නඩයක් ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දානයක් ලබාදෙන කණ්ඩායමක් ලෙසින් ඇතුල් විය.

ඔවුන් මෙලෙස දානයක් දීමට දීන වෙන් කර ගෙන තිබුනේ 1989 පෙබරවාරි මස 8 වැනිදාට මාස 3කට පෙර ය.එකල තේවාව බාරව සිටි අස්ගිරි මහා විහාරයේ ලේකම් පනීපාන සිරිනිවාස ස්වාමින්වහන්සේය.එදින සවස් වරුවේ උන්වහන්සේට දැහැත් පූජා කර, ගිලන්පසට අවශ්‍ය බඩු බාහිරා දිය ද මුලුතැන්ගෙට ලබාදීමට වන්දනා නඩය කටයුතු කර තිබුණි.

ශ්‍රී දළදා මාලිගාවේ සන්ධ්‍යාවේ තේවාව සෑම දිනකම ආරම්භ වන්නේ සවස 6.30ට ය.තේවාව ආරම්භවීමට පෙර සවස 6.15ට හේවිසි වාදනය ආරම්භය කිරීම සිදුකෙරේ.වන්දනා නඩයක් ලෙසින් පැමිණ මෙම කණ්ඩායම හේවිස වාදනය කිරීම ආරම්භ කිරීමත් සමග උඩමළුවේ දොර පියන් විවෘත කළේය යැයි සිතා ශ්‍රී දළදා මාලි‌ගාවට ආරක්ෂාව සපයන පොලිස් මුරපොළට පහරදීමට ආරම්භ කළේය.

එකල ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් මුරපොල පිහිටියේ පත්තිරුප්පු යට කොටසේය.එහි ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ සනත් කුඹුර නමැති නිලධාරියෙකි.එම අවස්ථාව වන විට විශාල බැතිමතුන් පිරිසක් ද තේවාවට සහභාගි වී සිටියහ.මෙම කණ්ඩයාම අනතුරුව අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිවුරුව අසළ තබා තිබූ පොලිස් මුරපොලේ ගිනිඅවි රාක්කය පිහිටි ස්ථානයේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ට ද තියුණු ආයුධ වලින් පහර දී වෙඩි තබා තිබුණි.

ගිනිඅවි වලින් හේවිසි මණ්ඩප්පයට ද වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ අතර, එම වෙඩි ප්‍රහාරවලින් ගල් කණුවකට එල්ල වූ වෙඩි උණ්ඩයක සළකුණු අදටත් එම ස්ථානයේ දක්නට ලැබේ.ඉන්පසුව මුළුතැන්ගෙයි පිහිටි හමුදා මුරකුටියට ද ප්‍රහාරයක් එල්ල කර එහි නිලධාරීන් සිව්දෙනෙකුට පමණ තියුණු ආයුධ වලින් පහරදී තිබුණි.

මෙම මිලේච්ඡ කණ්ඩායම එල්ල කළ වෙඩි ප්‍රහාාරයකින් ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ වූ දළදා වීදියේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක සිටි සිවිල් වැසියෙකුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.එම ප්‍රහාාරයෙන් තුවාල ලැබුවේ එ වන විට මහනුවර නගර සභාවේ සේවකයෙකි.වෙඩි වැදීමෙන් ඔහුට එක් පාදයක් ද අහිමි විය.මෙම ප්‍රහාරයෙන් ශ්‍රී දළදා මාලිගයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්, හමුදා සෙබළුන් කිහිපදෙනෙකු ද බරපතල තුවාල ලැබුවේය.

මොවුන්ගේ අරමුණ වූයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව දන්ත ධාතුන් වහන්සේට පළදවාා තිබූ රන් ආභරණ පැහැරගෙන, ආරක්ෂක අංශවල ගිනිඅවි පැහැර ගැනීම බවට තොරතුරු වාර්තා වේ.මෙකී ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කළ ප්‍රහාරයක් බවට චෝදනා එල්ල වන අතර, මීට අවුරුදු කිහිපයකට පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදීන් විසින් ද ශ්‍රී දළදා මාලිගාවට මෙවැනිම මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඒ දළදාවට එල්ල කල ප්‍රහාරයයි…. එය ත්‍රස්තවාදී LTTE කල ප්‍රහාරයට වඩා ලොකුද? පොඩිද යන්න විමසා බැලිම් ඔබ සතු කාර්‍යයකි.

සජිත්ගේ ඇම්බැට්ටයන්ගේ අනිත් ෆුල්ටොස් එක වුයේ ශ්‍රී දළදා මාලිගාවේ දීර්ඝ ඉතිහාසයක් සහිත “මහ කරඬුව” ඉවත් කර ඒ වෙනුවට කුප්‍රකට ව්‍යාපාරිකයෙකු විසින් අලුතින් නිර්මාණය කළ කරඬුවක් යොදාගැනීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සමාජය තුල පැන නැගි ඇති ප්‍රශ්ණාර්ථය සමාජ හමුවේ දියකර හැරිමට SJB අමන රැල භාවිතා කල උප්‍රකමයයි.

“කරඬුව ගැන මොකක්ද?

හොඳ කරඬුවක් දීලා තියෙනවා. ඒක අපි …”
“පරණ කරඬුවක් තියෙනවා. ඒවා විකුණා ගත්තේ නෑ.”
“කෞතුකාගාරයේ තියෙනවාද, පහළ … තියෙනවාද කියන එක අපි තීන්දු කරගෙන තැනක තියෙනවා.”
“ඒකේ කිසි වරදක් නෑ.”

ඒ අනුව ඉතාම පැහැදිලිව අප දිගින් දිගටම අනාවරණය කල පරිදිම ශ්‍රි ලංකා රාජ්‍යයත්,සම්බුද්ධ සාසනයත් ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රි දළදා වහන්සේ තැන්පත් කර තිබු ශ්‍රි දළදා මාලිගාවේ “මහ කරඬුව” ඉවත්කිරිමේ ක්‍රියාවලියේ කුමන්ත්‍රණය පසුපස මහා නායකලා ලෙස පෙනි සිටින මේ සිවුරු රඳවනද සිටින බව දැන් ඉතාම පැහැදිලිය. අනිත් අතර සිංහල බෞද්ධයන් වෙනුවෙන් “මහ කරඬුව” ස ම්බන්ධයෙන් ඇත්ත කී ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්නගෙන් මහානායක උන්නැහේ වෛරය පිරිමැසු අයුරු රටේ සමස්ථ ජනතාවම රූපවාහිණිය හරහා දැක අවසන්. ඒ අනුව

එය දළදා මාලිගාවේ ආරක්ෂිතව තැන්පත් කර තිබේද? විශ්වාසය නැත.

එය ඉවත් කිරීමට තීරණය කළේ කවුද? මහා නායක හිමියන්, කුප්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර, කාමන්ත අමරසේකර ප්‍රදීප් නිලංග,ක්‍රිෂාන්ත හිස්සැල්ල

ඒ සඳහා විධිමත් ලිඛිත අනුමැතියක් තිබේද? නැත

නව කරඬුව භාරගැනීම සහ පැරණි කරඬුව භාවිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ භාරකාර මණ්ඩලයේ තීරණ මොනවාද? කිසිවක් නැත.

පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික වටිනාකම සම්බන්ධයෙන් විශේෂඥ මතයක් ලබාගෙන තිබේද? දන්නා තරමින් නැත.(කිසිදු ලේඛනගත් සාක්ෂියක් නොමැත.)

ඒ අනුව ඉතාම පැහැදිලිව සජිත්ගේ SJB කුක්කන් දළදා මාලිගාවටම ගොස් එක් පැත්තකින් රටේ සිංහල බෞද්ධයා පාවාදෙමින් අනුර කුමාර ඇතුලු අන්තවාදීන් ගෙන යන කුමන්ත්‍රණකාරි පාවාදිම ජනතාව හමුවේ පාවාදීමට කටයුතු කර තිබේ.අනිත් පැත්තෙන් අනුර කුමාරගේ පස්ස සොදා ඒ වතුර බාල්දිය ජනතාවගේ ඔලුවටම අතහැර දමා තිබේ. දැන් ජනතාව එක දෙයක් තීන්දු කල යුතුය. මේ පජාත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු නධය තවදුරටත් තබාගත යුතුද යන්නයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed