October 1, 2026

ජනපතිට දුන් පහරක් ආරක්ෂක නිලධාරියාට වැදුණාද!  මාධ්‍යවේදියා පැලවත්තේ හයිය අරන්ද!

0
UNP_SIRASA

සිරස පාතාලයේ කැමරාකරුවෙකු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයෙකුට ඊයේ(30) කල පහරදීම හිටපු ජනාධිපතිවරුන් ඉලක්ක කර සිදුකල පෙරෙහුරුවක්ද යන්න සැක සහිත බව එක්සත් ජාතික පක්ෂය අවදානමක් මතු කරමින් පෙන්වා දෙනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමද එමඅ අස්ථාවට එක්ව සිටියා.

“අපි මාධ්‍ය හමුවක් තියන්න හිටියේ නැහැ… මේ සිද්ධියට වටගල මහතා මේක සුළු සිද්ධියක් කිව්ව නිසා තමයි මාධ්‍ය හමුවක් තියන්නේ”

රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල කළ පහරක් ආරක්ෂක නිලධාරියාට වැදුණාද

මාධ්‍ය ආයතනය කණගාටුව පළ කර නෑ…මොහුට විරුද්ධව ගත්ත විනයානුකූල පියවර මොකක්ද? මේකට තමයි ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය..චමින්ද විජේසිරට දඬුවම් දුන්නා පොලිස් නිලධාරියෙකුට ඇඟේ හැප්පුනා කියලා ජනාධිපති ආරක්ෂකයකුට ඔලුවට ගැහුවාම කීයක්ද?

මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේකද අවුරුදු හැත්තෑ ඒ සාපයකින් ආදේශපාලන වෛරයක් ඇති කළා. කවුරුත් බලය ගන්න එන්නෙ නැති වෙලාවක අවංකව අධිෂ්ඨානයෙන් රනිල් රට බාර ගත්තා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed