September 26, 2026

22කට විපක්ෂව විපක්ෂය එක පෙරමුණකට! රවී/ෆයිසර්/නයනතිලක මගහරි!

0
22_Opp

මැත ඉතිහාසයේ පලමු වරට සියලුම පක්ෂ එකට එක්ව 22 වන සංශෝධනයට එරෙහිව සිය ඡන්දය භාවිතා කළා.22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය වු අද දිනයේ පනතට එරෙහිව ඡන්ද 63ක් ලැබුන අතර පැලවත්තේ ජුන්ටාවට බය මාලිමාවේ 158 දෙනාම පක්ෂව සිය ඡන්දය භාවිතා කර සිටියා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි අතර ඔහු ඔනෑකමින් පාර්ලිමේන්තුව මගහැර තිබු බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ. මීට අමතරව කාලයක සිට අනුර සමග ඩිල් දමමින් සිටි ෆයිසර් මුස්තාෆා මරණ දණ්ඩණය හිමිවි සිටින අනොජන්ගේ පහනෙන් එලිය බැලු අතර මන්ත්‍රීකම අහෝසී වන නිසා මාස 3කට සැරයක් පමණක් පාර්ලිමේන්තුවට එන නයන වාසලතිලකද අද පැමිණ සිටියේ නෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට සියලු දෙනාම පක්ෂ බව පැවසීම විශාල අතිශයෝක්තියකි.එය පසුගිය කාලය පුරාම අප සමග කතාකල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂීය මැනවින් දනී. නමුත් ඔහුන්ට පැලවත්තේ ජුන්ටාවෙන් ගැලවි ජිවත් වන්නට නොවන බව ඔහුන් හොදින්ම දනී.ඒ නිසාම පැලවත්ත කියන ඔනෑම දෙයකට අත උස්සනවා විනා ඔහුන්ට දැනට කරන්නට දෙයක් නැති බව අප දනිමු.

ඉතිහාසය පුරාම මෙවැනිම මතභේදාත්මක නීති කෙටුම්පත් මෙන්ම, මෙයද ආණ්ඩුව ඔවුන් සතු තුනෙන් දෙකක බහුතර බලය භාවිත කර සම්මත කරගෙන ඇත. එහෙත්, මෙය දේශපාලනික වශයෙන් කොතරම් විශාල වැරැද්දක්ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *