September 19, 2026

දේශපාලන ක්ෂේත්‍රයේ රැඩිකල් වෙනස වෙනුවෙන් හරිත පත්‍රිකාව එළිදකී! ථෙරවාදී ලක්ෂණ සහිත ආර්ථික ක්‍රමයක්!

0
GREEN

දේශපාලන ක්ෂේත්‍රයේ රැඩිකල් වෙනස තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව උදෙසා වූ පොදු දීර්ඝ කාලීන ප්‍රතිපත්ති රාමුව වෙනුවෙන් කෙරෙන සාකච්ඡාමය ලේඛනය හෙවත් රටේ ඉදිරි අවුරුදු විස්ස සඳහා හරිත පත්‍රිකාව නමින් වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂය අද රටට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) රැස්වු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හමුවේදිය.එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද සවස කෝට්ටේ සිරි කොත මන්දිරයේදී පැවැත්වුණා.

හරිත පත්‍රිකාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබු අතර ථෙරවාදී ලක්ෂණ සහිත ආර්ථිකයක් මෙමගින් යෝජනා කෙරේ.ඉදිරි අවුරුදු විස්ස සඳහා රටේ ආර්ථිකය සැලසුම් කිරීම මෙම හරිත පත්‍රිකාවේ අරමුණ වන අතර මාතෘකා නමයක් යටතේ මෙය විග්‍රහ කෙරෙනවා.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ විශේෂ අවස්ථා සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed