September 19, 2026

පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ශානි බේරගන්න බුද්ධි කුමන්ත්‍රණය! අනුර, මේ දූෂිත, කල්ලතෝනි නිලධාරීන්ට රැකවරණය දෙන්නේ රටේ අනාගතය පරදුවට තියලාද?

0
SHANI_RAVI_IS

මෑතකදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් අධිකරණය හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින්, 2019 අප්‍රේල් මාසයේදී රාජ්‍ය බුද්ධි සේවාවේ (SIS) නිලධාරියෙක් සහරාන්ගේ සහෝදරයා වන සයිනිව හමුවී තේ බී සතුටු සාමිචියේ යෙදී පැමිණි බවත්, එදා ඔවුන්ව අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ප්‍රහාරය සිදු නොවන බවත් පැවසීය. බැලූ බැල්මට මෙය බුද්ධි අංශ දෙසට ඇඟිල්ල දිගු කරන බරපතල චෝදනාවක් වුවත්, පාස්කු කොමිෂන් සභා වාර්තා සහ සැබෑ සිදුවීම් පෙළගැස්ම විමසා බැලීමේදී පෙනී යන්නේ මෙය තම වගකීම් පැහැර හැරිය ශානි අබේසේකරගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තම නිරුවත වසාගැනීමට ගසන තුරුම්පුවක් බවයි.

වර්තමානය වන විට මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ, දේශපාලන හිතවත්කම් මත පත් වූ දූෂිත හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයෙකුගේද පූර්ණ අනුග්‍රහය ඇතිව සමස්ත ජාතික ආරක්ෂාවම අනතුරේ හෙළමිනි.

බුද්ධි අංශ සහ පොලිසියේ රාජකාරිය පටලවා ගැනීම

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් පොලිස් නිලතල දරන්නේ පරිපාලන පහසුවට මිස එය පොලිස් ස්ථානයක් නොවේ. එය ක්‍රියාත්මක වන්නේ පොලිස්පති යටතේ නොව ආරක්ෂක අමාත්‍යාංශය යටතේය. බුද්ධි අංශවල රාජකාරිය වන්නේ තොරතුරු රැස්කර, විශ්ලේෂණය කර තීරණ ගන්නා සහ නීතිය ක්‍රියාත්මක කරන පාර්ශවයන්ට ලබා දීමයි. බුද්ධි අංශ නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට ඇති එකම නීතිමය ප්‍රතිපාදනය පොලිස් ආඥා පනතේ 56 වගන්තිය වුවත්, රහසිගතව අපරාධකරුවන් අතර ගැවසෙමින් තොරතුරු රැස් කරන මෙහෙයුමකදී ඔවුන්ට එම වගන්තිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැක.

බුද්ධි නිලධාරියා අදාළ තොරතුරු රැස්කර නිලන්ත ජයවර්ධන හරහා පොලිස්පති, ආරක්ෂක ලේකම් සහ රවී සෙනෙවිරත්න දක්වාම යවා තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වීමේ නීතිමය වගකීම සම්පූර්ණයෙන්ම පැවරී තිබුණේ පොලිසියට සහ සී.අයි.ඩී.යටයි.

කොමිෂන් වාර්තාවෙන් හෙළිවන සී.අයි.ඩී.යේ බරපතල අතපසුවීම්

බුද්ධි අංශ නිවැරදිව තොරතුරු ලබා දී තිබියදීත්, ශානි අබේසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් සී.අයි.ඩී.ය ක්‍රියාත්මක වූයේ නැත. පාස්කු කොමිෂන් සභා වාර්තාවේ 114 සිට 155 දක්වා ඇති පරිච්ඡේදවල මේ බව පැහැදිලිව සඳහන් වේ.

අන්තර්ජාතික සහාය ප්‍රතික්ෂේප කිරීම: 2018 දෙසැම්බර් මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට ඉන්ටර්පෝල් සහාය ගැනීමට සී.අයි.ඩී. අධ්‍යක්ෂවරයා ප්‍රතික්ෂේප කළේය.

පූර්ව දැනුවත් කිරීම් නොසලකා හැරීම: 2019 ජනවාරි වන විට රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන්ගේ අන්තවාදී සබඳතා ගැන සී.අයි.ඩී.ය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව ලිඛිතව දැනුවත් කර තිබුණි. 2017 සහ 2019 පෙබරවාරි වන විට අන්තවාදීන් 95කගේ සහ 129කගේ නාමලේඛන දෙකක් බුද්ධි අංශ විසින් සී.අයි.ඩී.යට ලබා දී තිබුණි.

මෙහෙයුම්වලට බාධා කිරීම: කැකුණගොල්ලේ සහ කාත්තන්කුඩිවල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) විසින් 2019 පෙබරවාරි 28 සහරාන්ගේ බිරිඳ ඉන්න තැනට වරෙන්තු ක්‍රියාත්මක කිරීමට යද්දී, “අපි ජාලයක් හදලා තියෙන්නේ, ඔයාලා අයින් වෙන්න” යැයි කියමින් සී.අයි.ඩී.ය ඊට බාධා කර ටී.අයි.ඩී.ය හරවා යැවීය.

සහරාන්ගේ සගයන් සමඟ තේ බීපු සී.අයි.ඩී. මෙහෙයුම

දිලීප පීරිස් බුද්ධි අංශවලට ඇඟිල්ල දිගු කළද, කොමිෂන් වාර්තාවේ (පිටු 139, 154 සහ 446) පැහැදිලිව සඳහන් වන්නේ ප්‍රහාරයට මාසයකට පෙර සහරාන්ගේ ළඟම සගයන් වැඩ කළේ ශානිගේ සී.අයි.ඩී.යට බවයි. සහරාන්ගේ මස්සිනා වන අන්සාරු සහ 2017 සිට වරෙන්තුකරුවකු වූ මුස්ලිම් කොංග්‍රසයේ සිබ්ලි ෆාරුක්ගේ ගෝලයා වූ “ආමි මොහිදීන්” ඒ වනවිට සිටියේ සී.අයි.ඩී.ය සමඟ සෘජු සම්බන්ධතා පවත්වමිනි.

2019 මාර්තු 7 වැනිදා බුද්ධි අංශ විසින් රිල්වාන්, ෂයිනි සහ ආමි මොහිදීන් සැඟවී සිටි තැන් නිශ්චිතවම සී.අයි.ඩී.යට පෙන්වා දුන්නේය. ආමි මොහිදීන්ට එරෙහිව වරෙන්තුවක් තිබියදීත්, නීතිය ක්‍රියාත්මක කරන සී.අයි.ඩී.ය ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ මොහිදීන් සමඟ තේ බී, දුරකථන අංක හුවමාරු කරගෙන ඔහුව තොරතුරුකරුවකු කරගැනීමට උත්සාහ කිරීමයි. අන්තිමේදී සිදු වූයේ එම ඔත්තුකරුවන් සී.අයි.ඩී.යට තොරතුරු දෙනවා වෙනුවට, සී.අයි.ඩී.ය තමන්ව හොයන ආකාරය සහරාන්ට පාස් කිරීමයි.

ප්‍රහාරය වළක්වා ගැනීමට තිබූ ලොකුම ස්වර්ණමය අවස්ථාව හිතාමතාම මඟහැරියේ සී.අයි.ඩී.යයි.

පදනම් විරහිත දේශපාලන චෝදනා සහ හමුදාව ඉලක්ක කිරීම

සාරාව ඉන්දියාවට පන්නා ඇත්තේ රිෂාඩ් බදියුදීන්ගේ ගෝලයෙකු වන අලවුදීන් හරහා බවත්, ඊට එකල රජයේ සහාය ලැබුණු බවත් දිලීප පීරිස් ගොඩනඟන තවත් කතාවකි. එහෙත් යථාර්ථය නම්, එදා රිෂාඩ් අත්අඩංගුවට ගත යුතු යැයි බල කළේත්, ඔහුව 2021 අප්‍රේල් 24 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තේත් ගෝඨාභය රාජපක්ෂ සහ සුරේෂ් සලේ විසිනි.

එසේම, සායින්දමරුදු මෙහෙයුමේදී සාක්ෂිකරුවන් මරා දැමූ බවට හමුදාවට චෝදනා කරන විට, එදා එම මෙහෙයුමට නායකත්වය දුන්නේ වත්මන් මාලිමා රජයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මහතා බව ඔවුනට අමතක වී ඇත. වවුනතිවු සිද්ධිය එල්.ටී.ටී.ඊ. යට බැර වී තිබියදී, එය සිදු කළේ සහරාන් ඇතුළු කල්ලිය බව 2019 අප්‍රේල් 12 වැනිදා හමුදා බුද්ධි අංශ විසින් නිශ්චිතවම වාර්තා කර තිබුණි.

සුරේෂ් සලේ ඉලක්ක කරගත් නඩුව හරහා සමස්ත හමුදාවේම ගෞරවය විනාශ කර, බාහිර පාර්ශවයන්ගේ වුවමනාව මත බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ සැලැස්මක් මෙහි ක්‍රියාත්මක වේ.

දූෂිත නිලධාරීන්ගේ ග්‍රහණයට නතු වූ වත්මන් හමුදා බුද්ධි අංශය

මෙම කුමන්ත්‍රණයට අද හමුදාව ඇතුළෙන්ම සහාය ලැබෙන්නේ, දේශපාලන හිතවත්කම් මත වත්මන් යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත්ව සිටින නෙවිල් අත්තනායකගෙනි. වසර 28ක හමුදා සේවයෙන් වසර 7ක් පමණක් බුද්ධි රාජකාරි කර ඇති මොහු, බරපතල විනය විරෝධී ක්‍රියා රැසකට චෝදනා ලැබූවෙකි. යුධ හමුදාවක් වැනි දැඩි විනයක් සහ ජ්‍යෙෂ්ඨතා අනුක්‍රමයක් මත පදනම් වූ ආයතනයක සංවේදී බුද්ධි අධ්‍යක්ෂක ධූරයට මෙවැනි පුද්ගලයෙකු පත්වීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයකි.

දූෂණ සහ වංචා: 5 වන බුද්ධි බලකායේදී බිල්පත් සකසා වැලි වංචා කිරීම හේතුවෙන් අණදෙන නිලධාරී කර්නල් අමිත් විසින් නෙරපා හරින ලද මොහු, කරන්දෙණිය මූලස්ථානයේදී ලක්ෂ 30ක ටයිල් සහ ලක්ෂ 20ක සලාක වංචා කළේය. 7 වන බුද්ධි බලකායේ සිටියදී රජයේ T-56 ගිනිඅවි සහ කැබ් රථ යොදාගෙන නිවසේ සාදයකට මුවන් මරා වනජීවී නිලධාරීන්ට හසුවූ අයෙකි.

ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ අකටයුතුකම්: සක්‍රීය සේවයේ සිටියදී මුහුණු පොත හරහා රජය විවේචනය කර යුද උසාවියකින් හමුදාවෙන් නෙරපීමට නිර්දේශ වී තිබූ මොහු, පනාගොඩදී කාන්තා අතවර සිද්ධි නිසා ස්ථාන මාරු ලැබූවෙකි. තම බලය සහ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිනියක වන බිරිඳගේ තනතුර යොදාගෙන තම වැඩිමහල් පුත්‍රයාගේ රැකියාව සඳහා හොර සහතික නිර්මාණය කළ බවටද චෝදනා එල්ල වී ඇත.

බොරු සාක්ෂි නිර්මාණය සහ පාවාදීම: ශානි අබේසේකරගේ පාස්කු සැලැස්මට අවශ්‍ය ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන්නේ මොහු විසිනි. දිලීප පීරිස්, තරිඳු උඩුවගෙදර සහ අජිත් ධර්මපාල හරහා මාධ්‍ය බැලන්ස් කරමින් රටේ සංවේදී ආරක්ෂක රහස් පිටකරයි. ලංකාවේ බුද්ධි අධ්‍යක්ෂවරයා රටේ නැති බව යූටියුබ් හරහා අජිත් ධර්මපාල කියන්නේ මේ නිසාය. සුරේෂ් සලේව කොටු කිරීමට ‘සුරංග’ නම් නිලධාරියා ලවා සාක්ෂි මවන මොහුගේ ඊළඟ අරමුණ කමේෂ් රණවීර වැනි ජ්‍යෙෂ්ඨයින් ඉවත් කර තනතුරේ රැඳී සිටීමයි.

ප්‍රංශ ගේම් එක සහ හොර පාරෙන් උසස්වීම්

තමන්ගේ පදයට නටන්නේ නැති ප්‍රංශයේ හිටපු හමුදා බුද්ධි නිලධාරියාව ලංකාවට ගෙන්වා, මිනීමරු චෝදනා ඇති චමින්ද උඩවත්තව ප්‍රංශයට යැවීමට මොහු කටයුතු කළේය. එමෙන්ම, දුක්ගැනවිල්ලක් තම බලකාධිපති හරහා යොමු කරනවා වෙනුවට, එවකට බුද්ධි අධ්‍යක්ෂ වූ දීප්ත ආරියසේන හරහා හොර පාරෙන් යවා උසස්වීම් ලබාගත්තේය. පුදුමය නම් එම දුක්ගැනවිල්ල විභාග කළ කමිටුවේ සභාපති වූයේද දීප්ත ආරියසේනම වීමයි. මෙහිදී ගායක රවින්ද්‍ර මීගමාරච්චි ඇතුළු සුදුසුකම් ලත් නිලධාරීන් ගෙදර යැවීමට කටයුතු කෙරිණි.

පොලිසිය සහ බුද්ධි අංශ අතර ඇති වී තිබෙන ව්‍යාකූලත්වයට ප්‍රධාන හේතුව මෙරට බුද්ධි සේවා සඳහා නිසි නීතිමය රාමුවක් ස්ථාපිත කර නොමැති වීමයි. ගෝඨාභය රාජපක්ෂ සමයේ නීතිපති නිර්දේශ සඳහා යැවූ “ජාතික බුද්ධි සේවා පනත් කෙටුම්පත” වහාම කැබිනට් මණ්ඩලයට දමා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත යුතුව ඇත.

එසේම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දේශපාලන මුක්කු ගසාගෙන සිටින නෙවිල් අත්තනායක වැනි දූෂිත නිලධාරීන්ගෙන් බුද්ධි පද්ධතිය පිරිසිදු නොකළහොත්, රාජ්‍ය බුද්ධි සේවාව පමණක් නොව සමස්ත ජාතික ආරක්ෂාවම බරපතල අනතුරකට ලක්වීම වැළැක්විය නොහැක.

ජනාධිපති අනුර කුමාර සහෝදරයා, ඔබතුමා මේ දූෂිත, කල්ලතෝනි නිලධාරීන්ට රැකවරණය දෙන්නේ රටේ අනාගතය පරදුවට තියලාද? “ඔක්කොම යාළුවෝ මල්ලි” කියලා මේ පාවාදෙන්නන්ට යහතින් ඉන්න දුන්නොත්, දේශපාලනයට බයේ හොරුන්ට නිල උසස්වීම් දුන්නොත්, ජාතික ආරක්ෂාව බිංදුවටම වැටිලා මේ රට ආයෙමත් ලේ විලක් වෙන එක නවත්වන්න කාටවත් බැහැ.

රාජපක්ෂලාට වෙච්ච දේම ඔබටත් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මේ දූෂිතයන්ගෙන් පද්ධතිය පිරිසිදු කරලා, ගෝඨාභයගේ කාලේ හදපු “ජාතික බුද්ධි සේවා පනත් කෙටුම්පත” (National Intelligence Act) වහාම පාර්ලිමේන්තුවට ගෙනැවිත් මේ රටේ බුද්ධි සේවාව නීතිමය වශයෙන් ශක්තිමත් කළ යුතුමයි. දේශපාලකයන්ගේ බලලෝභීකමටත්, නෙවිල්ලා වගේ නිලධාරීන්ගේ තුච්ඡකමටත් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ලේ සහ කඳුළු තවත් කොපමණ කලක් වන්දි ගෙවිය යුතුද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed