September 22, 2026

22 ගැන ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මතය මෙන්න!

0
CBCSL

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි.

විනිසුරුවරුන්ගේ පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස වැඩි කිරීමේ කැබිනට් තීරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනයේ (CBCSL) ප්‍රකාශය නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය සෑම අවස්ථාවකදීම ආරක්ෂා කළ යුතු බවයි.

2026 ජූලි 27 වැනිදා ප්‍රකාශයට පත් කළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව, අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ ප්‍රාදේශීය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බැවින් පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අවශ්‍යතාව මත මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය (Catholic Bishops’ Conference in Sri Lanka – CBCSL), ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ලෙසද හැඳින්වේ. මෙය ශ්‍රී ලංකාවේ රෝමානු කතෝලික සභාවේ නිල රදගුරු සම්මේලනයයි.

කෙසේ වෙතත්, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය සෑම අවස්ථාවකදීම ආරක්ෂා කළ යුතු බව කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

ස්වාධීන හා අපක්ෂපාතී අධිකරණයක් යුක්තිය සහතික කිරීම, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මානව ගරුත්වය තහවුරු කිරීම සහ පුරවැසියන්ගේ පොදු යහපත සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද එම සම්මේලනය අවධාරණය කර ඇත.

ඒ අනුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම්, එය අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදුකළ යුතු බවද නිවේදනයේ සඳහන් වේ.

පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීම, අධිකරණ නිලධාරීන්ගේ හිඟයට විසඳුම් ලබාදීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීම එවැනි සංශෝධනයක ප්‍රධාන අරමුණු විය යුතු බවද කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

මෙම නිවේදනය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා සහ මහලේකම් අතිඋතුම් ආචාර්ය පී. ඇන්ටන් රංජිත් යන රදගුරුතුමන්ලා විසින් නිකුත් කර ඇත.

පසු සටහන

CBCSL යනු ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරුවරුන්ගේ සාමූහික පාලන හා සම්බන්ධීකරණ ආයතනයක් වන අතර එහි සභාපතිත්වය වර්තමානයේ දරණුයේ අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ය. එහි ප්‍රධාන සාමාජිකයෙකු ලෙස කොළඹ අගරදගුරු සහ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කටයුතු කරන අතර කාදිනල් මැල්කම් රංජිත් මීට පෙර CBCSL සභාපතිවරයා වූ අතර, වර්තමානයේද සම්මේලනය සමඟ සමීපව හා වැදගත් භූමිකාවකින් කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *