රාජීව් අමරසූරිය භූතාන මහාධිකරණය අමතයි!
භූතානයේ සංචාරයක යෙදි සිටින ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ BASL සභාපති රාජීව් අමරසූරිය භූතාන මහාධිකරණයේ ඉහලම විනිසුරුවරු මඩුල්ල ඇමතිම සිදු කෙරුනා.එය අධිකරණයෙහි Chief Justice Justice Duba Drukpa (ප්‍රධාන අධිකරණ විනිසුරු ඩුබා ද්‍රුක්පා) මහතාගේ ප්‍රධානත්වයෙන් කටයුතු කළ විනිසුරු අට දෙනෙකුගෙන් සමන්විත විය.
භූතාන අධිකරණය සහ නීති වෘත්තීය විසින් ලබාදුන් උණුසුම් පිළිගැනීම පිළිබඳ කෘතඥතාව පළ කරමින් ස්තූතිය පලකල රජිව් අමරසුරිය මහතා, මෙම සංචාරය දෙරට නීති වෘත්තීන් අතර නව පරිච්ඡේදයක් බව සඳහන් කළේය. භූතාන් සහ ශ්‍රී ලංකා වෙනස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාත්මක පථයන් ගියද, SAARC ප්‍රදේශයේ සහ ගෝලීය දකුණු රටවල් ලෙස සංස්කෘතික හා ආධ්‍යාත්මික සම්බන්ධතාවයක් පවතින බවද ඔහු පැහැදිලි කළේය.
භූතාන්ගේ ව්‍යවස්ථාත්මක සංවර්ධනය සහ Gross National Happiness දර්ශනයට සම්බන්ධව අදහස් දක්වමින්, සංවර්ධනයේ මූලික අරමුණ ජනතාව බව භූතානය පෙන්වා දුන් බව BASL සභාපතිවරයා පැවසීය.
ඒ අනුව, නීතියේ පාලනය හා අධිකරණ පරිපාලනයද ජනතාවගේ ගෞරවය, අයිතිවාසිකම්, සාමකාමී විවාද විසඳීම, අධිකාරි බලය සීමා කිරීම යන අරමුණු මත පදනම් විය යුතු බව ඔහු අවධාරණය කළේය.
නීතිවෘත්තීය ස්වාධීනභාවය හා විනිසුරු ස්වාධීනභාවය යන දෙකම විනිසුරු හෝ නීතිඥයන්ගේ වරප්‍රසාද නොව, ජනතාවට අයිති ආරක්ෂක බාධක බවද ඔහු පැහැදිලි කළේය.අමරසූරිය මහතා දෙරට අතර සහයෝගිතාව වැඩිදියුණු කළ හැකි ක්ෂේත්‍ර කිහිපයක් හඳුනා දුන්නේ මෙසේය: නීති අධ්‍යාපනය,අඛණ්ඩ වෘත්තීය පුහුණුව,තරුණ නීතිඥයන් සඳහා අවස්ථා,ව්‍යවස්ථාත්මක හා මහජන නීතිය,තාක්ෂණය හා ඩිජිටල් නීති පද්ධති,අධිකරණ පරිපාලනය,ආයතනික හුවමාරු වැනි දෑ සම්බන්ධයෙන් සභාපතිවරයා අවධාරණය කර සිටියා.
“Himalayas සහ ඉන්දියානු සාගරය අපව භෞතිකව වෙන් කළත්, සාධාරණය රැකගන්නා අගයන්ට සීමා නොමැත” යනුවෙන් BASL සභාපතිවරයා අවසන් කළේය.
භූතාන් ප්‍රධාන විනිසුරු BASL නියෝජිතයින් සාදරයෙන් පිළිගනිමින්, මෙම සංචාරය දෙරට නීති වෘත්තීන් අතර සබඳතා ශක්තිමත් කිරීමට වැදගත් අවස්ථාවක් බව ප්‍රකාශ කළේය. Bench සහ Bar යන දෙකම සාධාරණය සෙවීමේ එකම වෘත්තියේ අංග දෙකක් බවත්, වෘත්තීය අඛණ්ඩතාව හා අභිමානය නීති පාලනය රැකගැනීමට මූලික බවත් ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සහ භූතාන් Bar Council අතර පළමු ද්වීපාර්ශ්වික හමුව තිම්පු නගරයේදී පැවැත්වීමෙන් දෙරට නීති වෘත්තීන් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීමට නව පියවරක් ගන්නා ලදී.
හමුව අවසන් වූයේ දෙපාර්ශ්වයම නීතිය, සාධාරණය, වෘත්තීය අඛණ්ඩතාව, නීතිපති හා නීතිවෘත්තීය ස්වාධීනභාවය වර්ධනය කිරීම පිළිබඳ අරමුණු ඇතුළත් සමවු නීතිඥ ප්‍රකාශයක් (Joint Bar Statement) අත්සන් කිරීමෙන්ය.
BASL සහ Bhutan Bar Council අතර පළමු ද්වීපාර්ශ්වික හමුව, මහාධිකරණය අමතීම සහ ඉහළ මට්ටමේ හමුවීම් සමග, දෙරට නීති වෘත්තීන් අතර වෘත්තීය සහ ආයතනික සම්බන්ධතා ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් ලෙස සලකනු ලබයි.

