රාජ්‍ය නිළධාරින්ගේ සහයෙන් උතුරේ රහසිගත පුහුණු කඳවුරක්!
උතුරේ පලෙයි ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක අක්කර 49ක් හෙළි කරමින් රහසිගතව කොන්ක්‍රීට් ගොඩනැගිලි කිහිපයක් ඉදිකිරීම පිළිබඳව වහාම සොයා බලන ලෙස IC Human Rights Commission (අන්තර් මහද්වීප මානව හිමිකම් කොමිසම) රජයෙන් ඉල්ලීමක් කර තිබේ.භූමියක් එළිපෙහෙළි කර රහසිගත පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සැකයක් පවතින බව අන්තර් මහාද්වීපික මානව හිමිකම් කොමිසම සැක පහල කර ඇත්තේ.
කොමිසමේ විධායක අධ්‍යක්ෂකවරයා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිඛිතව කරුණු ඉදිරිපත් කර තිබේන බව එම සංවිධානය සදහන් කරනව.
අදාළ රක්ෂිතය තුළ කිසිදු රජයේ අනුමැතියකින් තොරව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරන බවත් එහි පුද්ගලයින් 100 ත් 150 ත් අතර පිරිසක් සේවය කරන බවත් ඔහු අනාවරණය කළේය.දැනටමත් එහි ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල ආරක්ෂාවට හානිකර ක්‍රියාදාමයකට කිසිවෙකු රහසිගතව සැලසුම් කරන්නට යොදාගෙන ඇත්දැයි සෙවිය යුතු බව ද අවධාරණය කරයි.
මෙම ගොඩනැගිලි අතර එක් ගොඩනැගිල්ලක පහත මාලයේ ඇඟලුම් කම්හලක් ලෙස ස්ථානයක් පවත්වා ගෙන යන බවත් මේ අතර රජයේ අවසර ආයෝජන ලත් ව්‍යාපෘතියක් බව හඟවමින් එහි ඉඩම් කොටසක කෝමාරිකා වගාවක් කරන බවට ද තොරතුරු ලැබී තිබේ. එහි අක්කර 39-45 නීති විරෝධී ලෙස කම්බි ගසා ඇති අන්දම ‘ඩ්‍රෝන’ කැමරා ඡායාරූප හරහා පෙනෙන බව ද එම සංවිධානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මහජන ආරක්ෂක ඇමැතිවරයා හා ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත යොමුකර ඇති ලිපියක දැක් වේ.
මෙය හිටපු ත්‍රස්ත සංවිධානයක පුහුණු කඳවුරක් හෝ බෝම්බ නිෂ්පාදනාගාරයක් ලෙස භාවිත කිරීමට සූදානම් වන්නේ ද යන්න පිළිබඳව ප්‍රදේශවාසීන් සහ නිලධාරීන් අතර දැඩි සැකයක් පවතින බව ද ඔහු කීය. මෙම ව්‍යාපෘතිය පිටුපස රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සිටින බවට සහ එය විදේශ ආධාර මත ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බව ද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
