August 16, 2026

මේ සංශෝධනයට මම විරුද්ධයි!

0
FREL

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කර මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන බවත්,තමන් වහන්සේ පෞද්ගලිකවම ජනාධිපතිවරයාට මේ පිළිබඳව දැනුම් දෙන බවත් කෝට්ටේ කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක මාහිමිපාණන් වහන්සේ පැවසීය.

ඒ පන්නිපිටිය, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහාවිහාරයේදී අද පස්වරුවේ නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ (දිනන දකුණ සාමූහිකය,ෆ්‍රී ලෝයර්ස්) නියෝජිත පිරිසක් විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා උන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ.

මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න,නිශාන්ත ශ්‍රී වර්ණසිංහ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *