මේ සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යමයි!
අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස විශේෂයෙන් උපරිමාධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රම වයස වැඩි කිරිමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තුළ වැදගත් පුර්වාදර්ශ ඇති බවත් 2/3 පමණක් නොව ජනමත විචාරණයක් කරා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් මහතාගේ සමාජ සේවා දිවියට වසර පනහක්(50) නිමිත්තෙන් පැවති උපහාර උළෙල අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ වන විට ගොවි, ධිවර, කම්කරු, ව්‍යවසායකයන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආදී සෑම ක්ෂේත්‍රයක්ම මුහුණ දෙන දුක ගැන රජයට කිසිදු තැබීමක් නොමැති බවත් ආනයනික වාහන මත පනවන 50% අධිභාර බද්ද දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කරන්න රජය තීන්දු කර ඇති බවත් මැතිවරණ වේදිකාවේ ලක්ෂ 12ට විට්ස් කාර් එකක් දෙනවා කිව්වත් අද වාහන ආනයන මත 50% අධිභාර බද්ද දමා පාරිභෝගික අයිතිවාසිකම් සුනුවිසුණු කර ඇති බවයි.
ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම තුළින් ගරු අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කිරිමක් සිදුවෙනවා
මේ නිසාම ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දමන්න රජය කටයුතු කරන බවත්, ජනතා වෙනුවෙන් කියමින් බුද්ධි ගලනය නතර කරන්න යැයි කියමින්, ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසදන්න යැයි කියමින් අධිකරණය ශක්තිමත් කරන්න යැයි කියමින් රජය ප්‍රජාතන්ත්‍රවාදයට ඇගිලි ගැසීමක් සිදු කරන බවත් ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිම තුළින් ගරු අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කිරිමක් සිදුවන බවත් මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටෙන බවත් සංවරණ හා තුලන ක්‍රමවේදය පවා මේ නිසා බිද වැටෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රජය අධිකරණය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු කරනවා
පිටපිටම මේ රජය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම තුළ නිදහස් මාධ්‍යත්, සිවිල් සමාජය විනාශ කිරීමත්, ගරු අධිකරණයට විවිධ වරප්‍රසාද ලබා දී අධිකරණය යන ආයතනය ගැන ජනතාවට ඇති විශ්වාසය පලුදු කර යුක්තිය පසිදලීම නීතියේ ආධිපත්‍ය යන ප්‍රතිපත්ති කෙලෙසමින් වත්මන් රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි
ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස විශේෂයෙන් උපරිමාධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රම වයස වැඩි කිරිමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තුළ වැදගත් පුර්වාදර්ශ ඇති බවත් 2/3 පමණක් නොව ජනමත විචාරණයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
