තුනෙන් එකේ කතා බොරු! සුරසේනට එරෙහිව අධිකරණ සේවා සංගමය ගත් තීන්දුව තහවුරුයි!
අධිකරණ සේවා විශේෂ මහ සභා රැස්වීමේදී අගවිනිසුරු විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඒකමතිකිව පරාජය කිරිමත් සමග අගවිනිසුරුවරයාගේ ඇම්බැට්ටයන් මෙන්ම මාලීමා ආණ්ඩුවේ ඩෝබි බලකාය එක්ව අධිකරණ සේවා සංගමය සහ එහිදි ගත් තීන්දු සම්බන්ධයෙන් විවිධ අසත්ය පැතිරවිම හේතුවෙන් ශ්රී ලංකා අධිකරණ සේවා සංගමය පැහැදිලි කිරිමක් කර තිබේ.
2026 ජූලි 10 දින එවකට අධිකරණ සේවා සංගමසේ සභාපතිවරයා විසින් WhatsApp මාර්ගයෙන් නිකුත් කරන ලද පණිවිඩය සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව පහත කරුණු පිළිබඳව (සාමාජිකයන් දැනුවත් කිරීමට තීරණය කර ඇත.)
1. අධිකරණ සේවා සංගමය හුදෙක් සුබසාධක සංගමයක් පමණද?
අධිකරණ සේවා සංගමය සිය සාමාජිකයන්ගේ සුබසාධනය ප්රවර්ධනය කිරීම තම මූලික අරමුණක් ලෙස සලකන අතර, අධිකරණයේ ස්වාධීනත්වය බාහිර බලපෑම්වලින් ආරක්ෂා කිරීම අවශ්ය වූ සෑම අවස්ථාවකදීම ඉතිහාසය පුරාම ඒ සඳහා සක්රීයව මැදිහත් වී ඇත.
මෙම ඓතිහාසික සිදුවීම් මගින් අධිකරණ සේවා සංගමයේ කාර්යභාරය හුදෙක් සුබසාධන සංගමයක සීමාව ඉක්මවා ගිය එකක් බව පැහැදිලි වේ. එවැනි පසුබිමක් තිබියදී, සංගමයේ සැබෑ ස්වභාවය පිළිබඳ හිටපු සභාපතිවරයා ඉතා සීමිත දෘෂ්ඨිකෝණයකින් කටයුතු කර තිබීම කණගාටුවට කරුණකි
2. “ලේකම්වරයා සහ විධායක කමිටු සාමාජිකයන් නුසුදුසු හා පිළිගත් සම්ප්රදායන්ට පටහැනි ලෙස කටයුතු කළේද?.”
මෙම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරනු ලැබේ.
ලේකම්වරයා සහ විධායක කමිටුව සෑමවිටම කටයුතු කර ඇත්තේ, එවකට සභාපතිවරයාගේ
ප්රධානත්වයෙන් පැවති විධායක කමිටු රැස්වීම්වලදී ගනු ලැබූ තීරණ අනුවය.හිටපු සභාපතිවරයා 2026.07.10 දින සවස දක්වා එම ධුරය දරා සිටි බැවින්, එම කාලය තුළ විධායක කමිටුව විසින් ගනු ලැබූ සියලු තීරණ සම්බන්ධයෙන් ඔහුද සාමූහික වගකීම දරයි.
3. “පෙර පැවති සියලු විශේෂ මහා සභා රැස්වීම් අධිකරණ සේවා කොමිෂන් සභාවේ පූර්ව අනුමැතිය හෝ එකඟතාව මත පමණක් කැඳවා ඇත.” යන ප්රකාශය.
මෙම ප්රකාශය සත්යය නොවේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ පූර්ව අනුමැතිය අත්යවශ්ය වූයේ නම්, 2026.06.30 හා 2026.07.07 දිනැති හිටපු සභාපතිවරයා අත්සන් තබන ලද ලිපි මගින් එවැනි අනුමැතියක් ඉල්ලා නොසිට දැනුම් දීමක් පමණක් සිදු කරන බව සදහන් කලේ මන්දැයි සාධාරණ ප්රශ්ණයක් මතු වේ.
4. “විශේෂ මහා සභාවක් කැඳවිය හැක්කේ සාමාජිකයන්ගෙන් තුනෙන් එකක් එය ඉල්ලා සිටින විට හෝ සහභාගී වීම තහවුරු කළ විට පමණි” යන ප්රකාශය.
මෙම ප්රකාශයද සංගමයේ ස්ථාපිත සම්ප්රදායට මුළුමනින්ම පටහැනිය.
විශාල සංඛ්යාවක සාමාජිකයන්ගේ ඉල්ලීමක් විශේෂ මහා සභාවක් කැඳවීමට සාධාරණ පදනමක් විය හැකි නමුත්, තුනෙන් එකක සාමාජික සංඛ්යාවක් පෙර සිටම සහභාගී වීම තහවුරු කළ යුතු බවට කිසිදු සම්ප්රදායක් හෝ අවශ්යතාවයක් කිසිදු අවස්ථාවක නොතිබුණි.
විසින් විශේෂ මහා සභාවක් කැඳවීම සංගමයේ ස්ථාපිත ක්රියාපටිපාටිය වේ.එසේම, විශේෂ මහා සභාව පැවැත්වීමට පෙර අවසන් සහභාගීත්වය නිශ්චිතව තහවුරු කළ හැකි පරිපූර්ණ යාන්ත්රණයක් නොමැති බවද පැහැදිලිය.
අනෙකුත් චෝදනා පිළිබඳ ප්රතිචාර
ලේම්වරයා හෝ විධායක කමිටු සාමාජිකයන් දේශපාලන අරමුණු මත ක්රියා කළ බවට කරන චෝදනාව දැඩි පිළිකුලෙන් යුතුව ප්රතික්ෂේප කරනු ලැබේ.
විධායක කමිටු රැස්වීම් වාර්තා ලේකම්වරයා විසින් සවනය කළ බවට වන චෝදනාවද දැඩි ලෙස ප්රතික්ෂේප කරනු ලැබේ.
සියලුම වාර්තා විධායක කමිටුව හමුවේ ඉදිරිපත් කර කියවා, සලකා බලා, කිසිදු විරෝධයකින් තොරව අනුමත කර ඇත. අනුමත කිරීමෙන් පසු වෙනස් කළ බවට කිසිදු නිශ්චිත වාර්තාවක් හෝ සිද්ධියක් හඳුන්වා දී නොමැත. එබැවින්, කරුණුමය පදනමකින් තොර චෝදනාවක් පිළිගත නොහැක.
විශේෂ මහා සභාව නීති විරෝධී බවට කරන චෝදනාවද ප්රතික්ෂේප කරනු ලැබේ.
විශේෂ මහා සභාව කැඳවීමේ තීරණය, හිටපු සභාපතිවරයාගේ ප්රධානත්වයෙන් පැවති විධායක කමිටු රැස්වීමකදී ඒකමතිකව ගනු ලැබූ තීරණයකි. විශේෂ මහා සභාව කැඳවීමේ තීරණයක් මිස, එසේ කැඳවීම සඳහා සාමාජිකයන්ට යෝජනා කිරීමේ තීරණයක් නොවන බව විශේෂයෙන් අවධාරණය කරනු ලැබේ.
අධිකරණ සේවා සංගමය යනු අධිකරණයේ ස්වාධීනත්වය හා සාමාජිකයන්ගේ යහපත සම්බන්ධයෙන් සෑම අවස්ථාවකදීම වගකීම භාරගෙන නිර්භීතව හා ධෛර්යයෙන් කටයුතු කළ සභාපතිවරුන්, ලේකම්වරුන් සහ නිලධාරී මණ්ඩලයක ගෞරවනීය ඉතිහාසයක් හිමි සංගමයකි. එහි පැවැත්ම රඳා පවතිනුයේ නිරන්තරයෙන්ම පසුබිමින් සිට ඊට ශක්තිය සපයන සාමාජික ඔබ අධිකරණ සේවා සංගමය වෙත තබන විශ්වාසය මත වේ.
සභාපති
ශ්රී ලංකා අධිකරණ සේවා සංගමය
ලේකම්
ශ්රී ලංකා අධිකරණ සේවා සංගමය

