August 12, 2026

ජනවරමට එරෙහි වුනා! දැන්වත් ගෙදර යනු!

0
NoMO

2026 ජුලි මස 05 සහ 06 වන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන් පිරිසක් මිය ගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීම තුළ විෂයභාර අමාත්යවරයා ලෙස අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත් වීම නිසා එම මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද (21) කථානායක ගරු (වෛද්ය) ජගත් වික්රමරත්න මහතාට විපක්ෂයේ මන්ත්රීවරුන් විසින් භාරදෙන ලදි.

ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අංක 2412/08-2024 නොවැම්බර් මස 25 අතිවිශේෂ ගැසට් පත්රය මගින් අධිකරණ විෂය භාර අමාත්යවරයාට පවරා ඇති බන්ධනාගාර ප්රතිසංස්කරණයට අදාළ ප්රතිපත්ති, සැළසුම් හා වැඩසටහන් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම, බන්ධනාගාර පරිපාලනය හා ප්රතිසංස්කරණය, බන්ධනාගාර වල යටිතල පහසුකම් සංවර්ධනය හා තද බදය අඩු කිරීම යන කාර්යයන් වගකිම් සහිතව ඉටු කර නොමැති බව අවධාරණය කරමින් ඒ හා ආශ්රිත ගැටලු මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කොට තිබේ.

අධිකරණ විෂයභාර අමාත්යවරයාට පැවරී ඇති කාර්යයන් වගකීමෙන් ඉටුකර නොමැති බැවින්ද; එසේම, එතුමාගේ කාර්යයන් පිළිබඳව අමාත්යවරයා වගවීමක් රහිතව කටයුතු කරන බව බැලූ බැල්මටම පෙනී යන කරුන ඇතුලු කරුණු 10ක් සම්බන්ධයෙන් මෙම විශ්වාසභංගය ඉදිරිපත් වි තිබේ.

විශ්වාසභංග යෝජනාව අත්සන් කළ මන්ත්රීවරුන් පිරිසකගේ අත්සන් ලේඛනය පහතින් අමුණා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *