October 22, 2026

එයි අනුර වරෙන් බඩ්ඩක් පෙන්නන්! රන් උකස රු. ට්‍රිලියන 1.11 පනී!පුද්ගලික ණය වැඩිවීමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් රන් උකසින්! මාස හයකදී තවත් රු. බිලියන 211.9ක්

0
Gold Loans Surge Amid Political Shock

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය ප්‍රමාණය 2026 වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් බිලියන 211.9කින් ඉහළ ගොස් ඇති අතර, ජූනි මාසය අවසන් වන විට සමස්ත රන් උකස් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.11ක් දක්වා ඉහළ ගොස් තිබේන බව මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.මහ බැංකු දත්ත වාර්තා වලට අනුව 2025 දෙසැම්බර් අවසානයේ සිට 2026 ජූනි අවසානය දක්වා මාස හයක කාලය තුළ රන් උකස් ණය ප්‍රමාණය 23.6%කින් වර්ධනය වී තිබේ.

පෞද්ගලික අංශයට දුන් අලුත් ණයෙන් 18.6%ක්ම රන් උකසට!

2026 පළමු අර්ධය තුළ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබාදුන් අලුත් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.14ක් පමණ වේ.එයින් 18.6%කට සමාන කොටසක් රන් උකස් ණයවල වර්ධනයෙන් පමණක් පැමිණ තිබීම විශේෂත්වයකි.තවත් කැපී පෙනෙන කරුණක් වන්නේ එම කාලය තුළ සමස්ත පුද්ගලික ණය ප්‍රමාණය රුපියල් බිලියන 443.5කින් ඉහළ යද්දී, එයින් අඩකට ආසන්න ප්‍රමාණයක් රන් උකස් ණය වැඩිවීමෙන් පැමිණ තිබීමයි.

කෘෂිකර්මාන්තයට ගිය අලුත් ණයට වඩා දෙගුණයකටත් වැඩියි!

මෙහි තවත් බරපතළ සංසන්දනයක් තිබේ.2026 මුල් මාස හය තුළ කෘෂිකර්මාන්තය හා ධීවර අංශයට අලුතින් ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 86.6ක් පමණි.එහෙත් එම මාස හයේදී පමණක් රන් උකස් ණය ප්‍රමාණය රුපියල් බිලියන 211.9කින් වැඩි වී තිබේ.

ඒ අනුව කෘෂිකර්මාන්තය හා ධීවර අංශයට ලැබුණු අලුත් ණය ප්‍රමාණය මෙන් 2.4 ගුණයකට ආසන්න මුදලක් රන් උකස් ණය වැඩිවීමක් ලෙස වාර්තා වී තිබේ.

බැංකු ණයවල සෑම රුපියල් 10කින් රුපියලකට ආසන්න ප්‍රමාණයක් රන් උකසට!

2025 දෙසැම්බර් අවසානයේ සමස්ත බැංකු ණය කළඹෙන් රන් උකස් ණයවල කොටස 8.9%ක් විය. 2026 ජූනි වනවිට එය 9.9% දක්වා ඉහළ ගොස් තිබේ.එමෙන්ම 2026 මාර්තු වනවිටම රන් උකස් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා ගොස් තිබිණි.

රුපියල් ට්‍රිලියන 1.11ක ණය ශේෂයක් සමඟ රන් උකස මේ වනවිට බැංකු ණය ක්ෂේත්‍රයේ තුන්වැනි විශාලතම ණය උප අංශය බවටද පත්ව තිබේ. ඊට ඉදිරියෙන් සිටින්නේ නිවාස ඇතුළු ඉදිකිරීම් අංශය සහ තොග හා සිල්ලර වෙළෙඳ අංශයයි.

මෙම Pie Chart එකෙන් පෙන්වන්නේ 2026 පළමු අර්ධයේදී (1H 2026) පෞද්ගලික අංශයට අලුතින් ගලාගිය ණය මුදල් බෙදී ගිය ආකාරයයි. මෙහි වැදගත්ම කරුණ වන්නේ රන් උකස් ණය (Pawning Advances) තනිවම අලුත් පෞද්ගලික ණය වර්ධනයෙන් 18.6%ක් අත්පත් කරගෙන තිබීමයි.

2025දීත් අනතුරු සංඥා පෙනුණා!

මෙය 2026දී හදිසියේ ඇතිවූ ප්‍රවණතාවක් පමණක් නොවේ.2025දී පළවූ වාර්තාවලට අනුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල ණයවලින්ද සැලකිය යුතු කොටසක් රන් මත පදනම් වූ ණයවලින් සමන්විත වී තිබිණි. එම කාලයේ විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ ජීවන වියදම් සහ පවුල්වල මුදල් ප්‍රවාහ පීඩනය හමුවේ රන් භාණ්ඩ කෙටි කාලීන මුදල් සොයාගැනීමේ මාර්ගයක් බවට පත්ව ඇති බවයි.

ඒ අනුව රටේ සාර්ව ආර්ථික දර්ශකවල යම් ස්ථාවරත්වයක් පෙන්වුවද, ගෙදර රන් බඩු බැංකුවට ගෙන යන ප්‍රමාණය වේගයෙන් ඉහළ යන්නේ ඇයි? යන්න වෙනම විමසා බැලිය යුතු ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

රු. ට්‍රිලියන 1.11ක රන් උකස් ණය ශේෂය කියන්නේ බැංකු පොතක තිබෙන තවත් සංඛ්‍යාවක් පමණක් නොවේ. රන් මිල ඉහළ යාමේ බලපෑමද සැලකිල්ලට ගනිමින්, එය ශ්‍රී ලංකාවේ පවුල්වල සැබෑ මුදල් ප්‍රවාහය, ණය අවශ්‍යතාව සහ ආර්ථික ප්‍රකෘතියේ ගුණාත්මකභාවය පිළිබඳ තවදුරටත් විමර්ශනය කළ යුතු ප්‍රබල සංඥාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed