අනුරට,ආණ්ඩුවට, ඩෝබි බලකායට, සාසනයේ නාමයෙන් ශාප කරයි! ඥානසාර හිමියන්ට කල දෙට ජාති ජාතිත් මුන් විදවනවා!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් කටයුතු කල අකාරයට අප්රසාදය පලකරන උලපනේ සුමංගල හිමි අනුරට,ආණ්ඩුවට, ඩෝබි බලකායට, සාසනයේ නාමයෙන් මාධ්ය හමුවේ ප්රසිද්ධියේ “ශාප” කර සිටියා.ඥාන සාර හිමි පිළිබඳව ඉදිරි වැඩ පිළිවෙල දැනුවත් කිරීමේ මාධ්ය හමුවට් එක්වෙමින් උන්වහන්සේ සදහන් කළෙ නම වෙනිදා මහනුවරින් ඥානසාර හිමියන් වෙනුවෙන් විරෝධතා අරඹන බවයි.
“ජම්පරේ ඇන්ඳුවේ ඥානසාර හිමියන්ට නෙමෙයි අපි මහා සංඝරත්නයේ සියලු දෙනාටම..පැලවත්තේ ඩෝබියන්ට මේක සතුටට කාරණාවක් වෙලා.. නිරාගමිකයෝ තමයි මේකෙන් සතුටු වෙන්නේ..ඔතන ඉන්න වැඩි හරියක්ට තියෙන්නේ ගිහි නම් නෙමෙයි. පැවිදිනම් පැවිදියෙන් තමයි උපාධිය කළේ. බන්දනාගාර මාධ්ය ප්රකාශක පැලවත්තේ මාධ්ය ප්රකාශක හැටියට තමයි නිවේදන නිකුත් කළේ .. ඥාන සාර හාමුදුරුවෝ ජම්පරේ ඇන්දයි කියලා එයා පැලවත් එවමනාවට නිවේදනය කළා..”
“දැන් ඩෝබිලා කතාවක් පතුරනවා ඥානසාරයිනේ කැමැත්තෙන් ගිහි ඇඳුම් ඇන්දා කියලා.. ඥානසාර හාමුදුරුවො මැරුවත් එහෙම කරන කෙනෙක් නෙමේ.. ඥානසාර හිමියෝ ශාසනය වෙනුවෙන් විශාල හඬක් නැඟුවා අපි උන්වහන්සේගේ ඉදිරි ගමන වෙනුවෙන් කැප වෙනවා.. නම වෙනිදා මහනුවරින් අපි සටන අරඹනවා සිව්වනක් පිරිස සහභාගි කරගෙන අපි ඓතිහාසික පියවරක් පටන් ගන්නවා.. මහා නායක හිමියන් දැනුවත් කරලා තියෙන්නේ.. අනුර කුමාරයාට හරි එළාර කුමාරයට හරි මේ වට උත්තර දෙන්න වෙනවා.”
