ඉරාන නෞකා 19ක් ලංකාව අසල තිබියදී USS Tulsa කොළඹට! ඉන්දියානු සාගරයේ ඇමෙරිකානු පීඩනයේ අලුත් පියවරක්! කෙලවරක් නැතුව අනුර ගැසු ගිවිසුම් ලංකාව අරාජීක කරයි!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
වසර දෙකක් තුළ දෙවැනි ශ්රී ලංකා සංචාරය සටහන් කරමින් USS Tulsa යුද නෞකාව යලි කොළඹ වරායට පැමිණ තිබේ. 2019 පෙබරවාරි 16 වැනිදා San Francisco හිදී නිල වශයෙන් සේවයට එක්කර ඇති අතර, මේ වනවිට එය ඉන්දු–පැසිෆික් කලාපයේ මෙහෙයුම්වල නිරත වේ.USS Tulsa නෞකාවේ ආදර්ශ පාඨය වන්නේ “Tough, Able, Ready” — “ශක්තිමත්, හැකියාවෙන් යුතු, සූදානම්” යන්නයි.
ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබේන අතර එහි සදහන්ව ඇත්තේ
“ශ්රී ලංකාවට පැමිණෙන සෑම ඇමෙරිකානු නෞකාවක්ම අපේ රටවල් අතර මිත්රත්වය තවදුරටත් ගැඹුරු කිරීමටත්, දෙරටේ නාවිකයන් අතර සබඳතා ශක්තිමත් කිරීමටත් ලැබෙන අවස්ථාවක්. අපගේ නාවිකයන්ට ශ්රී ලංකාව අඛණ්ඩව ලබාදෙන උණුසුම් පිළිගැනීම පිළිබඳව අපි කෘතඥ වෙනවා. මෙවැනි සංචාර මගින් විශ්වාසය සහ සබඳතා ගොඩනැගෙන අතර, එය අපගේ හවුල්කාරිත්වය ශක්තිමත් කරමින් වැදගත් අවස්ථාවලදී දෙරටට එක්ව කටයුතු කිරීමට හැකියාව ලබාදෙනවා.” යනුවෙනී.
ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Tulsa (LCS 16) නෞකාව නොගැඹුරු වෙරළබඩ ජලයේ මෙහෙයුම් සඳහා නිර්මාණය කරන ලද, රේඩාර්වලට හසු නොවන (stealthy) සහ අධිවේගී හැකියාවෙන් යුත් ‘Independence’ වර්ගයේ වෙරළබඩ සටන් නෞකාවකි.Austal USA සමාගම විසින් නිෂ්පාදනය කර 2019 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද නාවික හමුදාවට එක් කරන ලද මෙම නෞකාව ආකර්ෂණීය ‘ට්රයිමරන්’ (trimaran – බඳ කොටස් තුනකින් යුත්) සැලසුම සහ පැයට සැතපුම් 45 ඉක්මවන වේගය හේතුවෙන් එය “නාවික හමුදාවේ ක්රීඩා මෝටර් රථය” (sports car of the Navy) ලෙස හැඳින්වේ.
එහි විශාල ගුවන් මෙහෙයුම් තට්ටුව සහ අවශ්යතාව අනුව වෙනස් කළ හැකි මෙහෙයුම් අවකාශ හේතුවෙන් හෙලිකොප්ටර්, කුඩා බෝට්ටු, මිනිසුන් රහිත පද්ධති, හමුදා සාමාජිකයන් සහ විවිධ උපකරණ රැගෙන යාමට හා මෙහෙයවීමට හැකියාව පවතී.
එක්සත් ජනපදය විසින් කොළඹට බලපෑම් කිරීමෙන් පසු සැපයුම් අත්හිටුවීමට සිදුවීම නිසා, ආහාර, ඉන්ධන සහ මිරිදිය හිඟයකට මුහුණ දෙමින් සිටින ඉරාන තෙල් ටැංකි නැව් විස්සක් පමණ ශ්රී ලංකාවේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් සැතපුම් පහළොවක් පමණ දුරින් පාවෙමින් පවතී; ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා ඒවායේ එන්ජින් ක්රියා විරහිත කර තබා ඇති අවස්ථාවක USS Tulsa කොළඹ වරායට ආවේ ඇයිද යන්න අමුතුවෙන් කියවාගත යුතු නැත.
කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් පසුගිය අගෝස්තු මාසයේදී ශ්රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ, රටේ බටහිර වෙරළට ඔබ්බෙන් ඉරාන ටැංකි නැව් 19ක් නිරීක්ෂණය වෙමින් පවතින බවයි. එමෙන්ම, දේශීය වරාය සේවා සපයන්නන් ලවා එම නැව්වලට සහාය ලබා දීම ප්රතික්ෂේප කරන ලෙසත්, එසේ නොකළහොත් එක්සත් ජනපදයේ ද්විතියික සම්බාධකවලට (secondary sanctions) මුහුණ දීමට සිදුවන බවත් ශ්රි ලංකා රජයට දැනුම් දි තිබුනා.
IRIS Dena නෞකාවට එල්ලවු ප්රහාරය!
ඇමෙරිකානු නාවික හමුදාවේ සබ්මැරීන ප්රහාරයකින් ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ගිල්වා දැමීම මෑතකදී ජාත්යන්තර වශයෙන් විශාල කතාබහකට ලක් වූ ප්රධානතම සිදුවීමයි. 2026 මාර්තු 4 වනදා ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා තහවුරු කළ පරිදි, ඇමෙරිකානු නාවික හමුදාවට අයත් USS Charlotte නැමති සබ්මැරීනයෙන් එල්ල කරන ලද Mk 48 ටෝපිඩෝ (Torpedo) ප්රහාරයකින් මෙම ඉරාන නෞකාව ගිල්වා දමන ලදී.මෙම ප්රහාරය එල්ල වූයේ ශ්රී ලංකාවේ ගාල්ල වරායට දකුණු දෙසින් නාවික සැතපුම් 19ක් (හෝ 40ක් පමණ) දුරින් වූ ජාත්යන්තර මුහුදු තීරයේදීය.IRIS Dena නෞකාව ඉන්දියාවේ පැවැත්වුණු ‘Milan 2026’ සහ ජාත්යන්තර නැව් සමාලෝචනයට (International Fleet Review) සහභාගී වී නැවත ඉරානය බලා යාත්රා කරමින් සිටියදී මෙම ප්රහාරයට ලක් විය.
Lieutenant General Vowell’s පැමිණීම!
තත්ත්වයන් මේ අකාරයට පවතින අවස්ථාවක ශ්රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වර්ධනය වෙමින් පවතින ආරක්ෂක සහ හමුදා සහයෝගීතාව තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් යුද හමුදාවේ (USARPAC) නියෝජ්ය අණදෙන ජෙනරාල් Lieutenant General Vowell’s පසුගියදා ශ්රී ලංකාවට පැමිණියා. සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා පැවැත්වෙන නිල කටයුතු සඳහා ඔහු කොළඹට පැමිණි ඔහු, ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට ශ්රී ලංකාවට පැමිණි ඉහළම නිල මට්ටමේ ඇමෙරිකානු යුද හමුදා නිලධාරියා වන්නේද ඔහුය.
ඉන්දියානු සාගරයේ අලුත් බල අරගලයක්?
ඒ අනුව USS Tulsa පැමිණීම ඉරාන නෞකා සම්බන්ධ හමුදා මෙහෙයුමක් ද යන්න තවම නිශ්චිත නැත.කෙසේවෙතත් ඉරානයට එරෙහි ඇමෙරිකානු ආර්ථික හා සමුද්රීය පීඩනය වැඩිවෙමින් තිබියදී, ඉරාන නෞකා රැසක් ශ්රී ලංකාව ආසන්න ජාත්යන්තර මුහුදේ රැඳී සිටින අවස්ථාවක USS Tulsa කොළඹට පැමිණීම ඉන්දියානු සාගරයේ වර්ධනය වන භූ-දේශපාලනික ආතතියේ පසුබිමෙන් වෙන්කර බැලීමද අපහසුය.
එබැවින් දැන් මතුවන ප්රධාන ප්රශ්නය වන්නේ USS Tulsa ඉරාන නෞකා වෙත සෘජු තර්ජනයක්ද යන්න පමණක් නොවේ.ශ්රී ලංකාව ආසන්න මුහුද ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින පුළුල් බල අරගලයේ තවත් සංවේදී වේදිකාවක් බවට පත්වෙමින් තිබේද? යන්නයි.
