පුත්රයාගේ Honda Vezel එක පත්තු වෙයි! සුරාබදු කොමසාරිස් ප්රේමරත්නට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්රේමරත්න හෙවත් මලලගිය බණ්ඩාර නිලමෙලාගේ අනුර ප්රේමරත්නගේ පවුලේ සාමාජිකයකුගේ නමට රුපියල් මිලියන 21.5ක් පමණ වටිනා Honda Vezel රථයක් මිලදී ගැනීම සහ එම මිලදී ගැනීම සඳහා මෙරට ප්රධාන බීර නිෂ්පාදකයකු වන Lion Brewery (Ceylon) PLC වෙතින් මූල්ය ප්රතිලාභයක් ලැබුණු බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් අද අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සුරාබදු කොමසාරිස්වරයාට චෝදනාවක් අල්ලස් කොමිසන් එකට පැමිණිල්ලක් සමාජ ක්රියාකාරී කැළුම් අමරසිංහ විසින් අද අල්ලස් කොමිෂන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
වත්මන් සුරා බදු කොමසාරිස්වරයාගේ පුත්රයා පෞද්ගලික මත්පැන් නිෂ්පාදන සමාගමකින් ලබා ගත් වාහනයක් පරිහරණය කරන බව පැමිණිලි කරනු ලැබුවා. නීතිය සමබිමක කියලා කිව්වට මේ ආණ්ඩුවට විරුද්ධව දාන පැමිණිලි විභාග කරන්නේ නෑ. යුක්ති ගරුකත්වය වෙනුවෙන් පාර්ශවීය නොවී සැමට සමාන ලෙස මේ පැමිණිලි විභාගයට ගන්න.
