“මහාසෝන් බලකාය” ජනපතිට දින 90ක් දෙයි! “මහ කරඬුව” ආපසු තැන්පත් කරනු! නිලංග,කාමන්ත,ක්රිෂාන්ත,ඉෂාරට නියෝගයක්!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
ශ්රී දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික “මහ කරඬුව” සම්බන්ධයෙන් වහාම ජනාධිපති මැදිහත්වීමක් සිදුකරන ලෙසත් ඒ හරහා යලිත් දළදා වහන්සේ පැරණී “මහ කරඬුව” තුල තැන්පත් කරන ලෙසත් බලකරමින් “මහාසෝන් බලකාය” ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
ශ්රී දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික “මහ කරඬුව” සම්බන්ධයෙන් වහාම ජනාධිපති මැදිහත්වීමක් සිදුකර විශේෂ ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ඉල්ලීම යටතේ යවා ඇති එම ඉල්ලිම හරහා එම ක්රියාවලියට දින 90ක කාලයක් ලබාදි ඇති අතර දින 90කට පසුව සිදුවන දෑ සම්බන්ධයෙන් රජයටද දරාගැනීමට සිදුවන බවද අවවාදාත්මක නියෝගයක් ලෙස එහි දක්වා තිබේ.
එහෙත් දින 90ක් තුළ සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු රාජ්ය මැදිහත්වීමක් සිදු නොවන්නේ නම්, එයින් හැඟීයන්නේ ශ්රී ලංකාවේ පවතින නීතියට සහ ප්රජාතන්ත්රවාදී රාමුවට සම්පූර්ණයෙන්ම කුප්රකට ව්යාපාරික කල්ලියකට යටත්ව, ඇති බවය. එහෙයින් ඉන් ඉදිරියට සිදුවන දේ දින 90කට පසුව ජනපති ලෙස ඔබට මෙන්ම රජයටද දරාගැනීමට සිදුවන බව අප අවවාදාත්මක නියෝගයක් මෙයින් ලබාදෙමු.
එම ලිපිය මගින් මෙම ක්රියාවට සම්බන්ධ බවට පුද්ගලයන් කිහිප දෙනෙකු නම්කර ඇති අතර ඒ අතර දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල,කාමන්ත අමරසේකර, ක්රිෂාන්ත හිස්සැල්ල, සහ ඉෂාර නානායක්කාර ප්රධාන අය ලෙස දක්වා තිබේ.
ශ්රී දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික “මහ කරඬුව” ඉවත් කිරිම හරහ නීතිවිරෝධී ක්රියාවක් සිදුවී ඇදද යන්න අමුතුවෙන් විමර්ෂනය කිරිමට අවශ්ය නැති බව පෙන්වා දෙන “මහාසෝන් බලකාය” අවශ්ය වන්නේ එම ක්රියාවලියට සම්බන්ධ වු අයට දඩුවම් දිම පමණක් බවද දක්වා තිබේ.
“මහාසෝන් බලකාය” ජනාධිපතිවරයාට යැවු ලිපිය පහත දැක්වේ.
අතිගරු ජනාධිපති
අනුර කුමාර දිසානායක මැතිතුමා,
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය.
අතිගරු ජනාධිපතිතුමනි,
ශ්රී දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික “මහ කරඬුව” සම්බන්ධයෙන් වහාම ජනාධිපති මැදිහත්වීමක් සිදුකර විශේෂ ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කරන ලෙස ඉල්ලීම
ශ්රී ලාංකික බෞද්ධ ජනතාවගේ පරම පූජනීයත්වයට පාත්ර වූ ශ්රී දළදා වහන්සේගේ භාරකාරීත්වය හා උන්වහන්සේ වැඩසිටින ඓතිහාසික කරඬු පද්ධතිය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ මතුව ඇති බරපතළ චෝදනා හා සැකසංකා පිළිබඳව අප සංවිධානයේ දැඩි අවධානය යොමුව තිබේ.
විශේෂයෙන්ම, දීර්ඝ ඉතිහාසයක් සහිත පැරණි “මහ කරඬුව” භාවිතයෙන් ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිර්මාණය කරන ලද කරඬුවක් යොදාගත් බවටත්, එම ක්රියාවලිය සිදුකළ ආකාරය, ඒ සඳහා ලබාගත් අනුමැතීන්, නව කරඬුවේ මූල්ය දායකත්වය සහ පැරණි මහ කරඬුවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන්ත් මාධ්ය වාර්තා හරහා බරපතළ ප්රශ්න ගණනාවක් මතුව තිබේ.
මෙම කරුණු සම්බන්ධයෙන් CID වෙත මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටද පැමිණිල්ලක් මේ වනවිට ඉදිරිපත් කර තිබේ.
මෙහිදී අප කිසිදු පුද්ගලයකු පූර්වයෙන් වරදකරුවකු ලෙස නම් නොකරන අතර, ප්රසිද්ධියට පත්ව ඇති චෝදනා ස්වාධීන, විනිවිදභාවයෙන් යුතු සහ සාධාරණ විමර්ශනයකට ලක් කිරීම රාජ්යයේ වගකීම බව අවධාරණය කරමු.
එබැවින් අතිගරු ජනාධිපතිතුමාගෙන් අප පහත පියවර වහාම ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
- විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කිරීම
විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු හෝ වෙනත් ස්වාධීන ජ්යෙෂ්ඨ නීතිවේදියකුගේ ප්රධානත්වයෙන්, පුරාවිද්යා, ඉතිහාස, බෞද්ධ ශාසන, නීති හා විගණන ක්ෂේත්ර නියෝජනය වන පරිදි විශේෂ කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා සිටිමු.
- පැරණි මහ කරඬුවේ වර්තමාන තත්ත්වය තහවුරු කිරීම
ඓතිහාසික මහ කරඬුව මේ වනවිට කොතැනක පවතින්නේද, එහි භෞතික තත්ත්වය කුමක්ද සහ එහි ආරක්ෂාව පිළිබඳ නිල වාර්තාවක් සකස් කර ජනතාවට ප්රකාශ කරන ලෙස ඉල්ලා සිටිමු.
- මහ කරඬුව වෙනස් කිරීමට ගත් තීරණය පිළිබඳ පූර්ණ විමර්ශනයක්
පැරණි මහ කරඬුව භාවිතයෙන් ඉවත් කිරීමට තීරණය කළේ කවුද, එම තීරණය ගත් දිනය කුමක්ද, ඒ සඳහා තිබූ ලිඛිත අනුමැතීන් මොනවාද, මල්වතු–අස්ගිරි උභය මහා විහාරවල අදාළ අනුමැතිය ලබාගෙන තිබුණේද සහ පුරාවිද්යා/ඓතිහාසික විශේෂඥ මතයක් ලබාගෙන තිබුණේද යන්න හෙළි කළ යුතුය.
- නව කරඬුවේ මූල්ය හා භාරදීමේ ක්රියාවලිය විමර්ශනය කිරීම
නව කරඬුව නිර්මාණය කිරීමට මූල්ය දායකත්වය ලබාදුන්නේ කවුද, එහි සැබෑ වටිනාකම කුමක්ද, එය නිර්මාණය කළේ කවුද, එය ශ්රී දළදා මාලිගාවට භාරදුන්නේ කුමන නීතිමය හෝ පරිපාලන ක්රමවේදයක් යටතේද යන්න ස්වාධීනව විමර්ශනය කළ යුතුය.
- මාධ්ය වාර්තාවල නම් සඳහන් සියලු පාර්ශ්ව කැඳවීම
අප විසින් ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කරන අදාළ මාධ්ය වාර්තා සහ අනෙකුත් ලේඛනවල නම් සඳහන් වන දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල,කාමන්ත අමරසේකර, ක්රිෂාන්ත හිස්සැල්ල, සහ ඉෂාර නානායක්කාර ඇතුළු සියලු අදාළ පාර්ශ්වවලින් ප්රකාශ ලබාගත යුතුය.
ඔවුන් සම්බන්ධයෙන් එම වාර්තාවල සඳහන් කර ඇති කරුණු චෝදනා පමණක් වන බැවින්, ඔවුන්ටද තම පාර්ශ්වය ඉදිරිපත් කිරීමට සම්පූර්ණ අවස්ථාව ලබාදී සාධාරණ විමර්ශනයක් සිදුකළ යුතු බව අප අවධාරණය කරමු.
- නීතිවිරෝධී ක්රියාවක් සිදුවී ඇදද යන්න අමුතුවෙන් විමර්ෂනය කිරිමට අවශ්ය නැත.
අවශ්ය වන්නේ විමර්ශනයෙන් කිසියම් පුද්ගලයකු නීතිය උල්ලංඝනය කර ඇති බවට ප්රමාණවත් සාක්ෂි අනාවරණය කිරිම සහ ඔහුගේ හෝ ඇයගේ දේශපාලන, ආගමික, ව්යාපාරික හෝ සමාජ තත්ත්වය නොසලකා අදාළ නීතිමය ක්රියාමාර්ග ගැනීමට කටයුතු කිරිම පමණී.
දින 90ක කාලසීමාවක්
මෙම ලිපිය ලැබුණු දින සිට දින 90ක් ඇතුළත විශේෂ ජනාධිපති කමිටුවේ මූලික විමර්ශනය අවසන් කර එහි සොයාගැනීම් ජනතාවට ප්රකාශ කරන ලෙස අප ඉල්ලා සිටිමු.
මල්වතු–අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් සහ අදාළ භාරකාර පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, නිසි ආගමික වත්පිළිවෙත් හා ආරක්ෂක ක්රමවේද යටතේ ශ්රී දළදා වහන්සේ නැවත පැරණී ඓතිහාසික මහ කරඬු පද්ධතිය තුළ තැන්පත් කිරීමට අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙසද අප නියෝග කර සිටිමු.
එසේම එම ඓතිහාසික කරඬුවේ තත්ත්වය හා සත්යතාව ජනතාවට තහවුරු කිරීම සඳහා, ආගමික හා ආරක්ෂක සීමාවන්ට යටත්ව එය මහජනතාවට දැකගත හැකි සුදුසු ක්රමවේදයක් සකස් කරන ලෙසද ඉල්ලා සිටිමු.
දින 90ක් තුළ ක්රියාමාර්ග නොගන්නේ නම්
එහෙත් දින 90ක් තුළ සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතු රාජ්ය මැදිහත්වීමක් සිදු නොවන්නේ නම්, එයින් හැඟීයන්නේ ශ්රී ලංකාවේ පවතින නීතියට සහ ප්රජාතන්ත්රවාදී රාමුවට සම්පූර්ණයෙන්ම කුප්රකට ව්යාපාරික කල්ලියකට යටත්ව, ඇති බවය. එහෙයින් ඉන් ඉදිරියට සිදුවන දේ දින 90කට පසුව ජනපති ලෙස ඔබට මෙන්ම රජයටද දරාගැනීමට සිදුවන බව අප අවවාදාත්මක නියෝගයක් මෙයින් ලබාදෙමු.
අතිගරු ජනාධිපතිතුමනි,
ශ්රී දළදා වහන්සේ යනු දේශපාලන පක්ෂයකට, පුද්ගලයකුට හෝ ව්යාපාරික කණ්ඩායමකට අයත් උරුමයක් නොවේ. එය ශ්රී ලංකාවේ ඉතිහාසය, සංස්කෘතිය සහ බෞද්ධ උරුමය සමඟ සියවස් ගණනාවක් බැඳී පවතින අතිශය සංවේදී ජාතික හා ආගමික උරුමයකි.
එබැවින් මෙම ප්රශ්නය දේශපාලන ගැටුමක් බවට පත් නොකර, සත්යය හෙළි කිරීම, ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම සහ ජනතා විශ්වාසය නැවත තහවුරු කිරීම යන අරමුණු පෙරදැරි කරගෙන වහාම මැදිහත්වන ලෙස අප යලිත් දැඩිව ඉල්ලා සිටිමු.
මෙයට,
විශ්වාසී,
මහාසෝන් බලකාය
“නොපෙනී සිටිමු — සියල්ල දකිමු.”
බුද්ධ වර්ෂ 2569 වර්ෂයේ ඔක්තෝබර් 05 වන සඳුදා
