October 21, 2026

රු. මිලියන 21.5ක CBQ-2873 Vezel රථය ගත්තේ කාගේ මුදලින්ද? Lion Brewery–සුරාබදු සබඳතා ගැන තවත් බරපතළ ප්‍රශ්න! රු. මිලියන 115.5ක ආදායම් අහිමිවීම ගැනත් CIABOC වෙත පැමිණිල්ලක්!

0
CIABOC Investigation_ Vezel, Brewery, and Missing Millions

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න හෙවත් මලලගිය බණ්ඩාර නිලමෙලාගේ අනුර ප්‍රේමරත්නගේ පවුලේ සාමාජිකයකුගේ නමට රුපියල් මිලියන 21.5ක් පමණ වටිනා Honda Vezel රථයක් මිලදී ගැනීම සහ එම මිලදී ගැනීම සඳහා මෙරට ප්‍රධාන බීර නිෂ්පාදකයකු වන Lion Brewery (Ceylon) PLC වෙතින් මූල්‍ය ප්‍රතිලාභයක් ලැබුණු බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් අවශ්‍ය බවට බරපතළ ප්‍රශ්න මතුවෙමින් තිබේ.

මෙම චෝදනාව තවත් වැදගත් වන්නේ Lion Brewery සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර ගනුදෙනු හා පරිපාලන තීරණ සම්බන්ධයෙන් මීට පෙරද ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීම හේතුවෙනි.

වැඩ භාරගෙන මාස තුනක් යන්නත් පෙර රු. මිලියන 21.5ක Vezel එකක්?

ප්‍රේමරත්න මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ භාරගෙන ඇත්තේ 2025 ජූලි 11 වැනිදාය.ඉන් මාස තුනකටත් අඩු කාලයකදී, එනම් 2025 සැප්තැම්බර් 26 වැනිදා, ඔහුගේ පවුලේ සාමාජිකයකුගේ නමට සුදු පැහැති Honda Vezel රථයක් මිලදී ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 21.5ක් පමණ බවත් CBQ-2873 ලෙස එහි ලියාපදිංචි අංකය සඳහන් වන බවත් එම ආරංචි මාර්ග කියයි. එම Honda Veszal මෝටර් රථය සන්දීප් රෂ්මිත නැමැති No 208/2, Pahalayagoda,ගණේමුල්ල යන ලිපිනයේ පදිංචි ප්‍රේමරත්නගේ පුත්‍රයාගේ නමට ලියාපදිංචි කර තිබේ. සම්පුර්ණ නම ලෙස දැක්වෙන මලලගිය බණ්ඩාර නිලමෙලාගෙ සදීප රශ්මිත යන ඔහුගේ මේ වන විට පේරාදෙණිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන, තමන්ගේම වූ ආදායමකට හිමිකම් නොකියන සිසුවෙකි.

දැන් හෙළි කළ යුත්තේ වාහනයට මුදල් ආවේ කොහෙන්ද යන්නයි!

මෙම සමස්ත සිද්ධියේ සත්‍යතාව තහවුරු කිරීම අපහසු නැත.

CBQ-2873 ලෙස සඳහන් Honda Vezel රථයේ ලියාපදිංචි හිමිකරු කවුද?

2025 සැප්තැම්බර් 26 දින හෝ ඒ ආසන්නයේ එය මිලදී ගත්තේ කාගෙන්ද?

සැබෑ මිල කොපමණද?

මුදල් ගෙවූයේ කුමන බැංකු ගිණුමකින්ද?

වාහනය සඳහා leasing හෝ වෙනත් ණය පහසුකමක් ලබාගෙන තිබේද?

එසේ නම් එහි වාරික ගෙවන්නේ කවුද?

Lion Brewery, එහි අධ්‍යක්ෂවරයකු, සේවකයකු, නියෝජිතයකු හෝ ඊට සම්බන්ධ වෙනත් පාර්ශ්වයකින් මුදල් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලැබී තිබේද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු බැංකු වාර්තා, වාහන ලියාපදිංචි ලේඛන සහ වත්කම් ප්‍රකාශ පරීක්ෂා කිරීමෙන් සොයාගත හැකිය.

Lion Brewery ගැන මීට පෙරත් CIABOC වෙත පැමිණිල්ලක්!

මෙහිදී මතුවන වැදගත්ම පසුබිම වන්නේ 2026 අගෝස්තු 7 වැනිදා ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමුකර තිබේ.එම පැමිණිල්ලේ චෝදනාව වූයේ Lion Brewery සඳහා බීර බෙදාහැරීමේ සේවා සපයන්නන් පත්කිරීමේ ක්‍රියාවලිය නිසා 2026 වසර සඳහා පමණක් රජයට රුපියල් මිලියන 115.5ක ආදායමක් අහිමි වූ බවයි.

පැමිණිල්ලේ ගණනය කිරීම අනුව, අදාළ බෙදාහරින්නන් 21 දෙනා නීත්‍යානුකූල RB-03 බලපත්‍ර ලබාගෙන කටයුතු කළේ නම් රජයට ලැබිය යුතුව තිබූ බව කියන මුදල රු. මිලියන 115.5ක්.

ඊට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ පළාත් පාලන ආයතනවලට ලැබිය යුතු වෙනත් බදු ආදායම්ද අහිමි වී ඇති බවට පැමිණිලිකරුවන් චෝදනා කර තිබේ.

සුරාබදු ලොක්කාගේ බිරිඳත් රාජ්‍ය ආයතනයක සභාපතිනියක්!

මේ අතර ප්‍රේමරත්න මහතාගේ බිරිඳ බවට සඳහන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සුභසිංහ මහත්මිය පුනරුත්ථාපන කාර්යාංශයේ පාලක මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කරන බව එම ආයතනයේ නිල තොරතුරුවල සඳහන් වේ.

රු. මිලියන 115.5ක පැමිණිල්ලක් තිබියදී අලුත් චෝදනාව නොසලකා හැරිය හැකිද?

සුරාබදු දෙපාර්තමේන්තුව යනු රජයට බිලියන ගණනින් ආදායම් උපයාදෙන ආයතනයකි. එහි ප්‍රධානියා සහ ඔහු විසින් නියාමනය කරන කර්මාන්තයේ ප්‍රධාන සමාගමක් අතර අයථා මූල්‍ය සම්බන්ධතාවක් ඇති බවට චෝදනාවක් එල්ල වන්නේ නම් එය සාමාන්‍ය පෞද්ගලික කාරණයක් නොවේ.

විශේෂයෙන් Lion Brewery සම්බන්ධයෙන්ම රුපියල් මිලියන 115.5ක රාජ්‍ය ආදායම් අහිමිවීමක් ගැන CIABOC වෙත වෙනම පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති පසුබිමක, නව වාහන චෝදනාවද ස්වාධීනව පරීක්ෂා කිරීම මහජන විශ්වාසය ආරක්ෂා කිරීමට අවශ්‍ය වේ.

අවසානයේ ජනතාවට අවශ්‍ය වන්නේ එකම පිළිතුරකි — රුපියල් මිලියන 21.5ක බව කියන Honda Vezel රථයට මුදල් ආවේ කොහෙන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed