“ජඩ බදු හකුලාගනිව් ! ජීවන බර පහත දමව් !” විපක්ෂයට පාඩම් ඉගැන්වු පෙරටුගාමින්ගේ කොළඹ සටන!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
ආණ්ඩුවේ – තොපිත් එකයි
විපක්ෂයේ – තොපිත් එකයි
ප්රතිපත්තියෙ – වෙනසක් නෑ
තොපි දෙගොල්ලො – තකට තකයි
“ජඩ බදු හකුලාගනිව් ! ජීවන බර පහත දමව් ! ” මැයෙන් ජන අරගල ව්යාපාරය සංවිධානය කළ විරෝධතා පාගම අද ( 2026. 10. 03 ) දින පස්වරු 1.30ට බොරැල්ල කැම්බල් පිටිය අසලින් ආරම්භ විය. විරෝධතාකරුවන් බොරැල්ල හරහා කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන එහිදි ජන අරගල නියෝජිතයන් මාධ්ය හමුවේ අදහස් දක්වන ලැබුවා.
එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ
” අපි අද මේ පා ගමන සංවිධානය කළේ මේ ආණ්ඩුව ක්රියාත්මක කරන අසාධාරණය බදු ප්රතිපත්තියට එරෙහිව. අද වෙද්දි රටේ ජනතාවට පෝෂ්යදායක ආහාර වේලක් තබා දෙවේලක් බඩපිරෙන්න කාලා ඉන්නවත් පුලුවන් ආර්ථික තත්වයක් නැහැ. ආණ්ඩුවේ ඇමතිවරු පම්පෝරි ගහනවා භාණ්ඩාගාරේ ඉතිරෙනවලු. ආර්ථික වර්ධනය ධන වෙලාලු. අපි අහන්නේ රටේ දරුවන්ගෙන් හතරෙන් එකකට මන්දපෝෂණය නම්, ඉස්පිරිතාලේ අත්යාවශ්යය ඖෂධ ටික නැතුව ලෙඩ්ඩු මැරෙනව නම් එහෙම ආර්ථික සංවර්ධනයක් මොකටද ?
රනිල් වික්රමසිංහලා ප්රමුඛ රාජපක්ෂ ආණ්ඩුව එදා IMF එක පිනවන්න මේ රටේ ධනකුවේරයන්ට බදු සහන දුන්නා. ආර්ථික පරිවර්තන පනත ඇතුළු අසාධාරණ පණත් සම්මත කරගෙන රටේ සාමාන්යෙ ජනතාව මත විශාල බදු බරක් පැටෙව්වා. ඒ ජනතාද්රෝහී වැඩපිළිවෙළ පරාජය කරන්න තමයි ජනතාව NPP ආණ්ඩුවට ඡන්දය දුන්නේ. දැන් මේ ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. හැබැයි ජනතාවට ලැබුණු දෙයක් නැහැ.
දිට්වා නිසා නිවාස අහිම් වුණ අවතැන් වුණ මිනිස්සු තවම ඉන්නවා. අපි තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා කියලා පම්පෝරි ගහපු ජනාධිපති ඇතුළු ආණ්ඩුවට තාම බැරි වුණා ඒ මිනිස්සුන්ගේ ප්රශ්න විසඳන්න. කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවාවලට 20%කට වැඩි බද්දක් පණවලා තියනවා. සාමාන්යෙ ජනතාව පාවිච්චි කරන අත්යාවශ්යය ආහාර මත විශාල බදු බරක් පටවලා ඉවරයි. අද පොඩි දරුවන්ට මස් කෑල්ලක් බිත්තරයක් එක්ක බත් ටිකක් කවන්න අම්මලට වත් කමක් නැහැ. ලෝක සෞඛය සංවිධානයේ වාර්තා කියනවා ලංකාවේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් පහෙන් එකකට මන්දපෝෂණය කියලා. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්.
ආණ්ඩුව IMF එක සහ ධනකුවේරයෝ ටිකක් එකතුකරගෙන රටේ සාමාන්යෙ ජනතාවට දිගට හරහට ප්රහාර එල්ල කරනවා. අද රනිල් වික්රමසිංහලා මෙ ප්රහාරය දිහා හිනාවීගෙන බලාගෙන ඉන්නවා. මොකද රනිල්ගෙ ආර්ථික වැඩපිළිවෙළ තමයි ඊටත් වඩා හොඳට මේ ආණ්ඩුව ක්රියාත්මක කරන්නේ. රාජපක්ෂ කල්ලියට ජනතාවගේ ප්රශ්න අදාළ නැහැ. ඒගොල්ලො කතාකරන්නේ මැදමුලනෙ ප්රශ්න ගැන විතරයි. සජිත් ප්රේමදාසල බලාගෙන ඉන්නවා ඡන්දයක් එනකං ඒගොල්ලන්ගේ ආණ්ඩුවක් හදාගන්න. ඒ නිසා ඔය පාර්ලිමේන්තු විපක්ෂයේ ඉන්න මොකෙක්වත් ජනතාවගේ ප්රශ්න ගැන කතාකරන්නේ නැහැ.
අන්න ඒ නිසා අපි හිතනවා මේ විශාල ආර්ථික ප්රහාරයට එරෙහිව ජනතාව සංවිධානය විය යුතුයි. දැන් තව ටික දවසකින් මීළඟ අයවැය පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. ඒ අයවැයෙනුත් වෙන්නේ ජනතාව මත ගහපු බදු තව වැඩි කරන එක. ඒ නිසා අපි ජනතාවට කියනවා මෙන්න මේ අසාධාරණ ජඩ බදු ප්රතිපත්තියට එරෙහිව පාරට බහින්න කියලා. අපි ජන අරගල ව්යාපාරය විදිහට මේ අසාධාරණ බදු ප්රතිපත්තිය පරාජය කරන්න අදාළ මැදිහත් වීම කරනවා. “

එහිදී අදහස් දැක්වූ ජන අරගල ව්යාපාරයේ විධායක සභික දුමින්ද නාගමුව.
” බදු බර සහ ජීවන වියදම් ජනතාවට දරාගන්න බැරි විදිහට ඉහළ යාමට විරෝධය පල කරලා තමයි ජන අරගල ව්යාපාරය විදිහට අපි ඊයේ දවසේ විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කළේ. ඒ ප්රශ්නයට උත්තර දෙනවා වෙනුවට ආණ්ඩුව අපේ සහෝදරවරු හය දෙනෙක් අත් අඩංගුවට අරගෙන ඉතාම පහත් මර්දනයක් ක්රියාත්මක කරමින් යනවා. මේක තමයි පරණ ආණ්ඩුත් කළේ. මිනිස්සු තමන්ගේ ප්රශ්න අරගෙන පාරට ආවම උද්ඝෝෂණ කළා කියලා ඇතුළට දානවා. හැබැයි ආණ්ඩුවට අමතක වෙලා ඉස්සරත් එහෙම මර්දනය ක්රියාත්මක කරන්න උත්සහ කරපු අයට මොකද වුණේ කියලා. ඒගොල්ලන්ට අන්තිමට පස්ස දොරෙන් පැනලා යන්න වුණා. ජනතාව එකතුවෙලා ඔවුන්ගේ දේශපානලනය අවලංගු කළා.
දැනට මේ ආණ්ඩුව අයුතු ජන රාශිය වගේ චෝදනා වලින් තමයි උද්ඝෝෂණ මර්දනය කරන්නේ. හැබැයි මෙතන තියෙන භයානකම දේ තමයි ඉදිරියේදී සම්මත කරන්න නියමිත ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත. මේ පනතෙන් පුලුවන් උද්ඝෝෂණයක් කරන්නත් කලින් ත්රස්තවාදී ක්රියා විදිහට නම් කරලා උද්ඝෝෂණ තහනම් කරන්න, සංවිධාන තහනම් කරන්න. පුද්ගලයින් අත් අඩංගුවට අරගෙන රඳවා තබාගන්න. ඉස්සර ආණ්ඩු උද්ඝෝෂණවලට පහරදීලා මර්දනය කළා. දැන් ජාජබ ආණ්ඩුව සූදානම් වෙනවා විරෝධය දක්වන්නේ ත්රස්තවාදීන් කියලා හංවඩු ගහලා මර්දනය කරන්න. මේක ඉතාම අවාසනාවන්ත තත්වයක්. මේ රටේ ප්රජාතන්ත්රවාදයට ලැදි සියලුදෙනාටම අපි කියනවා මේ තුච්ඡ වැඩපිළිවෙළට එරෙහිව නැගී සිටින්න කියලා.
අපි ජන අරගල ව්යාපාරය විදිහට ඊයෙ මහපාරට ආවේ රටේ ජනතාවගේ දැවෙන ප්රශ්නයක් විසඳගන්න. මේ වෙද්දි අධික බදු බර සහ ජීවන වියදම ඉහළ යාම ජනතාවට විශාල ප්රශ්නයක් වෙලා ඉවරයි. ඩඩ්ලිට නම් බදු ගෙවන්න බැරි නම් හරි වෙන ප්රශ්නයක් හරි නම් ලාල්කාන්තට එක කෝල් එකයි දෙන්න තියෙන්නේ. එහෙමත් නැත්තම් එයා කියනවා අර පොළොන්නරුවේ ඉන්න රාජ්ය නායකයද කවුද එක්කෙනා එයාට හැමවෙලාවෙම කෝල් ගන්නවා කියලා. හැබැයි රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට තමන්ගේ බත් පතේ ප්රශ්නය, දරුවගේ අධ්යාපන වියදම් දරාගන්න බැරි ප්රශ්නය, රෝහලට ගියාම බෙහෙත් ටික නැති ප්රශ්නය එහෙම ඇමතිවරුන්ට කතාකරලා කියන්න හැකියාවක් නැහැ. ඒ නිසයි අපි ඒ ප්රශ්නය දේශපානලන භාෂාවට පෙරළන්නේ.
මොකද තමන්ගේ ආර්ථික ප්රශ්නය දේශපානලන භාෂාවට පෙරලගන්න බැරි වුණොත් මිනිස්සු ඊටපස්සෙ යන්නේ වෙන වෙන උත්තර හොයාගෙන. ඊටපස්සෙ තමයි මිනිස්සු හොරකම් කරන්න විවිධ වංචා කරන්න පෙළඹෙන්නේ. සමහරු සියදිවි හානි කරගන්නවා. වාර්තාවලට අනුව අම්මල ලක්ෂයක් විතර වඳ භාවයට පත් වෙලා තියනවා. ඇයි ඒ ? හේතුව තමයි ළමයෙක් උස්මහත් කරගන්න තරම් ආර්ථිකේ ශක්තියක් නොමැතිකම. අද රටේ ගොඩක් තරුණ තරුණියෝ උදේට එක රැකියාවක් කරලා රෑට තව රැකියාවකට යනවා. මොකද එක රස්සාවකින් ජීවත් වෙන්න පුලුවන් කමක් නැහැ. මේ ප්රශ්නවලට මූලිකම හේතුවක් තමයි මේ අධික බදු බර.
බදු නෙමෙයි ඇත්තටම රාජපක්ෂලාගේ බිල තමයි අපිට මේ ගෙවන්න වෙලා තියෙන්නේ. මහාපරිමාණ සමාගම් රජයට තියපු බිලියන ගණං බදු පොලු වල පාඩුව තමයි අද බදු විදිහට ඇවිල්ලා අපේ සාක්කු හිස් කරන්නේ. මේ ආණ්ඩුව බලයට එනකොට කිව්වේ නම් අපි මේ ප්රශ්නවලට ජනතාවගේ පැත්තෙ ඉඳන් උත්තර හොයනවා කියලා. හැබැයි මේගොල්ලන්ට රනිල්ගේ පාර හැර වෙන පාරක් පේන්නෙ නැහැ. මේ ආණ්ඩුවට IMF එක හැර වෙන විකල්ප පේන්නෙ නැහැ. IMF උවමනාවන්ට අනුව රනිල් ගහපු 18% වැට් බද්ද තවම මේගොල්ලො පවත්වාගෙන යනවා. ගිය අවුරුද්දේ මුල් මාස හයට වඩා මේ අවුරුද්දේ මුල් මාස හයේ ආණ්ඩුව 25%ක් වැඩියෙන් බදු එකතුකරගෙන තියනවා. මේ හූරගන්නේ පොඩි මිනිහගේ සාක්කුවේ තියෙන සල්ලි.
අර මහාපරිමාණ ධනකුවේරයන්ගෙන් එක සතයක් ගන්නේ නැහැ. දැන් ඒ මදිවට බලු බද්දකුත් ගේන්න යනවා. මේක මෙතනින් නවතින්නෙ නැහැ පලාත් පාලන ආයතනවලට වෙන් කරන ප්රතිපාදන 20%කින් ගිය අවුරුද්දේ කැපුවා මේ සල්ලි එකතුකරගන්න ඒ ආයතන ඉස්සරහට තව බදු ක්රම හඳුන්වා දෙන්න නියමිතයි. මේ ඔක්කොම එන්නේ සාමාන්යෙ ජනතාවගේ කරපිටට.
ඒ නිසා තමයි අපි ජන අරගල ව්යාපාරය විදිහට මේ අසාධාරණ බදු ක්රමයට එරෙහිව මහජන බලයක් ගොඩනගන්න උත්සහ කරන්නේ. ආණ්ඩුව හිතනව නම් මර්දනය කරලා ඒ මහජන බලය යට යවන්න පුලුවන් කියලා අපි කියනවා ඔවුන්ට අතීතය මතක් කරගන්න කියලා. “
