රනිල්,සජිත් එක පෙරමුණක! SJB, UNP එකට පෙළ ගැසෙන බව සජිත් කියයි!
ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන වත්මන් රජයට එරෙහිව SJB, UNP එකට පෙළ ගැසන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.අද කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී ‘J.R ආණ්ඩුකරණය සහ මැදමාවත’ යන තේමාව යටතේ සමගි ජන බලවේගයට අනුබද්ධිත මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් පළමුවරට සංවිධානය කරනු ලබන විද්වත් කථිකාවත හා එක්වෙමිනි. මේ අවස්ථාව වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආචාර්ය මහාචාරුයවරුන් ඇතුළු විශාල පිරිසක් එක්විය.
එහිදි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ අද රටේ 30-40% දුප්පත් බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කඩා වැටි ඇති මොහොතක රට ගොඩනගන්න සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එක්වන බවත් නිවැරදි වැඩපිළිවෙළකට නිවැරදි ගමනක් කරා යා යුතු බවත් ලක්ෂ 220 ජනතාවගේ පොදු හතුරා වන වත්මන් රජයට විරුද්ධව පෙළ ගැසෙන බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ දේශපාලනික ගමන් මගෙහි අතිශය තීරණාත්මක පරිච්ඡේදයක් සනිටුහන් කළ, රටේ ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජන්ම දිනය අදට (සැප්තැම්බර් 17) යෙදී තිබේ. 1906 සැප්තැම්බර් මස 17 වන දින මෙලොව එළිය දුටු එතුමා, කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව කීර්තිමත් අධිනීතිඥවරයෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසියේය. 1938 වසරේදී ලංකා ජාතික සංගමයට සම්බන්ධ වෙමින් එහි ලේකම් ධුරයට පත් වූ එතුමා, මෙරටට නිදහස ලබා ගැනීමේ සටනට නායකත්වය දුන් ප්‍රධාන පෙළේ පුරෝගාමියෙකු විය. එක්සත් ජාතික පක්ෂයේ සමාරම්භක සාමාජිකයෙකු වූ එතුමා, නිදහස් ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිවරයා ලෙස පත් වෙමින් නව රාජ්‍යයේ මූල්‍ය පදනම සකස් කිරීමට දායක විය. එමෙන්ම 1951 වසරේ පැවැති සැන් ෆ්‍රැන්සිස්කො සාම සමුළුවේදී බුදුදහමේ ආභාෂය ලබමින් “වෛරයෙන් වෛරය නොසංසිඳේ” යන උතුම් තේමාව පෙරටදමමින් ජපානය වෙනුවෙන් පෙනී සිටීම, එතුමා ලෝක රාජ්‍ය තාන්ත්‍රික කරළියේ තැබූ අමරණීය සටහනකි.
