මාලිමා මන්ත්‍රී 159ගේ පඩිය JVP ගිණුමට දා ගැනීම අල්ලසක්.. දූෂණයක්…! අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්! අනුරගේ අල්ලස් කුක්කා දැන් මොකද කරන්නේ!
මාලිමා මන්ත්‍රී 159ගේ පඩිය JVP ගිණුමට දා ගැනීම අල්ලසක්.. දූෂණයක්…! බව සදහන් කරමින් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්‍තුවට තේරි පත් වූ මන්‍ත්‍රීවරුන්ට එරෙහිව නිදහස් සටන් මධ්‍යස්ථානය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ මන්ත්‍රීවරුන්, සිය මන්ත්‍රී ධුරයට හිමි වරප්‍රසාද වන දීමනා ලබාදීමේ අරමුණ වන මහජන යහපත උදෙසා නොයොදවා ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමට තැන්පත් කිරීම මගින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකර ඇති බවයි ඔහුන් පෙන්වා දෙන්නේ.
අදාළ පැමිණිල්ලෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනාම කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශනයක් සිදුකරන ලෙසත්, පක්ෂයේ බැංකු ගිණුම් පරීක්ෂා කරන ලෙසත් එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
මේ වන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගේ වැටුප ජනතා විමුක්ති පෙරමුණේ බැංකු ගිණුමට යන බව එම පක්ෂයේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කොට තිබේ.
නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු නීතිඥ ආශා කහවත්ත සහ මාධ්‍යවේදී තුෂාර වීරරත්න
