ෆාදර් සුරසෙනගේ fast track තීන්දුව කතානායක අතට…!
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිඛෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවට අද නියෝග කළා.
අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබුණු පෙත්සම් සහ එම පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ගොනු කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිඛෙනවා.
මෙම පෙත්සම්වලට අදාල ලිඛිත දේශන තිබේ නම්, ඒවා හෙට දින පස්වරු 3.00 ට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි විනිසුරු මඩුල්ල විසින් මෙහි පාර්ශවකරුවන්ට නියම කර සිටියේ.
සොලිසිටර් ජෙනරාල්වරයා විසින් සිය දේශනය අවසන් කිරීමෙන් පසුව, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්, සොලිසිටර් ජෙනරාල්වරයාගේ සහ අකරමැදි පෙත්සම්කරුවන්ගේ නීතිඥයන්ගේ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
නමුත්, පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළ අගවිනිසුරුවරයා, ඒ වෙනුවට ලිඛිත දේශන මගින් කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දී නඩු විභාගය අවසන් කරන ලදී
