රතු ජුන්ටාව 22 ගෙනල්ලා බලය ඉන්න හදනවා! පුලුවන් නම් පැලවත්තේ බංකරේ ඉන්න උන්ගේ නම් රටට කියන්න!
“රෝහන විජේවීර ජවිපේ පලවෙනි රැස්වීම හයිට් පාක් තිබ්බේ හැබැයි ඒකෙන් බාගයක් මැරැණා.එතන ඉදන් ජවිපෙට රැස්වීම් තියනවා කියන එක මහ දෙයක් නෙමෙයි” යැයි ජනතාවාදී ඒකාබද්ද විපක්ෂය පවසනවා. ජනතාවාදී ඒකාබද්ද විපක්ෂයේ අද මාධ්‍ය හමුවට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා සදහන් කළේ අනුර කුමාර මෙි අවු 2 කාලය තුල කරපු දේවල් වල කරැමය ලෙස එනව කියල ඔවුන් බය වි ඇති බවයි.
කොළඹ, මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය ජී. එල්. පීරිස්, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
රහසිගත කුමන්ත්‍රණ කරන්නේ කවුද? – පාඨලීගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්
ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කියා සිටියේ, ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ප්‍රබල විපක්ෂය ලෙස පිළිගැනීම පිළිබඳව ස්තූතිවන්ත වන බවයි.
“ජී. එල්. පීරිස් මහතාගේ ගෙදර කුමන්ත්‍රණ කරනවා කියන ආණ්ඩුවට අප කියන්නේ, පැලවත්තේ හෝ වෙනත් තැන්වල රහසේ රැස්වෙන ජනතා විමුක්ති පෙරමුණේ යටබිම්ගත, පාතාල පක්ෂයේ නාමලේඛනය පුළුවන් නම් රටට ඉදිරිපත් කරන්න කියලයි. අවුරුදු 60ක් තිස්සේ රහසේ රැස්වෙමින් කුමන්ත්‍රණ කළේ කවුද කියලා මුළු රටම දන්නවා.”
රටේ පවත්නා සැබෑ ආර්ථික අර්බුදයෙන් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමටත්, තමන්ගේ පාලන කාලය දීර්ඝ කරගැනීමටත් ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධන ගෙනඑන බව චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය. 2028 වන විට මෙරට ණය ආපසු ගෙවීමට නම් ඩොලර් සංචිතය අවම වශයෙන් ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කරගත යුතු බවත්, ෆේස්බුක් ප්‍රචාරවලින් හෝ ඵලදායිතාව ඉහළ නැංවීමකින් තොරව රටක් පාලනය කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
එසේම, 2021 ගෑස් හිඟය ඇතිකළ පුද්ගලයින් සහ රට බංකොලොත් වීමට බලපෑ නිලධාරීන් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව කිසිදු නීතිමය පියවරක් ගෙන නැති බවටද ඔහු තවදුරටත් චෝදනා කළේය. අධිකරණයේ නඩු ප්‍රමාද වැළැක්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීම නොව, පද්ධතිය ඩිජිටල්කරණය (Digitization) කිරීම සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයන් තාක්ෂණය ඔස්සේ විසඳීම බවද ඔහු සඳහන් කළේය.
“පහුගිය ආණ්ඩුවල මහා බැදුම්කර වංචාවට සම්බන්ධ ප්‍රබලයෙක් වගේම බාල ගෑස් ගෙන්විමට සම්බන්ධ කුප්‍රකට ව්‍යාපාරිකයන් දැන් ඉන්නෙත් අනුර දිසානායක ලග”
“මෙි රතු ජුන්ටාව 22 ගෙනල්ලා තමන්ගේ කාලය දීර්ඝ කරගන්නවා කියන එක තමයි මෙි කරන්නේ.අනුර කුමාර මෙි අවු 2 කාලය තුල කරපු දේවල් වල කරැමය එනව කියල ඔවුන් බය වෙලා තියනවා.”
“අපි 2022.ඉදන් 2023 දක්වා ආර්ථිකය ස්ථායිකරණයක් ගෙනාවා ඒක අපිට යන්න පුළුවන් 2028 වෙනකන් විතරයි.”
“අපි දන්නවා මෙි වෙනකොට ලෝකයේ IT සේස්ත්‍රය පුපුරලා ගිහින් තියෙන්නේ. අපිට ලොකු ප්‍රශ්ණයක් මෙික .තරැණයන්ට ත්‍රිව්ල් රස්සාව නැති කරල රට හදන්න බැ.”
“අධිකරනය ඩිජිටල් කරනවට අපි අත් දෙකම උත්සලා සහය දෙනව.ලොකයේ 2030 වෙනකොට මෙි හැම දෙයක්ට ඩිජිටල් වෙනව කියල ඉලෝන් මාක්ස් කියනවා.අපි තවම 64.65 දන්නේ නැ.”
“රැස්වීම් තිය තියා තවත් කයිවාරැ ගහන්න එපා.ඔබ මෙි සංශෝනය හරහා ඔබගේ දූර කාලය වැඩි කරගත්තොත් අපේ දරැවොත් ලේ වැගිරීමකට යනවා…”
එම මාධ්‍ය හමුවට එක්වෙමින් ජී.එල් පීරිස් මහතා සදහන් කළේ
“අහවල් දවසේ අහවවල් නඩු තීන්දුව එනව අත්පුඩි ගහල ඒව පිලිගන්න කියල මෙි රටෙි ජනාදිපති කිවුව.මෙි කාරණ එක්ක තමයි 22වන සංශොදනය සම්බන්දව කතා කරද්දී වැදගත් වෙනවා.”
ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ආණ්ඩුවේ “රබර් මුද්‍රාවක්” නෙමෙයි
මාධ්‍ය හමුව අමතමින් මහාචාර්ය ජී. එල්. පීරිස් පෙන්වා දුන්නේ, යෝජිත 22 වැනි සංශෝධනයට එරෙහිව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ සාමාන්‍ය ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරමින් සිටින බවයි. එම සියලු පෙත්සම්වල පොදු තේමාව වන්නේ මෙම සංශෝධනය නීතිගත කිරීමට පෙර අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවයි.
කෙසේ වෙතත්, මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් පවා පත් කිරීමට ප්‍රථම, “ජනමත විචාරණයක් තියන්නේ නැහැ”යි අධිකරණ ඇමතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අධිකරණයට කළ බරපතල අපහාසයක් බව මහාචාර්යවරයා සඳහන් කළේය.
“ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ඇමතිවරයාගේ හෝ ආණ්ඩුවේ හෝ විධායකයේ රබර් මුද්‍රාවක් නෙමෙයි. තීන්දුව කුමක්දැයි අධිකරණ ඇමතිවරයා කලින්ම කියන්නේ කෙසේද? මෙවැනි ප්‍රකාශ මගින් අධිකරණයට ලැබිය යුතු ගෞරවය සහ තේජස විශාල ලෙස පළුදු වෙනවා.”
මීට පෙර 1983දී 6 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හමුවේ එවකට හිටපු අග්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් 9 දෙනාගෙන්ම සමන්විත පූර්ණ විනිශ්චය මණ්ඩලයක් පත් කළ බව මතක් කරදුන් මහාචාර්ය පීරිස් මහතා, 132(3) වගන්තිය යටතේ වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයාට හිමි බලතල ප්‍රකාරව මෙවරද සියලුම විනිසුරුවරුන් ඇතුළත් පූර්ණ මණ්ඩලයක් පත්කළ යුතු බවට නීතිඥ සංගමය සහ විපක්ෂය ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.
එමෙන්ම, ආණ්ඩුව එකවර පනත් කෙටුම්පත් තුනක් (22 වැනි සංශෝධනය, අධිකරණ පද්ධති සංශෝධන පනත, සහ දූෂණ විරෝධී සංශෝධන පනත) ඉදිරිපත් කරමින් විනිසුරුවරුන් පිරිස කොටස්වලට බෙදීමට කූට උපක්‍රමයක් දියත් කර ඇති බවටද ඔහු චෝදනා කළේය.
