September 21, 2026

ජනතාව මුලාකරන, මුග්ධයන්ට තවත් ඉඩ දිය යුතුද?

0
NPP_Nalinda

අනුර-සුරසේන- Born again කල්ලියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුව දක්වා පැමිණ අවසන්. ෆාදර් සුරසේන බලයේ තබා ගැනිම හැර තමන්ට පැවැත්මක් නොමැති බව දන්නා අනුර දිසානායක ජනාධිපතිවරයා දැන් ජනතාව සමග “ගනු කඩුව – එනු සටනට” මුහුණට මුහුණ සටනක් කැදවා තිබේ.

මේම සංශෝධනය සුරසේන නිවසේ සිට ලියන අවස්ථාවේ සිටම රටේ ජනතාවට කප්පරක් බොරු කියමින් නීතිඥ ප්‍රජාව,මහා නායකහිමියන්,බුද්ධිමතුන් ඇතුලු විරුද්ධ ජනතාවට මඩ ගසමින් පාර්ලිමේන්තුව දක්වා අනුර ආවේ මෙය කෙසේ හෝ කරගන්නට බව නොරහසකි. දැන් පනත පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.ඊට එරෙහිව පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පැමිණ තිබේ. අවසානයේ ඉහල විනිසුරුන් සහ රටේ නීතියේ ස්වාධීනත්වය ඉල්ලා සිටින ජනතාව අතර අනුර වෙඩි බෙහෙත් නුළට ගීනි තබා තිබේ. එක පැත්තකින් මෙය තමන්ගේම නඩුවකි.අනිත් පැත්තෙන් රටේ ජනතාවගේ ස්වාධිපත්‍යය බලය සම්බන්ධ ප්‍රශ්ණයකි. එපමණක් නොව මෙහි තවත් පැත්තක් තිබේ.එනම් ෆාදර් සුරසේනගේ හස්තයට යටව සිටින ඉහලම විනිසුරුවරුන් ය.

අනුර මෙය දැන දැනම කල කුපාඩි වැඩක් බව දැන් අමුතුවෙන් කිවයුතු තැන. මේ අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් ශොපින් කරන උද්දච්ච නලින්ද ජයස්තිස්සගේ ප්‍රකාශකි.ඔහු එහිදි මාධ්‍යවේදීන් යොමුකරන ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් සදහන් කරන්නේ “රජයට ජනමත විචාරණයක් ගැන තින්දුවක් ගැනිමට නොහැකි බවය.” එම ප්‍රකාශය මුග්ධ ප්‍රකාශයකි.එ පිළිබදව ප්‍රශ්ණ කිරිමට තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන යම් දැනිමක් තිබු මාධ්‍යවේදීන් නොසිටිමද තවත් කරුමයකි.

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ 120 වන ව්‍යවස්ථාවේ (ආ) ව්‍යාතිරේඛයේ ඉතාම පැහැදිලිව ලියා ඇති දේ බලන්න.

(ආ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම්කිසි විධි විධානයක් සංශෝධනය කිරීම සඳහා වූ නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස දීර්ඝ නාමයේ විස්තර කර ඇති පනත් කෙටුම්පතක් 83 වැනි ව්‍යවස්ථාවෙන් නියමිත විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතකිරීමට සහ ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන බවට අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කරනු ලැබූ අවස්ථාවක ඒ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිම අධිකරණ බලයක් නොමැත්තේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසි ම අධිකරණ බලයක් ක්‍රියාත්මක නොකළ යුත්තේය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද කිව්වේ ඇත්තක්ද? නෑ ඒ අනුව ඉතාම පැහැදි වන දේ කුමක්ද? කැබිනට් මණ්ඩලය යම්කිසි ව්‍යවස්ථා සංශෝධනයක් 2/3 විශේෂ බහුතරයෙන් සම්මත කර, ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බවට සහතික කරන අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු අධිකරණ බලයක් නැහැ එම සංශෝධනය ගැන ති​රණය කරන්න කියලා. ඒකට හේතුව ජනාතා පරමාධිපත්‍ය තමයි ඉහලම බලය, ජනතාව ජනමත විචාරණයකින් සම්මත කරනවා නම්, ඒක පරමාධිපත්‍ය හිමි ජනතාවගේ කැමැත්ත නිසා.

පැහැදිලිව ලියලා තියෙන දේකට ප්‍රතිවිරුද්ධව කැබිනට ප්‍රකාශක ඇමතිවරයා රටටම මාධ්‍ය ප්‍රකාශය මැද බොරු කියන එක ඉතාම කණගාටුදායක කාරණයක් නොවන්නේද?

එසේනම් අනුර ඇතුලු මාලිමා ආණ්ඩුව කලේ කුමක්ද? තමන්ගේ කාලය,වැටුප,විශ්‍රාමය දිර්ඝ කර ගැනිමේ ව්‍යවස්ථා සංශෝධනය දැන දැන ඔනෑකමින්ම විනිසුරු කර මත තබා ඇත. එයින් අදහස් වන්නේ කුමක්ද? උබලා ජනමත විචාරණයකින් තොරව මෙය සම්මත කල හැකි බව කිවහොත් අපි අපේ පාර්ලිමේන්තුවේ බහුතරය එනම් 159 ක මාලිමාකාරයන්ගෙන් අපට සම්මත් කර දිමට හැකි බවය.එසේ වුවහොත් නියත වශයෙන්ම ස්වාධීන අධිකරණය විධායකයේ යකඩ සපත්තුවට යටවනු ඇත.

දැන් කාලය පැමිණ ඇත බලය ගැනිම සදහා කප්පරකට බොරු JVP මුග්ධයන් දැන් රාජ්‍ය බලය සියතට ගැනිම සදහා ගෙනයන කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් ජනතාව හදුනා ගත යුතුය,එවා පරාජය කලයුතුය.

~පණ්ඩුක හේරත් ~


Leave a Reply

Your email address will not be published. Required fields are marked *