මෙක මහා සංඝරත්නයටවත් ගරු නොකර ඒකාධිපති ආණ්ඩුවක්!
මේ රටේ මහා සංඝරත්නයටවත් ගරු නොකර ඒකාධිපති වියරුවෙන් යන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා.යැයි හිටපු අමාත්‍යය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.
අනුරාධපුර එප්පාවලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
මේ ගොල්ලොන්ට ඕන වෙලාවට කබරගොයාත් තල ගොයාකරගෙන වැඩ කටයුතු කරන ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුව.එදා ශිරාණි බණ්ඩාරනායකගේ ප්‍රශ්නය වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් තිබ්බා ඕන නම් මේ වගේම බලය පාවිච්චි කරලා විනිසුරුවරුන්ගේ කාළය අඩු කරන්න.
දැන් මේ ගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සඳහා මේ රටේ ස්වාධීනත්වය, රටේ ජනතාවගේ ජනතා පරමාධිපත්‍යය විනාශ වන ආකාරයට තමයි කටයුතු කරන්නේ. කවුරුත් මිනිස්සු මේවා කරන්න ඡන්දය දුන් නෑනේ, මෙයාලාගේ ඇජන්ඩා වල තිබුනේ නෑනේ, මේ විදිහට විනිසුරුවරුන්ගේ කාළය දීර්ඝ කරනවා කියලා, ඒකට බලයක් කවුරුත් දුන් නෑ, අධිකරණයේ ස්වාධීනත්වය රකින්න, තව අයට අවස්ථාව ලබා දෙන්න අවස්ථාවක් ලැබිය යුතුයි.
මේ සම්බන්ධ ඉදිරි කටයුතු කොහොමද කියලා මම දන් නෑ නීතීඥයෙක් නොවන නිසා, ඒ සම්බන්ධයෙන් නීතීඥ මහත්වරු අදහස් ප්‍රකාශ කරයි.
මහනායක හාමුදුරුවරු ඒකාබද්ධව ප්‍රකාශයක් නිකුත් කරා කියනවා, ඒත් තාම රට දන්නෙත් නෑ, ඒ ගොල්ල කියන්නෙත් නෑ, එහෙම ආවෙත් නෑ කියලා තමයි ප්‍රකාශ කරන්නේ.මේ රටේ මහා සංඝරත්නයටවත් ගරු නොකර ඒකාධිපති වියරුවෙන් යන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා.
ඒ ගොල්ල විශ්වාස කරනවා නම් අපිව හිරේදාලා මර්ධනය කරන්න පුලුවන් කියලා, අපිව 10/15 ක් , 20/25 ක් 100ක්ම හිරේ දැම්මා කියන්නකෝ එකා පිටිපස්සේ එකා ඉන්නවා, අපි නැතිවට තවත් අය ඉන්නවා.මේක ගොඩ නගනවා නැවත වාතවක්, අපි ආවෙත් ඒකට තමයි අනුරාධපුරයෙන් නැවත අනුර කුමාරගේ ආණ්ඩුව , අනුර කුමාර ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කය, ලාල් කාන්ත ඇමතිතුමාගේ දිස්ත්‍රික්කය, වසන්ත සමරසිංහගේ දිස්ත්‍රික්කය . මේ දිස්ත්‍රික්කය නැවත වරක් මේ ආණ්ඩුව පෙරලන සටන අපි මෙහෙන් ආරම්භ කරනවා.
අපි මේ දිස්ත්‍රික්කට පුරාම ගම්මාන මට්ටමින් යනවා යන කොට වී මිළ රුපියල් 80/83 , කෝ වසන්තගේ 120 දෙනවා කිව්ව එක කෝ, ගබඩා ඇරලාද, , ගොවියාට සහන දීලාද, දැන් වී ටික ගන්නවාද? කයියනායකලා ටිකක් විතරක් පත් කරලා තියෙනවා, මේ ගොයම් කපන, හොඳ අස්වැන්නක් තියෙන වෙලාවේ ලංකා ඉතිහාසයේ වැඩිම වී ප්‍රමාණය ටොන් එක්ලක්ෂ පනස් හත්දහසක් ගෙන ආවා, එතකොට කොහෙද ගොවියාට හොඳ මිලකට විකුණන්න පුලුවන් වෙන්නේ, ඒ නිසා කුණු කොල්ලයට මෝල්කාරයෝ ටික ගන්නවා.
“මරුනේ, පට්ටයි, පට්ට ආතල්නේ මේ ආණ්ඩුව.එක පෑන් පාරෙන් රොයිස් රෝයි කාර් එක ගේන්න දුන්නා ඩඩ්ලි ලොක්කාට, දැන් ආයේ මහ මෝල්කාරයෝ එක්ක කථා කරලා චොපර් ගෙන්වන්න දෙයිද දන් නෑ රත්නටවත්.”
