භාණ්ඩාගාරයෙන් සල්ලි අතුරුදන් වීමේ තවත් රහස් රැසක්!
බදාදා දිනයේ එම ලිපිය දුටු ඕනෑම අයකු සිතා සිටියේ මෙම සිදුවීම ඊට දින දෙක තුනකට ඉහතදී මහා භාණ්ඩාගාරය ඇතුළේ සිදුවන්නට ඇති බවකි. නමුත් මෙම ලිපිය ආණ්ඩුවට එරෙහි දේශපාලන බෝම්බයක් බවට පත්වූයේ මෙම සිද්ධිය මීට මාස 5කට ඉහතදී, එනම් දෙසැම්බර් මාසයේදී සිදුව ඇති බවටත්, ආණ්ඩුව මේ දක්වා වූ කාලය තුළ එම සිදුවීම වසංකොට ගෙන තබාගෙන ඇති බවටත් අනාවරණය වීමත් සමගය.
ඒ අනුව බොහෝ දෙනා ප්රශ්න කිරීමට පටන්ගෙන තිබුණේ පාර්ලිමේන්තුව ඇතුළේත්, පාර්ලිමේන්තුවේ යම් යම් කමිටුවලත් ආර්ථික ඔස්තාර්ලා වශයෙන් ප්රකට පුද්ගලයන් සිටිද්දී මාස 5කට පසු මෛත්රී ගුණරත්න විසින් මෙම සිදුවීම හෙළිකරන තෙක් මේ සම්බන්ධයෙන් කුමක් කළාදැයි කියාය. මෙම ආර්ථික ඔස්තාර්ලා ටයිකෝට් ගසාගෙන මහා ආර්ථික දැනුම් සම්භාරයක් ඇති පුද්ගලයන් සේ රටට පෙන්වාගෙන සිටියද මෙම සිදුවීම මුල්කොටගෙන බොහෝ දෙනා කියා සිටියේ එක්කෝ ඔවුන් බොරු ආර්ථික න්යායන් කියවමින් සිටින්නන් බවටත්, එසේත් නැත්නම් ආණ්ඩුවට ප්රශ්නයක් ආ විගස ආණ්ඩුවට වාසිසහගත ලෙස කටයුතු කරමින් සිටින්නන් බවටත්ය. කියවන්න – ඇතුළෙන්ම ඔත්තුව ආවා! භාණ්ඩාගාරයෙන් සල්ලි අතුරුදන් වීමේ තවත් රහස් රැසක් විපක්ෂය අතට! ලොකු අඩව්වක් අත ළඟ එනවා! රාජ්ය රහස් I Sri Lanka Latest News – Sri Lanka News Update

