ශ්රී ලංකා නීතිඥ සංගමයේ සාමාන්ය සාමාජිකත්වයේ අද පැවැති  විශේෂ මහා සභා රැස්වීමේදි සම්මත කරගත් යෝජනාව පහත දැක්වේ.

 

ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, ආණ්ඩුක්රම ව්යවස්ථාව ආරක්ෂා කිරීමට, අධිකරණයේ ආයතනික ස්වාධීනත්වයට ගරු කිරීමට, යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කිරීමට සහ, සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ ධුර කාලය සම්බන්ධයෙන් බලපාන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන, ඒවා අත්යවශ්ය බව පැහැදිලිව තහවුරු කර ඇති, විනිවිදභාවයෙන් සකස් කරන ලද, පුළුල් මහජන හා පාර්ශ්වකාර උපදේශන ක්රියාවලියකට භාජනය කරන ලද සහ අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකාවේ ආණ්ඩුක්රම ව්යවස්ථාමය සම්ප්රදායන්ට හා ජාත්යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන් අනුකූල වන අවස්ථාවල හැර, ඉදිරියට ගෙන යාමෙන් වැළකී සිටින ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *