මහර බන්ධනාගාරය තුළ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර බන්ධනාගාරය තුලින් වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.පොලිසිය සදහන් කරන්නේ බන්ධනාගාර රැදෙවියන් එහි ප්රධාන ගේට්ටුව කඩා දමමින් ඉන් පිටතට පැමිණීමට උත්සහ දරණ බවයි.

තත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් කටයුතු කරමින් සීටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ, බන්ධනාගාර තුලින් ගිනි තැබීමක් බන්ධනාගාර තාප්පයෙන් පිටතට දර්ශනය වන බවයි.

වාර්තාවන අකාරයට බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරින් සහ රැදෙවියන් අතර ගැටුමක් ඇති වි ඇති අතර ඒය මේ දක්වා වර්ධනය වෙමින් තිබේන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *