දිගු කලක් ප්රමාද වී තිබූ පළාත් සභා මැතිවරණය “ඉක්මනින්” පවත්වා දෙමළ සුළුතරයට අදාළ ව්යවස්ථාමය විධිවිධාන සම්පූර්ණයෙන්ම ක්රියාත්මක කලයුතු බව ඉන්දීය මධ්යම රජයේ ඉල්ලිම බව ඉන්දීය විදේශ ලේකම් වික්රම් මිස්රි, Shri. Vikram Misri බලයට පත්වීමෙන් පසු කොළඹට කළ පළමු සංචාරයේදී ශ්රි ලංකා රජයට දැනුම් දුන්නා.

ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය, විදේශ අමාත්ය විජිත හේරත්, විදේශ ලේකම් අරුණි රණරාජා සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස සමඟ පැවති සාකච්ඡාවලදී මෙම පණිවිඩය ලබා දුන් බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්යාංශය තහවුරු කර සිටියා.

ජනාධිපති දිසානායකගේ 2024 නවදිල්ලි සංචාරයේදී සහ අගමැති මෝදිගේ 2025 කොළඹ සංචාරයේදී කරන ලද පොරොන්දු රජයන් දෙකම නැවත තහවුරු කරමින් එම පොරොන්දු වහාම ඉටුකලයුතු බව දැඩිව මිස්රි අවධාරණය කල බවයි ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්යාංශය අනාවරණය කළේ.

ඉන්දියාවේ “අසල්වැසියා පළමුව” ප්රතිපත්තිය සහ “මහාසාගරය දැක්ම” යටතේ සකස් කරන ලද මෙම සංචාරයට ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ පුළුල් සමාලෝචනයක් සහ දෙමළ දේශපාලන පක්ෂ සමඟ කටයුතු මාලාවක් ඇතුළත් විය – විශේෂයෙන්, අලුතින් පිහිටුවන ලද දෙමළ කතා කරන සන්ධානය ශ්රී ලාංකික දෙමළ සහ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාව වෙන් කරමින් වෙනම රැස්වීම් දෙකකට බෙදා හමුවිමද මෙම සංචාරයේ විශේෂත්වයක්.

මිට අමතරව මෑතකදී ඇති වූ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයන්ගෙන් පසු ශ්රී ලංකාවට ලබාදී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්රතිසංස්කරණ පැකේජයේ කොටසක් ලෙස, ඉන්දීය රුපියල් (INR) නිරූපිත ඩොලර් මිලියන 350ක ණය සීමාවන් (Lines of Credit) සඳහා වන ගිවිසුම් දෙපාර්ශ්වය විසින් හුවමාරු කරගනු ලැබුවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *