මෙම රජය පත් වූ පසු ඇතිවූ පළවන බන්ධනාගර ගැටුම මීගමුවේදී ඇතිවිය. පලවන බන්ධනාගාර ගැටුමේදී හර්ෂණ නන්නත්තාරගේ විග්රහය වූයේ ඔහුද මේ ගැටුම් පිළිබඳ දැනගන්නේ සමාජ මාධ්ය ඔස්සේ බවය. ඉන්පසු සියල්ල පරිපූර්ණයැයි බන්ධනාගාර ගැටුම් අවසාන යැයි , ඔහු වැඩකාරයෙකු යැයි කියා කට ගන්නට ලැබුණේ නැත, මහර බන්ධනාගාරය තුළත් මැගසින් බන්ධනාගාරය තුළත් ගැටුම් හටගත්තේ හර්ශන නන්නත්තාරව තවත් නන්නත්තාර කරවමිනි. මේ නන්නත්තාර වන්නේ හර්ශන පමණක් නොව, ලප දිසානායකගේද, ආණ්ඩුවේද සැබෑ නිරුවත ය. එනම් 1988/89 කාලයේ බස් ගිනි තැබීම්, බැංකු කැඩීම්, පොලිසි ගිනි තැබීම්, මිනී මැරීම් වගේ ආණ්ඩු කිරීම පහසු යැයි ඔවුන් සිතන්නට ඇත. ඒ බව සක්සුදක් සේ පැහැදිලි වනුයේ සංවේදී කාරණයන් ගැන තුලනාත්මකව සිතීමට නොහැකි අගවිනිසුරු කෙනෙකු තබාගෙන ඔහුගේ ධූර කාලය තවත් දීර්ඝ කිරීමට සිතීම තුලින් වේ.
බන්ධනාගාර ගැටුම් තදබදයන්ට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ පොලිස්පතිත් අගවිනිසුරුත්ය. ඔවුන්ගේ ක්රියාකාරීත්වය ලප දිසානායකට තේරුම් ගැනීමට නොහැකිය. පොලිස්පති උත්සාහ කරන්නේ තමා වැඩ්ඩෙකු බව පෙන්වීමටය. අගවිනිසුරු උත්සාහ කරන්නේ තමා ඊට වඩා වැඩ්ඩෙකු බව පෙන්වීමටය. අනුර කුමාර රූපවාහිනියෙන් මූණ දමමින් මත්ද්රව්ය ලංකාවෙන් තුරන් කිරීමට අවශ්ය බවට බුකියට කිව්වා පමණි පොලිස්පතිත් අගවිනිසුරුත් වළං කඩේට පැන්න ගොනුන්සේ එය ක්රියාවට නැංවීමට යාම මෙහි ඇත්ත පැතිකඩය.
වර්තමාන අගවිනිසුරු පත් වූ පසු මහාධිකරණ උසස්වීම් වලට හා සෙසු විනිසුරුවරුන්ගේ වැටුප් වර්ධක හා උසස් වීම් සඳහා සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේදී පැමිණි විනිසුරුවරුන්ගෙන් විමසුවේ එකිනෙක විනිසුරුවරුන්ගේ තීන්දු වලින් වරදකරු කිරීමේ ප්රතිශතය කීයද කියාය. එසේ කීමට නොහැකි වූ අයට සතියක කාලයකින් තම තීන්දුවලින් වරදකරුවන් කල ප්රතිශතය රැගෙන පැමිණිය යුතු බවට දන්වා ඇත. සමහර විනිසුරුවරුන්ගේ වරදකරුවන් කිරීමේ ප්රතිශතය ඔවුන්ම ගණන් සාදා ගෙන සිටි විට ඔවුන්ට දැන්වූයේ මේ විදිහට වරදකරු කිරීමේ ප්රතිශතය මදි පළාතක අපරාධ පාලනය කරන්න එහෙම පුළුවන්ද ? ජනාධිපතිතුමාගේ කතාවල් රූපවාහිනියෙන් දැක්කේ නැද්ද? රාජ්ය ප්රතිපත්ති මේ විදිහට ගියොත් ක්රියාත්මක කරන්න පුළුවන්ද ? යන විදිහටය… එසේම එවැනි විනිසුරුවරුන්ට උසස් වීම් හෝ වැටුප් වර්ධකද ලබා දීමෙන් තොරව ක්රියා කර ඇත.
මෙම කරුණු එළියට එන්නේ එකිනෙක විනිසුරුවරුන් සම්මුඛ සාකච්ඡා අවසානයේ තම හිතවතුන්ට තමාට සිදුවූ දේවල් පැවසීම මතය. එහිදී සියලු විනිසුරුවරුන් මේ පිළිබඳ දැන් අවබෝධයෙන් සිටින අතර මේ සම්මුඛ සාකච්ඡා පැවැත්වූයේ 2026 වසරේ මුල සිටය . එදින සිටම විනිසුරුවරු නිකන් පරිප්පු කන්නට සූදානම් වූයේ නැත. ඉවක් බවක් නොමැතිව පොලිසිය ගෙනෙන ගෙනෙන පුද්ගලයන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමත්, සාක්ෂි නොතිබුනද වරදකරු කර බන්ධනාගාරගත කර දඩුවම් දීමත් තම වෘත්තයේ කොටසක් කරගෙන ඇත. එයින්ද පැවසෙන්නේ ඉහල ඉන්න එවුන් කෙලින පිස්සු වැඩ වලට මෝඩ ජනතාව අත්පොළසන් ගහන විටදී එයින් තැලෙන මහජන සේවකයා රැල්ලට නිතැනින්ම යාම සිදුවන බවය. නැත්නම් ඔවුන්ට ලැබෙන්නේ අවලාදය.
ඒ හේතුවෙන් අධිකරණ පද්ධතිය වැනි පද්ධතියක ක්රියාකාරීත්වය ඉතා සංවේදනීය බව මෝඩ ජනයා දැනගත යුතුය. එකී පද්ධතියට පිස්සෙක් අත තැබුවොත් වන්දි ගෙවන්නට සිදුවන්නේ ජනතාවට බව දැනගත යුතුය.
පොලිසිය අවස්ථාවක් ලදවිට නීතිය දඩමීමා කරගෙන බොරදියේ මාළු බෑමට අති දක්ෂ පිරිසකි. මෙම කාල සීමාව තුළම ඔවුන් සිදු කළේ ප්රදේශයේ විශාල වශයෙන් මත්ද්රව්ය ජාවාරම් කරන තම හිතවතුන් ගේ ලාබයේ කොටස අහිමි කර නොගනිමින් දවසෙ ගංජා කූරක් ගසා එකාට පවා මත්ද්රව්ය ජාවාරම් චෝදනා 54 වගන්තිය යටතේ දමා සතියකට නඩු දහයක් පමණ දැමීමය. මිලි ග්රෑම් 2300-35000 දක්වා මත්ද්රව්ය බර ඇති බව සඳහන් කරමින් ඉදිරිපත් කරන සියලු මත්ද්රව්ය නඩුවල අවුරුදු එකහමාරකට පමණ පසු රස පරීක්ෂක වාර්තා ලැබීමේදී පවතින්නේ මිලිග්රෑම් 200 අඩු ප්රමාණයකි. එනම් මහේස්ත්රාත් අධිකරණය නඩු පැවරිය හැකි සීමාවකි. එසේම වාර්තා රාශියක ඇත්තේ මත්ද්රව්ය හඳුනා ගැනීමක් පමණි. මේවා බොරු නම් ඕනෑම අයෙකුට මහේස්ත්රාත් අධිකරණ සමීක්ෂණයකට ලක් කොට බලා ගත හැකිය. මෙයින් සිදු වූයේ බන්ධනාගාර පුපුරා යන තරම් පිරීමකි.
දැන් නන්නත්තාර කලබලයට තීරණය කර ඇත්තේ ඇප ප්රතිපත්තිය ලිහිල් කරමින් නීති සංශෝධනය කරන බවය. ඒ කියන්නේ මත්ද්රව්යවල බර ප්රමාණයන් වැඩි කොට ඊට අදාලව ඇප ලබාගත හැකි ප්රතිපත්ති ලිහිල් කිරීමය. එහිදී මහාධිකරණය හෝ අභියාචනාධිකරණය මගින් ඇප ලබා ගත යුතු බර ප්රමාණය ඉතා විශාල වශයෙන් ඉහළ නැංවීමය. එවිටද සිදුවන්නේ පොලිසිය විසින් ඊට සාපේක්ෂව තමාගේ ව්යාජ වරද වැඩිකර අධිකරණයට නඩු ඉදිරිපත් කිරීමය. පසුගිය සංශෝධනයෙන්ද වූයේ එය බව නීතිය දන්නා බුද්ධිමත් ජනතාව මෙන්ම විනිසුරුවරුන්ද හොඳින් දන්නා කාරණයකි. එහෙත් නන්නත්තාර එය දන්නේ නැත.
සත්ය දැන ගැනීමට අවශ්ය නම් සමීක්ෂණයක් කරන්න ඕනෑම අයෙකුට හැකියාව ඇත. මෙම හේතු මත අධිකරණ ක්ෂේත්රයට අත තැබිය යුත්තේ ඉතා බුද්ධිමත් පිරිසක් වන අතර පිස්සන් නොවන බව පසක් කර ගත යුතුය.
හර්ශනත්, අගවිනිසුරුත් පොලිස්පතිත් පිස්සන් බව සමාජගත වී හමාරය. මොවුන් දැන් හෝ දැනගත යුත්තේ ගිනි තැබීම් මංකොල්ලකෑම් තරම් ප්රජාතන්ත්රවාදී රාමුව තුළ සැකසුණු සමාජ පද්ධතියක් හා බැඳුණු හරවත් අධිකරණ පද්ධතියක් කළමනාකරණය කිරීම පහසු නොමැති බවය.
එසේ නම් දැන් හෝ මොවුන් තවදුරටත් මෙම රට ගිනි තැබීමෙන් අගාධයට ඇද දැමීමෙන් තොරව ප්රජාතන්ත්රවාදී ප්රවාහය හඳුනාගෙන එම දෙසට ගමන් කළ යුතුය. මොවුන්ගේ මෙම ක්රියාකාරීත්වය හමුවේ පහත අනාවැකියන් මේ අවස්ථාවේම දැක්විය හැක.
01 ස්වාධීන අධිකරණ පද්ධතියක් අහිමි වී යාම.
02 ජාත්යන්තරය හමුවේ ස්වාධීන අධිකරණ පද්ධතියක් ලෙස හඳුනාගැනීමක් නොවීම මත කිසිදු විදේශීය ආයෝජනයක් ලංකාවට නොපැමිණීම.
03 ඩොලරයේ අගය ඉදිරි අවුරුද්දේ කඩා වැටීම තුළින් ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ දීමත් ඒ මත සියලු සමාජ මනුෂයන් දැඩි අර්බුදයකට පත්වීම.
වේ.
