November 17, 2026

ආණ්ඩුවට එරෙහි විරෝධය වලක්වා ගන්න ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ?

0
Shiranthi-Rajapaksa

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ආණ්ඩුවට එරෙහිව ගොඩ නැගෙන ජනතා අප්රසාදය, විරෝධතාවය හා පීඩනය සමනය කර ගැනීම සඳහා වහාම ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගැනීමට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙහිදී ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට ගතහොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මානසික මට්ටමත් පහළට දැමිය හැකි බව වැඩිදුරටත් සාකච්ඡාවී ඇත.

විශේෂයෙන්ම ගල් අඟුරු වංචාව, විදුලි බිල වැඩිකිරීම තෙල් අර්බුදය,මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මුදලක් නොදන්නා ගිණුමකට බැර කිරීම වැනි හේතු නිසා ආණ්ඩුවට දැඩි අභියෝගයන්ට මුහුණ දීමට සිදුවී ඇත.එමගින් වර්ධනය වන දැඩි ජනතා අප්රසාදය මගහරවා ගැනීමට මෙසේ ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම ඉක්මන් කරන ලෙසද වැඩිදුරටත් සාකච්ඡා කල බව දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *