October 21, 2026

සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළෙන්ම පුපුරා ගිය බරපතළ චෝදනා!“දෙපාර්තමේන්තුව අරාජිකයි” බිරිඳ අල්ලස් ලෙස දීලා!අගතියට පත් නිලධාරීන්ගෙන් ජනපතිට ලිපියක්!

0
Sri Lankan Excise Department Exposé

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සිදුවන බව කියන අත්තනෝමතික ක්‍රියාකාරකම්, දූෂණ, බලය අවභාවිත කිරීම සහ තෝරාගත් නිලධාරීන් කිහිපදෙනකුට විශේෂ ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා රැසක් ඇතුළත් ලිපියක් “අගතියට පත් සියලුම සුරාබදු නිලධාරීන්” යන නමින් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.(අදාළ ලිපිය පහත අමුණා ඇත.)

2026 අගෝස්තු 24 දිනැති එම ලිපියේ ආරම්භයේදීම සුරාබදු දෙපාර්තමේන්තුව “අරාජික තත්ත්වයකට” පත්ව ඇති බවට චෝදනා කරයි. එයට ප්‍රධාන හේතුව ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පුද්ගලයන් කිහිපදෙනකුගේ උපදෙස් අනුව කටයුතු කරමින් අනෙකුත් නිලධාරීන්ට අඩත්තේට්ටම් සිදුකරන බවට ලිපියෙන් චෝදනා කර තිබේ.

කොළඹ නගර සුරාබදු ස්ථානාධිපති ගැන චෝදනා

ලිපියේ ප්‍රධාන වශයෙන් නම සඳහන් කර ඇති එක් නිලධාරියකු වන්නේ කොළඹ නගර සුරාබදු ස්ථානයේ ස්ථානාධිපති සම්පත් සිරිමාන්නය.ලිපියට අනුව ඔහු 2015 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර පරාජයට පත්වීමෙන් පසුව සේවයෙන් ඉවත් කර ඇති අතර, පසුව “දේශපාලන පළිගැනීමක්” සම්බන්ධ ක්‍රියාවලියක් යටතේ නැවත සේවයට පැමිණි බව සඳහන් වේ. නැවත සේවයට පැමිණීමෙන් පසු ඔහුට එරෙහිව වංචා හා දූෂණ සම්බන්ධ විනය පරීක්ෂණ ගණනාවක් පැවති බවද ලිපියේ කතුවරු චෝදනා කරති.

එමෙන්ම කුරුණෑගල ප්‍රදේශයේ සේවය කළ සමයේ බීඩි නිෂ්පාදකයන්ගෙන් මුදල් ලබාගෙන රජයට ලැබිය යුතු ආදායම අඩු කළ බවටත්, පසුව විවිධ සුරාබදු ස්ථාන වෙත මාරුවීම් ලබාගෙන අවසානයේ කොළඹ නගර සුරාබදු ස්ථානයේ සේවයට පැමිණ ඇති බවටත් ලිපියෙන් චෝදනා කර තිබේ.තවද දිවයින පුරා බීඩි නිෂ්පාදකයන් සම්බන්ධ වැටලීම් සිදුකිරීමට ඔහුට ඉඩ ලැබී ඇති බවත්, එමගින් ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව මුදල් ලබාගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් ලිපියේ කතුවරුන් චෝදනා කර ඇත.

රාත්‍රී සමාජශාලා සහ විදේශිකයන් පවත්වාගෙන යන ස්ථාන ගැනත් චෝදනා

කොළඹ පිහිටි රාත්‍රී සමාජශාලා සහ විදේශිකයන් විසින් පවත්වාගෙන යන බව කියන ඇතැම් ස්ථානවලින් මාසිකව රුපියල් 250,000ක පමණ මුදලක් ලබාගන්නා බවටද සම්පත් සිරිමාන්නට එරෙහිව ලිපියේ චෝදනා කර ඇත.එම මුදලින් කොටසක් ඉහළ නිලධාරීන් වෙත ලබාදෙන බවටද ලිපිය චෝදනා කරමින්, ඒ හේතුවෙන් අදාළ නිලධාරියාට ආරක්ෂාව ලැබෙන බව එහි කතුවරුන්ගේ ප්‍රකාශයයි.

බිරිඳ අල්ලස් ලෙස දෙන ධීර ගුණසේකර!

අනෙක් නිලධාරියා සුරාබදු අධිකාරී ධීර ගුණසේකරයි. ඔහු කාලයක සිට සුරාබදු පරීක්ෂක අසංක කල්‍යානප්‍රියගේ බිරිඳ තබාගෙන සිටී. ඔහු අසංක කල්‍යා ප්‍රියට දීප ව්‍යාප්ත සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංෂයේ ස්ථානාධිපති කම ලබා දෙන බව පවසා කොළඹට ගෙන්වාගෙන ඇත. අසංක කල්‍යානප්‍රියගේ බිරිඳ ද ධීර ගුණසේකර විසින් සුරා බදු කෙමසාරිස් ජනරාල්වරයාට අල්ලස් වශයෙන් ලබාදෙයි. එසේ කරන්නේ ධීර ගුණසේකර තව නොබෝ දිනකින් බස්නාහිර පලාත් (1) සහකාර සුරා බදු කොමසාරිස් ධුරයේ වැඩ ආවරණය කිරීමට බලාපොරොත්තු වීමය.

අයථා වත්කම් ගැන පරීක්ෂණ “යට ගසනවාද?”

අදාළ නිලධාරියා සතුව අයථා ලෙස උපයාගත් බවට සැක කෙරෙන වාහන කිහිපයක්, ඉඩම් සහ නිවාස ඇති බවටද ලිපියෙන් චෝදනා කර තිබේ.ඒ සම්බන්ධයෙන් ආයතන කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර ඇති නමුත් එම පරීක්ෂණ යටපත් කරමින් සිටින බව ලිපියේ කතුවරුන් පවසති.

දීපව්‍යාප්ත විශේෂ මෙහෙයුම් ඒකකය ගැනත් බරපතළ චෝදනා

ලිපියෙන් තවත් නම සඳහන් කරන්නේ දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නීල් ඒකනායකය.ඔහු දිවයින පුරා මත්පැන් බලපත්‍ර සහිත ස්ථාන සහ බීඩි නිෂ්පාදකයන්ගෙන් විශාල මුදල් ප්‍රමාණ ලබාගන්නා බවටත්, පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට හිරිහැර කරන බවටත් ලිපිය චෝදනා කරයි.

කාර්යාල පහසුකම් පවා අනෙකුත් නිලධාරීන්ගෙන් ඉවත් කර තමන්ගේ භාවිතයට ගෙන ඇති බවට එහි විශේෂයෙන් සඳහන් කර තිබේ.

“නිලධාරීන් දැඩි කලකිරීමක”

මෙම තත්ත්වය හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ට විවිධ හිරිහැර සිදුවන බවත්, ඉදිරියේදී එම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවත් ලිපියේ කතුවරු අනතුරු අඟවති.

“දැනටමත් අනෙකුත් සුරාබදු නිලධාරීන් ක්‍රියාකරන්නේ ඉතාමත් කලකිරීමකින් යුතුවය” යනුවෙන් ලිපියේ සඳහන් කර ඇති අතර, මෙම චෝදනා පිළිබඳ සොයා බලා දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව ඔවුහු ඉල්ලා සිටිති.

ලිපියේ පිටපත් ආයතන රැසකට

එහි පිටපත් ජනාධිපති ලේකම්වරයා, මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, විපක්ෂ නායක කාර්යාලය, පාර්ලිමේන්තු කාරක සභා, අල්ලස් කොමිසම, අයථා වත්කම් සම්බන්ධ අපරාධ විමර්ශන අංශය, මානව හිමිකම් කොමිෂන් සභාව, සියලු පක්ෂ නායකයන්, ජනමාධ්‍ය ආයතන, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසකට යොමු කළ බව ලිපියේ සඳහන් වේ.

දැන් ප්‍රශ්නය — මේ චෝදනා ගැන විමර්ශනයක් තිබේද?

මෙම ලිපියෙන් ඉදිරිපත් කරන චෝදනා සත්‍ය නම් ඒවා පුද්ගල නිලධාරීන් කිහිපදෙනකුගේ විනය ප්‍රශ්නයකට පමණක් සීමා නොවේ. රාජ්‍ය ආදායම එකතු කිරීමේ ප්‍රධාන ආයතනයක් තුළ දූෂණ ජාලයක් ක්‍රියාත්මක වන්නේද, වැටලීම් සහ නියාමන බලතල පුද්ගලික මුදල් ඉපැයීමට යොදාගන්නේද, විමර්ශන ඉහළ බලපෑම් මත යටපත් කරන්නේද යන ප්‍රශ්න ඒ සමඟ මතුවේ.

කෙසේ වෙතත්, ලිපියේ සඳහන් පුද්ගලයන්ට එරෙහි චෝදනා ස්වාධීන විමර්ශනයකින් හෝ අධිකරණ ක්‍රියාවලියකින් තහවුරු වී ඇති බව මෙම ලේඛනයෙන් පමණක් නිගමනය කළ නොහැක. එබැවින් අදාළ නිලධාරීන්ගේ ප්‍රතිචාර ලබාගැනීමත්, ලිපියේ සඳහන් විනය හා වත්කම් පරීක්ෂණවල සැබෑ තත්ත්වය හෙළි කිරීමත් අත්‍යවශ්‍යය.

එසේම 2026 අගෝස්තු 24 දින සිට මෙම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, අල්ලස් කොමිසම හෝ සුරාබදු දෙපාර්තමේන්තුව ගෙන ඇති පියවර මොනවාද යන්න දැන් පිළිතුරු ලැබිය යුතු ප්‍රධානතම ප්‍රශ්නය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed