මරණ දඬුවම බලා සිටින අනුජන්ට සෞදි බන්ධනාගාරයේදී ප්රහාරයක්! හිසට තුවාල!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
ෆේස්බුක් සමාජ මාධ්යයේ පළ කළ අදහසක් මුහම්මද් නබිතුමාට අපහාස කිරීමක් ලෙස සැලකීමෙන් සෞදි අරාබියේදී සිරදඬුවම් විදිමින් සිටියදි මාලිමා ආණ්ඩුවේ අමන විදේශ කටයුතු අමාත්යාංශයේ වැරදි අභියාචනය හේතුවෙන් මරණ දඬුවම නියම වී සිටින ශ්රී ලාංකික සංක්රමණික සේවක සිවරාසා අනුජන්ට බන්ධනාගාරය තුළදී සෙසු රැඳවියන් විසින් පහරදී ඇති බව වාර්තා වේ.
එම ප්රහාරයෙන් අනුජන්ගේ හිසට තුවාල සිදුවී ඇති බව ඔහුගේ පවුලට ආරම්භයේ සිට සහාය ලබාදෙමින් සිටින සමාජ ක්රියාකාරික රාජ්කුමාර් රාජීව්කාන්ත් ප්රකාශ කර තිබේ.රාජීව්කාන්ත් පවසන්නේ අනුජන් බන්ධනාගාරයේ සිටින අතරතුර නැවත ප්රහාරයකට ලක්වීමේ හැකියාව පිළිබඳ බරපතළ කනස්සල්ලක් මතුව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරය සිදුවූ දිනය, ඔහුගේ තුවාලවල බරපතළකම හෝ සිද්ධිය සම්බන්ධයෙන් සෞදි බන්ධනාගාර බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේද යන්න මෙතෙක් වාර්තා වි නෑ.
ඒ අනුව සෞදි බන්ධනාගාර බලධාරීන්, ශ්රී ලංකා රජය, විදේශ කටයුතු අමාත්යාංශය සහ රියාද්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය වහා මැදිහත් වී ඔහුට අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාදීම සහ ආරක්ෂිත රැඳවුම් තත්ත්වයක් තහවුරු කිරීම අවශ්ය බව රාජ්කුමාර් අවධාරණය කර සිටි.
අනුජන්ට එරෙහිව කුමන චෝදනාවක් තිබුණද, කුමන අධිකරණ තීන්දුවක් ලබාදී තිබුණද, රාජ්ය භාරයේ සිටින පුද්ගලයෙකුගේ ජීවිතය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමක්.
මුල් තීන්දුව වසර පහක සිරදඬුවමක්!
නඩු තීන්දුව අනුව, ජූලි 28 වැනිදා සෞදියේ අල්-අහ්සා අපරාධ අධිකරණය අනුජන් චෝදනා දෙකකට වරදකරු කර තිබුණි.පළමු චෝදනාව වූයේ ආගමික වටිනාකම් සහ පොදු සදාචාරයට හානි වන ආකාරයෙන් තොරතුරු ජාලයක් හරහා අන්තර්ගතයක් ප්රකාශයට පත් කිරීමයි.දෙවන චෝදනාව වූයේ මුහම්මද් නබිතුමාට අපහාස කිරීමයි. අධිකරණ තීන්දුවේදී එය ෂරියා නීතිය යටතේ තහනම් ක්රියාවක් ලෙස සලකා තිබූ බව වාර්තා වේ.
ඒ අනුව අනුජන්ට, ඔහු ඒ වන විටත් රඳවා සිටි කාලයද ඇතුළත්ව වසර පහක සිරදඬුවමක් නියම කර තිබුණි.ඊට අමතරව සෞදි රියාල් මිලියන තුනක, එනම් ඇමෙරිකානු ඩොලර් 800,000කට ආසන්න දඩයක්ද නියම කර තිබිණි.
වසර පහක සිරදඬුවම ලිහිල් කරගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහුගේ පවුල අභියාචනයක් ඉදිරිපත් කළේය.එහෙත් එම අභියාචනයෙන් බලාපොරොත්තු වූ ප්රතිඵලයට සම්පූර්ණයෙන්ම ප්රතිවිරුද්ධ තීරණයක් ලැබුණි.සැප්තැම්බර් මාසයේදී අභියාචනාධිකරණය වසර පහක සිරදඬුවම වෙනුවට අනුජන්ට මරණ දඬුවම නියම කළේය.මෙහි තවත් බරපතළ පැතිකඩක් වන්නේ අභියාචනයට පෙර ලබාගෙන තිබූ නීති උපදේශනය සම්බන්ධයෙන් මතුව ඇති තොරතුරුය.
ආණ්ඩුවේ වරද වහගන්න නීති සටනට ශ්රී ලංකාවෙන් සිව්දෙනෙකු!
මේ අතර අනුජන්ට නියම කර ඇති මරණ දඬුවමට එරෙහිව සෞදි ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා ශ්රී ලංකාවෙන් සිව්දෙනෙකුගෙන් යුත් නීති කණ්ඩායමක් සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය.
අතිරේක සොලිසිටර් ජනරාල් අසාඩ් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් එම කණ්ඩායමට ඇතුළත් වෙති.ඔවුන් සෞදි නීතිඥයන් සමඟ සාකච්ඡා කර ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගත හැකි ඉදිරි නීතිමය ක්රියාමාර්ග සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
එහෙත් නීතිමය ක්රියාමාර්ගවල ප්රතිඵල ලැබෙන තෙක් අනුජන් බන්ධනාගාරයේ රැඳී සිටිය යුතු බැවින්, නවතම ප්රහාර වාර්තාව ඔහුගේ ආරක්ෂාව පිළිබඳ වෙනම හදිසි අවදානමක් මතුකර තිබේ.
