October 22, 2026

අන්තවාදීන් සතුටු කරමින් ඥානසාර හිමිට “ජම්පරය” අන්දවයි! අනුර හොර පාරෙන් දාගත් ලක්මාලී වැඩ පෙන්වයි!

0
Sensational News Collage_ Monk Escorted by Police

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර හයක සිරදඬුවමකට යටත්ව සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එම දඬුවමේ ඉතිරි කාලය යළි ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබේ.

ඒ අනුව ඥානසාර හිමියන්ට නියම කර තිබූ සිරදඬුවමේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ ඉතිරි කාලය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

විනිසුරු මඩුල්ලෙන් නියෝගය

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.ඥානසාර හිමියන් සම්බන්ධයෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුව අනුව අත්අඩංගුවට ගෙන සිටි උන්වහන්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

ව්‍යවස්ථා දායක සභාවේ සාමාජිකයන් 10 දෙනාගෙන් විපක්ෂය නියෝජනය නොමැති අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් වන ලක්මාලි කරුණානායක අභියාචනාධිකරණයේ විනිසුරුවරියක් ජනාධිපති අනුර දිසානායක විසින් පත්කර ගත් බව නොරහසකි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සහ නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව සිරදඬුවම යළි ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මෛත්‍රීගේ ජනාධිපති සමාව අවලංගු වීමෙන් පසු තත්ත්වය වෙනස් වෙයි

මෙම නීතිමය ක්‍රියාවලියේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිමය වශයෙන් වලංගු නොවන බවට තීරණය කිරීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා එම ජනාධිපති සමාව බලරහිත කිරීමෙන් පසු, ඥානසාර හිමියන්ට මුලින් නියම කර තිබූ සිරදඬුවමේ ඉතිරි කාලය සම්බන්ධයෙන් යළි නීතිමය පියවර ගැනීමට මාර්ගය විවෘත විය.

ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කරමින් වසර හයක සිරදඬුවමකට යටත් කර තිබුණද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් ජනාධිපති සමාව හේතුවෙන් උන්වහන්සේ එම දඬුවමේ සම්පූර්ණ කාලය ගත කිරීමට පෙර නිදහස් වී තිබුණි.

විවෘත වරෙන්තුවකින් පසු අත්අඩංගුවට

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ඉදිරියට ගිය අතර, ඔක්තෝබර් 01 වැනිදා ඥානසාර හිමියන් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා අභියාචනාධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.පසුව උන්වහන්සේ කළුතර තිනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

අද සිට දඬුවම යළි ක්‍රියාත්මකයි

අභියාචනාධිකරණයේ අද නියෝගයත් සමඟ ඥානසාර හිමියන්ට නියම වූ වසර හයක සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර බලධාරීන්ට නීතිමය උපදෙස් ලැබී තිබේ.අධිකරණ නියෝගයෙන් පසුව ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed